ජනාධිපති ඝාතන කුමන්ත්රණය.. තීරණාත්මක කටහඬ පරීක්ෂාවකට පොලිස්පති කැදවයි..
January 13, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්රණය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ සදහා කටහඬ පරීක්ෂාවකට පොලිස්පති පුජීත් ජයසුන්දර මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කැදවා ඇ.
පොලිස්පතිවරයා ඒ අනුව හෙට පෙරවරු 09.30ට එහි පෙනී සිටීමට නියමිතය.
අදාල පැමිණිලි කිරීම සිදු කර ඇති දුෂණ විරෝධී බලකා අධ්යක්ෂ නාමල් කුමාර විසින් රහස් පොලීසිය හමුවේ කරන ලද පැමිණිල්ලක් මත සහ බාර දෙන ලද හඬ පට මත පරීක්ෂණ ක්රියාත්මකය.
පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල හෙට දිනයේ ලබා ගැනීමට නියමිත ඒ අනුවයි.