ජනාධිපති ගෝඨාභය අගමැති මහින්ද එක්ව රට වෙනස් කරමින් සිටිනවා..

December 31, 2019 at 8:40 am | lanka C news
ජනාධිපති ගෝඨාභය අගමැති මහින්ද එක්ව රට වෙනස් කරමින් සිටිනවා..

ආයතනයක,සංවිධානයක හෝ අන්තර් පුද්ගල සබඳතාවක හෝ පැවැත්ම තිබෙන්නේ ඊට සම්බන්ධ සියලු දෙනා අතර ඇති විශ්වාසය මත බවත් ,එය ආණ්ඩුවකට ද පොදු කරුණක් බවත් අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

අවිශ්වාසය හා සැකය මතු වීමට බලපාන හේතු දුරු කරගැනීමෙන් ශක්තිමත් ආයතනයක්,සංවිධානයක් හා අන්තර් පුද්ගල සබදතාවක් දිගු කල් පවත්වා ගෙන යා හැකි බව කී ඒ මහතා ,එය ඉදිරි පැවැත්මට හා දියුණුවට බලපාන ප්‍රධාන සාධකයක් යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ වසර 20 ක සේවා කාලයක් සම්පුර්ණ කළ සේවක සේවිකාවන් ඇගයීම සඳහා එම සමිති පරිශ්‍රයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” සමුපකාර ව්‍යාපාරය එදා අප ජන සමාජයට සුවිශේෂී සේවාවක් සිදු කළා .අද තරඟකාරී වෙළඳ ලෝකයේ වුවද පොදු ජනයාට සමුපකාරයෙන් සිදු වන්නේ මහත් වූ සේවාවක් .කොටපොල විවිධ සේවා සමුපකාර සමිතිය වසර 10 ක් නොකඩවා ලංකාවේ හොඳම සමුපකාර සමිතිය බවට පත් වුණා .ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ ඇගයීම් ද ලැබුණා .එදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමුපකාර ව්‍යාපාරය ආදායම් බද්දෙන් නිදහස් කළා .එය සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමනට ශක්තියක් වුණා .ඒ බව සමහරුන්ට මතක නෑ .

ගමක් -ප්‍රදේශයක් රට තුළ පමණක් නොව ලෝකයේම බබළවන්න පුංචි මිනිස්සුන්ට, පුංචි සංවිධාන වලට පුලුවන් .ඒ සඳහා ලොකු පදවි තානාන්තර හෝ ලොකු ආයතන ම අවශ්‍ය නෑ .අවශ්‍ය වන්නේ විශ්වාසය හා අවංකත්වය මුසු වූ සිතුවිලි සහිත මිනිසුන් .ඒ එක්කම මානව හිතවාදී ගුණයත් ඕනෑ .

අපේ රටේ ඇතැම් නිෂ්පාදන වල කීර්ති නාමය අපේ මිනිසුන් විසින් ම විනාශ කර ගන්නවා .අපේ තේ ටිකට ,අපේ කිතුල් පැණි ටිකට වුනෙත් ඒකයි.මෙහෙම වෙන්නෙ රට ගැන හෝ පිං- පව් ගැන හෝ නොසිතා වැඩ කරන පිරිසක් නිසයි . කෙනෙකු තුළ පරාර්ථකාමී හැඟීම් ඇත්නම් සමාජයට බොහෝ දේ කළ හැකියි .

අප සමාජය තුළ හොඳ දේ අගය කිරීම සිදු වන්නේ අඩුවෙන් .ත්‍රස්තවාදයට එරෙහි සටනේදී රණවිරුවන් ඇගයීමට සාමයට ලැදි හැමෝම එදා ක්‍රියා කළා .ජයග්‍රාහී සටනට එය මහත් ශක්තියක් වුණා .” යහපාලනය “රට බාර ගෙන සිදු කළේ ,අපට නිදහසේ ජීවත් වෙන්න ඉඩ හදා දුන් ඒ රණවිරුවන් අපරාධ කරුවන් ලෙස සැලකීමයි .

යහ පාලකයන් රටම අවුල් කළා .මහ බැංකු මගඩියෙන් රටට වූ අලාභය අති විශාලයි .ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාත් එක් ව කර ගෙන යන නව රාජ්‍ය පාලනය රට වෙනසකට ලක් කරමින් යනවා .එය අප අගය කළ යුතුයි .යමක් හොඳින් සිදු වන විට එය අගය කිරීමෙන් බොහෝ ප්‍රතිපල ගත හැකයි .

සමුපකාර ව්‍යාපාරය කඩා වැටීමට එදා සිට අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම්ද හේතු වුණා .මේවා එහි සාමාජිකයන්ට අයිති දේපල .මෙවැනි තැන් වලින් වැරැදි දේ කර ගන්න දේශපාලකයන්ට ඉඩ දිය යුතු නෑ .පිරිහී ගිය සුලු පිරිසක් නිසා සමස්ත දේශපාලඥයන් දෙස අද ජනතාව බලන්නේ යහපත් හැඟීමකින් නොවේ .එය එතරම් හොඳ දෙයක් වන්නේ නෑ .

වත්මන් පුරවැසියන් සිතුම් පැතුම් වලින් දියුණුයි .ඔවුන් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සුදානමින් ඉන්නෙ.දේශපාලනඥයන් ද එයා තේරුම් ගත යුතුයි .ගමට ගොස් ඡන්දය වෙනුවෙන් බඩු භාණ්ඩ බෙදා දෙන සංස්කෘතිය පිටු දකින්න ඕනෑ .සමාජයට බෙදා හැරිය යුත්තේ යහපත් සිතුවිලියි .ඒ සඳහා පරමාදර්ශී මිනිසුන් අවශ්‍ය වන්නේ යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– Khmedia

174 views

4 Comments to “ජනාධිපති ගෝඨාභය අගමැති මහින්ද එක්ව රට වෙනස් කරමින් සිටිනවා..”

  1. පොඩි බයියා says:

    ඔව් ඔව් ශැංග්‍රිල්ලා අංක2 පටන් ගත්තලු. සිංගප්පූරු සමාගමකට කොළඹ අක්කර 30ක් 99 අවුරුදු බද්දට දෙන්න යනව. යහපාලන ආණ්ඩුවනේ රට විකුණුවෙ. බයියන්ට මරු ආතල්.

  2. nuwaraone says:

    ගෝටා ජනාධිපතිතුමා ට නම් රට වෙනස් කරන්න ලොකු උවමනාවක් තියනවා කියලා අපිට දැන් තේරෙනවා ..නමුත් වටේ ඉන්න පජාති හොරු සෙට් එක සහ අයියානෝ unp එකේ ඉන්න පජාති හොරු එක්ක ඩීල්.දානවා වගේ අපිට දැන් පැහැදිලි වෙනවා ….කරුනාකර ගෝටා මැතිතුමා ට මේක කරන්න දෙන්න කියලා අපි ඉල්ලා සිටිමු…

  3. Bandq says:

    එන්න අපි රැවටෙමු

  4. Bandq says:

    එන්න අපි රැවටෙමු
    කීයටව ත් ගොඩ ගන්න බැරි රටක් මොකා බලයට පත් උනත්
    හොඳම දේ පුළුවන් නම් මේක දාල වෙන රටකට යන එක
    ලමයින්‍ට හරි අනාගතයක් තියේවි

Main News