ජනාධිපති ගෝටාභය යටතේ කෘෂිකර්මානතයේ නවෝදයක් ඇතිවුණා.. ගොවියා දිරිමත් වුනා..- WDJ

November 17, 2021 at 3:00 pm | lanka C news

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව කෘෂිකර්මාන්තයට නවෝදයක් ඇති කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩු පාලන සමයේ ගොවියා දිරිමත් කිරීමට කටයුතු කර ඇතැයිද ඔහු පැවසීය.

පොහොර නොමිලේ දීම ආරම්භ කරන ලද නිසා පුරන් වී තිබූ කුඹුරු යායවල් අස්වැද්දී රට සහලින් ස්වයංපෝෂිත වූ බව ද ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී අය වැය දෙවැනි වර කියවීමේ විවාදය ට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

අද ඇතිව තිබෙන අසීරු තත්ත්වය යටතේ ගෙන එන ලද අය-වැය විවේචනය කිරීම සාධාරණ නොවන බවද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

27,874 views

34 Comments to “ජනාධිපති ගෝටාභය යටතේ කෘෂිකර්මානතයේ නවෝදයක් ඇතිවුණා.. ගොවියා දිරිමත් වුනා..- WDJ”

  1. 3% ට බය බයියා. says:

    එහෙනම් ඉක්මනට පළාත් සභා මැතිවරණය තියපල්ලා භය නැතිව .

  2. ඒකබාර් says:

    ඩයනා ගංජා ගැන තවම කිවුවා විතරයි. මෙන්න බඩු වැඩ. 👌🤣

  3. Hu says:

    ඊට කලින් උඹ සනීප වෙලා හිටින්

  4. සිසිල් සුදේශ් says:

    කතාව සහතික ඇත්ත. මීට කලින් කුඹුරට සීමා වෙලා හිටපු ගොවියො පාරවල් දිගේ බව බෝඩ් උස්සගෙන යනවා දැකලා නෑ.

Main News