ජනාධිපති ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි..

July 21, 2020 at 9:20 am | lanka C news
ජනාධිපති ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි..

ජනාධිපති හෝ ආරක්‍ෂත ලේකම් තමනට ලොකු නැති බවත් ජනාධිපති ඉන්නේ අවුරුදු පහක් පහක් බවත් තමන් හිර කලාට වැඩක් නැති බවත් බන්ධනාගාර ලොක්කන් ද මරා දමන බවත් දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කළ සාමාජිකයෙක් වන කොස්ගොඩ තාරක ඇතුළු පිරිසක් බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් දැනට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනෙකුට මෙම ප්‍රකාශය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය ට කර ඇති පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය රහස් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

කොස්ගොඩ තාරක ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ ආරම්භ කර තිබූ ආහාර වර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉහත බන්ධනාගාර කොමසාරිස් තිදෙනා බූස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන් විසින් මෙම ප්‍රකාශය කර තිබේ.

‘අපි ළඟ ඕන තරම් ආයුධ තියෙනවා. අපිව හිර කලාට වැඩක් නෑ. මගේ මිනිස්සු ඕන තරම් එලියේ ඉන්නවා. ජනාධිපතිට සෙල්ලම් දාන පුළුවන් අවුරුදු පහයිනේ. අපි මෙතන හිර කරා කියලා වැඩක් නැහැ. එළියෙ යකඩ ඔක්කොම ක්‍රියාත්මකයි. ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්ටත් එච්චරයි. උඹලටත් එච්චරයි. උඹලා බාවනවා’ යනුවෙන් පොඩි ලැසී නැමැත්තා ප්‍රකාශ කළ බව බන්ධනාගාරය කර ඇති පැමිණිලි සඳහන් වී තිබේ.

56 views

51 Comments to “ජනාධිපති ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි..”

  1. sana says:

    thawa hurathal kara kara hitapalla.

  2. Dikman Aiyya says:

    ….if these go above the nose our country will be like Libya Iraq Syria,…better take some solid steps to stop these nonsense,…now they are threatening the president,…WTF

  3. Rashmi Wasana says:

    chande kaaleta janadipathi la maranna innawa. chanden passe namal kumara wagey nopenee yanawa

  4. Gamini Hewa says:

    මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා නම්,මේ කිසි කරදරයක් නෑ.විනිසුරුතුමන්ගේ අස්සනින් පමණක් එය කළ හැකිවන සේ නීති වෙනස් කරන්න.ජනපති සමාව දීමේ බලය පමණක්, එතුමා දිගට ම තබාගත්තාට වරදක් නෑ.හෙළ රජවරුන් මරණ දඬුවම දෙන විට,එකල වැඩ සිටි රහතුන්වහන්සේලා එයට විරුද්ධව රජුට අනුශාසනා කළේ නැත්තේ, (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි) දඬුවම අවශ්‍ය නිසා ය.

  5. යකඩයා says:

    යකට එලියේ තියනවා නම් පෙන්නන්න කියලා ඡන්දෙන් පස්සේ එක්ක යමු

  6. PULATHISI says:

    වසර පහකට ආසන්න කාලයක් ව්යවවස්ථාදායක, විධායක, අධිකරණ, යන පාලන තන්ත්රේය අවුලෙන් අවුලට පත්කිරීම නිසා වල් වැදූනු රට නැවත ගොඩනැගීමට ගන්නා උත්සාහයේදී පාතාලයන්, මත්ද්ර ව්යො ජාවාරම් කරුවන් සහ ඔවුන්ව මෙහෙයවනු ලබන පරාජිත දේශපාලන නායකයන් ද බොහෝ සේ උරණ වී ඇති බව තාරක සහ පොඩි ලැසී වැනි අපරාධකරුවන්ගේ තර්ජනයන් තුලින් මනාව පැහැදිලිවේ.
    කෙසේ වෙතත් නැවත අපේ මව්බිම ගොඩනැගීමේ උදාර ජාතික මෙහෙවරට උරදී සිටින අතිගරු ජනාධිපතිතුමාට තෙරුවන් බෙලෙන් සහ සියලු දෙවි රැකවරණෙන් සියලු ආරක්ෂා ව සැලසේවා. එසේම සියලු කටයුතු සාර්ථක වී අපේ මවබිමට ද සුභ අනාගතයක් උදා වේවායි සුභාසිරි පතමු.

  7. වරදට දඬුවම නියතයි says:

    සිරකරුවෝද මනුෂ්‍යයෝ කියල විතරක් නොවෙයි කවුරු හරි හරකෙක් ඒක හිරගෙයි තාප්පෙත් ලියෙව්වා. ඒ මෝඩයා නොහිතපු දේ තමයි හිරකාරයෝ අපරාධකාරයෝ කියනඑක. මරණීය දණ්ඩනය නියමවුනවුන් එල්ලන්න ජනාධිපතිගේ අත්සන මොකටද? අධිකරණෙන් දුන්න තීන්දුව ක්‍රියාත්මක කලාම ඉවරයි. මරණ දඬුවම නතරකරන්න හෝ සමාව දෙන්න ජනාධිපතිට තියන බලය තිබුනම හොඳටම ප්‍රමාණවත්. ජනාධිපතිගේ අත්සන ඕන කියන නීතිය ඇතුලත් කරන ලද්දේ නියත වශයෙන්ම අපරාධ සහායකයෙක්.

  8. sam says:

    ellum gaha kriyathmaka kalanam okunta choo yana hati balaganna thibuna

  9. Ceejay says:

    ඒ පිට දාල ටැමිල් ඩයස්පෝරාව මුස්ලිම් ත්‍රස්තවාදීන් ක්‍රියාත්මකයි . පරිස්සම් වෙන්න ජනාධිපතිතුමනි ඔබ නැති උනොත් රටත් ඉවරයි …country cannot afford losing you ..Be Aware .

  10. truth says:

    අගමැතිට සාපේක්ශව ජනාධිපතිට ඇත්තේ ඉතාම සුලු ආරක්ශාවක්. අබමල් රේණුවක ජීවිත තර්ජනයක් නැති අගමැතිට මෙතරම් ආරක්ශාවක් කුමටදැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් .එතුමාට පාතාලයෙන්වත් කුඩු මාෆියා වෙන්වත් මුස්ලිම් අන්තවාදීන්ගෙන්වත් දෙමල ඩයස්පෝරාවෙන්වත් එතුමාට කිසිම ජීවිත තර්ජනයක් නෑ. ඒ සියල්ලෝම මහින්ද මහත්තය ඇහැක් මෙන් සුරකිනවා. නමුත් ජාතියේ පිනට පහල උන ජනාධිපති අපි ආරක්ශා කරගත යුතුයි. ගරු ජනාධිපතිතුමණි රටට ආදරයකරන අප ගැන සිතා හෝ ඔබ තුමාගේ ආරක්ශාව වැඩිකරගන්න. අදාල තනැත්තෙක් මෙය කරුනාකර ජනාඩ්පතිට යොමු කරන්න.

Main News