ජනාධිපති ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි..

July 21, 2020 at 9:20 am | lanka C news
ජනාධිපති ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි..

ජනාධිපති හෝ ආරක්‍ෂත ලේකම් තමනට ලොකු නැති බවත් ජනාධිපති ඉන්නේ අවුරුදු පහක් පහක් බවත් තමන් හිර කලාට වැඩක් නැති බවත් බන්ධනාගාර ලොක්කන් ද මරා දමන බවත් දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කළ සාමාජිකයෙක් වන කොස්ගොඩ තාරක ඇතුළු පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් දැනට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනෙකුට මෙම ප්‍රකාශය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය ට කර ඇති පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය රහස් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

කොස්ගොඩ තාරක ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ ආරම්භ කර තිබූ ආහාර වර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉහත බන්ධනාගාර කොමසාරිස් තිදෙනා බූස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන් විසින් මෙම ප්‍රකාශය කර තිබේ.

‘අපි ළඟ ඕන තරම් ආයුධ තියෙනවා. අපිව හිර කලාට වැඩක් නෑ. මගේ මිනිස්සු ඕන තරම් එලියේ ඉන්නවා. ජනාධිපතිට සෙල්ලම් දාන පුළුවන් අවුරුදු පහයිනේ. අපි මෙතන හිර කරා කියලා වැඩක් නැහැ. එළියෙ යකඩ ඔක්කොම ක්‍රියාත්මකයි. ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්ටත් එච්චරයි. උඹලටත් එච්චරයි. උඹලා බාවනවා’ යනුවෙන් පොඩි ලැසී නැමැත්තා ප්‍රකාශ කළ බව බන්ධනාගාරය කර ඇති පැමිණිලි සඳහන් වී තිබේ.

134 views

51 Comments to “ජනාධිපති ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි..”

  1. ලොලිපොප් මොංගල් says:

    ඕකුන් ආයුධ හංගල තියෙනවා කැලේ. එක එක්කෙනා වෙන වෙනම එක්කගෙන ගිහිල්ලා ඒ ආයුධ ටික දැන්ම ඒවා හොයා ගන්න.

  2. බන්ඩා says:

    කුඩු ජාවාරමුන් සහ පාතාලයන් වහාම ආයුධ පෙන්වන්න රැගෙන යා යුතුය්.

  3. On The Spot says:

    පාතාලය යනු නූගත් සමාජයෙන් බිහිවූ කාඩ්බෝඩ් වීරයින් කොටසකි.ඔවුන් පෝෂණය කලේද ගැලරියට ආතල් දී බලය ලබා ගත් තක්කඩි දේශපාළුවෝය​.මේ එළඹ ඇති මනරම් අවස්ථාවේ අප කල යුත්තේ ඒ තක්කඩි ගැලරි දේශපාළණය සදහටම අතුගා දැමීමයි.බුද්ධිමත්ව එසේ කළ හොත් ජනාධිපතිතුමා,ආරක්‍ෂක ලේකම්තුමා පමණක් නොව මුලු මහත් ජනතාවම ආරක්‍ෂාවී රට යහමගට වැටෙනු ඇත​.කුඩ්ඩන් පාරේ හිඟා කන අබල දුබලයින් වනු ඇත​.
    කුණු කසල ඉවතට,
    රට පෙරට.

  4. නයා says:

    සංවිධානාත්මක අපරාධ වැරදි කරුවන් සඳහා හෝ දැන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.
    ඉවසුවා ඇති.
    ඔවුන්ට වැටහෙන භාෂාවෙන් දැන් ඔවුන්ට පාඩම් කියා දීමට කාලයයි

  5. Nishantha says:

    karuna kara munwa ayuda penwanna ekka yanna.kudu karayo nisa sinhala jathiya winasa wenawa.sinhala apage arakshakaya washayen janapathi thumani mun tika iwarayak karala tharuna jeewitha raka denna

  6. Maha Janaya says:

    What is the the security unarmed innocent people have in this country if this is the situation.

  7. ගමේ වෙදා says:

    හෙරොයින් ජාවාරම් කරුවන් සමාජයට පිලිලයකි. මේ නඩු ඉක්මනින් අවසන් කර වරදකරුවන්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරනු !

  8. kobbekaduwa says:

    Ayuda pennana ekka yamu mun roththama ena gaman Gota ge munata ma oka kiyala enda kiyamu

  9. Ranga Perera says:

    Let kill them on the spot with out involve Any investigations,

  10. Justin says:

    Finnish off all the underworld characters. What to think.

Main News