ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන විමල්ගෙන් CID ප්‍රකාශයක් ගනී..
January 28, 2019 at 11:20 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය වෙත පැමිණ සිටී.
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට අදාලව සිදුවන පරීක්ෂණයට ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස කරන ලද දැන්මී දීමක් අනුව මන්ත්‍රිවරයා මෙසේ පැමිණ ඇත.
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉන්දීය ජාතිකයා විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස් ඇතැයි වූ තොරතුරක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශයක් ලබා ගන්නේ යයි සදහන්ය.
දේශද්‍රෝහී වත්මන් ආණ්ඩුවේ දේශපාලන propaganda …මේ .සේරම ජනතාව රැවටීමක් ,ජන්දය ලග නිසා
ගරු වීමල් ට ජය වේවා
ඔව්වා විජාතික බලවේගවල උවමනාවට විමල්ව හිරේවිලංගුවේ දාන්න කරපු කුමන්ත්‍රණ වල ප්‍රථිපල…🤣🤣🤣
අපේ රටේ දේශහිතෙෂි දේශපාලකයෙක් වූ , රටේ ප්‍රශ්න ගැන නිර්භීතව කතා කරන විමල්ට බොරු චෝදනා කිරීම අපි හෙළා දකිමු
මේ ආණ්ඩුව මොකද්ද මේ කරන බොරු චෝදනා ?
මහා බැංකු මගඩියේ හොරු තාමත් නිදැල්ලේ ,රටේ සෑම තැනම LTTE ,ISIS ත්‍රස්තවාදී කදවුරු බැදන් මේවා ගැන නොසොයන්නේ මන්ද ? සුලුජාතික දේශපාලකයින් රටේ ඉඩම් මහා පරිමාණයෙන් කොල්ලා කනවා වෙහෙර විහාර බුදු පිළිම ඩෝසර් කරනවා .පුරාවස්තු විනාශකරනවා ,තේ වතු අවට වනරක්ෂිත ගිනිතියනවා, කැලා කපනවා ඒවා ගැන පරීක්ෂණ නොපවත්වන්නේ මන්ද ?
ඉන්දීය ජාතිකයා මෙවැනි ප්‍රකාශයක් කර ඇත්තේ දෙමල ඩයස් පෝරාවේ ,උතුරේ ජාතිවාදී දේශපාලකයන්ගේ බල පෑම් නිසාද? ඔවුන්ගේ කප්පන් මුදල් වලටද කියා ප්‍රථමයෙන් පරිෂණ කල යුතුයි ..රට ජාතියට ආදරය කරන සිංහලයන් සිරගත කිරීම මේ යමපාලන ආණ්ඩුවේ සිදුකරන දෙයක් ..උදා ..රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම
අපේ මව්බිම අපට අහිමි කරන ද්‍රෝහී මෙහෙයුම යටින් ක්‍රියාත්මක කරමින් ඒවා අමතක කරවීමට ජනතාවගේ අවධානය වෙතකට යොමු කිරීමට සිංහල දේශප්‍රේමී දේශපාලකයන්ට විරුද්ධව ගෙනෙන බොරු චෝදනා වලින් පැහැදිලිව පෙනේ .
ආණ්ඩුව සහ එහි පාලකයෝ මේ කරන්නේ ජනතාව රැවටීමකි යමපාලනය රැකගැනීමට අන්තිම ඉත්තත් ඇදීම
මිනිසුනේ මේ බොරුවලට නොරැවටෙනු
ජන්දේ ලග එනවිට මේවගේ බොරු චෝදනා අපට අසන්න ලැබේවි ..
පබයෙක් වැනි මිනිසෙක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ අවශ්‍යද ? හික් ..හික්…