Exclusive : ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට අදාල පොලිස්පතිගේ හඬපට ගැලපේ…

March 19, 2019 at 9:20 am | lanka C news
Exclusive : ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට අදාල පොලිස්පතිගේ හඬපට ගැලපේ…

(දිවයින පුවත්පතිනි)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයට අදාළව දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා ලබාදුන් හඬ පටයේ තිබූ කටහඬ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ බව රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනයෙන් තහවුරු වී ඇත.

මෙම කටහඬ සාම්පල් වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉකුත් සතියේ භාරදී තිබේ.

මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් දෙවැනි දිනටත් පෙරේදා (17 වැනිදා) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඉකුත් වසරේ නොවැම්බර් මස 25 වැනිදා ද පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළව හඬපට 23 ක් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබිණි.

මෙම හඬපටවල ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ කටහඬ සටහන් වී තිබිණි.

මෙම කට හඬපට තහවුරු කිරීමට මීට පෙර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ද කටහඬ සාම්පල් පරීක්ෂා කිරීමට රස පරීක්ෂකවරයා කටයුතු කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ නාමල් කුමාර නමැත්තා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට හඳුන්වා දී තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් බවයි.

හේමන්ත රන්දුණු
– Divaina

50,549 Viewers

9 Comments to “Exclusive : ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට අදාල පොලිස්පතිගේ හඬපට ගැලපේ…”

  1. Nilame says:

    Polciyata bhavana karanna purudu/ bala karata meya karala thiyenne wena bhavanakne!
    Ikmanin loku thanathurak ganna balaporoththu wela wagei.

    • බයියෙක් says:

      හූ ඇන්පී නෙ…. අයෙ අහන්න දෙයක් නෑ

  2. Dev says:

    Lokuma kumantranaya lankawe una

  3. Nish says:

    මොන කට හඩ තහවුරු උනත් අපේ රැඩිකල් අයියලා ඕක පිලිගන්නෙ නෑ හැබැයි කවදාවත් නොදැකපු සුදු වෑන්නම් විශ්වාස කරනවා.

  4. Boo says:

    පාතාලයන් පොලිස්පතිලා වී, හොරුන් අගමැතිලා වී , බොරු කාරයන් රජවූ මෙවන් කාලයක් ලක්‌ ඉතිහාසයේ කිසිදා නොතිබුනේය.

  5. කපුටා says:

    හරියට ඝාතනයක් වත් අහු නොවී කරගන්න බැරි මෝඩ දුර්වල හත්පොලේ ගාගන්නා ආණ්ඩුවක් මේක .කුමන්ත්‍ර ඔක්කොම ලත් තැනම ලොප්.
    මහින්ද මහත්තයගෙ කාලෙ ඔහොම මාට්ටු උනාද ?
    කොච්චර දක් විදියට වැඩකරපු ආණ්ඩුවක් ද අපිට ජනවාරි 15 දා නැති උනේ ?

  6. වෙන්ඩ අපේක්ෂක ! පොරෝගිරන්ග් එක පොනිලගේ රඟපෑමකි.
    අනිවා අන්තිමට පොදුව ව ගේනවා.

  7. wata says:

    watath niyarath goyam kanam kata me nadu kiyamdo.

  8. Nandasoma Suriyaarachchi says:

    පාතාලයන් පොලිස්පතිලා වී, හොරුන් අගමැතිලා වී , බොරු කාරයන් රජවූ මෙවන් කාලයක් ලක්‌ ඉතිහාසයේ කිසිදා නොතිබුනේය.

    ජනාධිපති කියා කෙනෙක්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කිරීමට සම්බන්ධ අයට නිදහසේ පොලිස්පති, නි. පොලිස්පති, අගමැති වගේ වගකිවයුතු තනතුරු දැරීමට ඉඩ දිය යුතුද?

    විහිලුවට හෝ එවන් කුමන්ත්‍රණයක් කිරීමට උත්සාහ දරා ඇතැයි චෝදනා නැගෙන අය එම රටේ මේ අයුරින් සිටිය හැකිද? ඒ අය ඉවත් නොවේ නම්, ඉවත් කිරීමට බලයක් නැත්නම, ලඟටම ඇවිත් ඝාතනය කරල ගියත් ඔච්චරමයි නේද?

    මෙතන භයානක කම, වෙනත් ඉලක්කයක් වෙත ඝාතන කුමන්ත්‍රණය යොමු වෙලා තිබීමයි….. බොරු කුමන්ත්‍රණය මගින් සැබෑ කුමන්ත්‍රණය සාර්ථක වනතුරු වහ ගන්න උත්සාහ කරණව වෙන්න
    බැරිද???????

    ඒ නිසා අනෙක් අය ප්‍රෙව්ශම් උනොත් හොඳයි….. මහින්ද, ගෝටාභය වගේ විපක්ෂෙ කට්ටිය…..!!!!

Main News