ජනාධිපති ඝාතන තැතක්.. 05 දෙනෙක් අත්අඩංගුවේ..

December 4, 2019 at 9:20 am | lanka C news
ජනාධිපති ඝාතන තැතක්.. 05 දෙනෙක් අත්අඩංගුවේ..

ජනපති ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ සාමාජිකයන්ට ජීවිත අනතුරක් කළහොත් විශාල මුදලක් සමග විදේශගතවීමේ අවස්ථාවක් උදාකරගත හැකි බව කියමින් තවත් පිිරිසක් සමග කුමන්ත්‍රණය කළැයි කටුනායක පොලිසිය පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ‌ගෙන ඇත.

වාලච්චේන පදිංචි මුහම්මද් රිෆ්කාන්, කිලිනොච්චි අක්කරායන්කුලම් පදිංචි ගනේෂලිංගම් මදන්, විශ්වමඩු ධර්මපුරම් පදිංචි වේලු කෝනේෂ්වරම්, විශ්වමඩු කල්ලාරු පදිංචි ගුණරත්නම් නගුලේන්ද්‍රන්, මස්කෙළියේ ආරියරාජන් කමලරාජ් යන අය මේ අනුව කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික ඇතුළු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සීදුව, ජයවර්ධනපුර, අමන්දොළුව අංක 01/16 ලිපිනයේ වූ නිවසක කුලී පදනම මත සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (02 වැනිදා) පස්වරු 2.00 ට පමණය.

මදන් නමැති සැකකරුගේ සොයුරියන් දෙදෙනා එල්ටීටීඊ සංවිධානයේ සිටි අය බවත්, ඉන් එක් අයකු මේ වනතුරුත් පුනරුත්ථාපනය වී නොමැති බවත් හෙළි වී තිබේ.

පසුගිය නොවැම්බර් 28 වැනිදා මෙම සැකකරුවන් තම බෝඩිමේදී බියර් පානය කරමින් සිටියදී මුහම්මදු රිෆ්කාන් නමැත්තා ප්‍රභූ ඝාතන සැලසුම ගැන අනෙක් පිරිසට යෝජනා කර ඇත.

‘‘ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ කෙනකු හෝ එයාලගේ ළඟ හිතවතෙක්ට අනතුරක් කළොත් අපිට විශාල මුදලක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් වුණොත් වෙන රටකට යන්නත් පුළුවන්. මොනවා හරි වුණොත් අපි වෙනුවෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් ඉන්නවා. එයාට කියලා අපිට ඇපයක් හරි දාගන්න පුළුවන්’’ යැයි මුහම්මදු රිෆ්කාන් ගනේෂලිංගම් ඇතුළු පිරිසට යෝජනා කර ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි නම් මෙම තොරතුරු කිසිවකුටත් නොකියන ලෙසත්, තම ඡායාරූප පෙන්වා විමසීම් කළහොත් නාඳුනන බව කියන ලෙසත් රිෆ්කාන් පවසා තිබේ.

මෙම රිෆ්කාන් නමැත්තා සෞදියේ රැකියාවක් කර මෙරටට පැමිණ සීදූවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක සේවය කළ අරාබි හා හින්දි භාෂාව පවා දන්නා අයෙකි. මෙම පුද්ගලයා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව වසර තුනක් තිස්සේ ආශ්‍රය කරන බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. ඇල්ලූ සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන රාජ්‍ය බුද්ධි සේවය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, විශේෂ කාර්යාංශය, බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ඇතුළු ඒකක මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මත විමර්ශන සිදු කෙරේ.

– aruna

117,487 Viewers

22 Comments to “ජනාධිපති ඝාතන තැතක්.. 05 දෙනෙක් අත්අඩංගුවේ..”

  1. Dilshan says:

    Wilpatthu hora at work
    President needs to get more security
    Do not underestimate isis terrorists

  2. රටවැසි says:

    ජනපති තුමනි ඔබ තුමාගේ ( අනෙක් අයත් ඇතුලුව ) ආරක්ෂාව ගැන මීට වඩා සැලකිය යුතු බව යි අපට පේන්නේ .

  3. meya gothana lada prawurthiyak. aramuna ayya wage araksakayin 2500 regena maharaja wennayi . thawa dewal pasuwata peneyi.. DEN NADU SAHAL KILO EKA, 115/ POL 75, THEKOLA 1500, SEENI 120, ELAWALU GINI GANAN, BITTARA 35 ETC. OYA TAX SAHANA MASA THUNKIN IWARAYIGINI lankawa 71 wasarak palanaya kale pawul keepayak weema thama sapaya
    PALA KARAYIDA SEKAYI

    • exUNPer V says:

      ගැහැණු නම් වලින් ලියන U NPනිවට​ නපුංසකයන් හිතන්නේ ලෝකේ අනිත් මිනිස්සුත් උන් ගේ මහ උන් කරනව වගේ බොරුවෙන් වංචාවෙන් ජීවිතෙ ගෙවන බවයි.

    • damian says:

      unp මල ප්‍රේතයන්ට කන්න මයි ඕන​. නිකං කන්න දෙනව නම් ඕන දෙයක්.

    • ඩපයා says:

      තොට අනාගතේ පේනවද? රටේ බහුතරයකටම ඕනේ ගොටාබය නම් තොට තියෙන පුකේ අමාරුව තෝව ඕනේ නැති එක වෙන්නැති.

    • ක්‍රිමිනල් says:

      හොඳ බඩු ගනන් තමයි!
      උඹලවගේ කුණු බඩු තමයි ඔය මරදානෙ පේමන්ට්වල රුපියල් 500 ටත් විකිනෙන්නෙ.

  4. r.s. perera says:

    meya gothana lada prawurthiyak. aramuna ayya wage araksakayin 2500 regena maharaja wennayi . thawa dewal pasuwata peneyi.. DEN NADU SAHAL KILO EKA, 115/ POL 75, THEKOLA 1500, SEENI 120, ELAWALU GINI GANAN, BITTARA 35 ETC. OYA TAX SAHANA MASA THUNKIN IWARAYIGINI lankawa 71 wasarak palanaya kale pawul keepayak weema thama sapaya
    PALA KARAYIDA SEKAYI

  5. Kamal says:

    Onna oya amathiyawa m3ge ellum gahe yawanna one 1 weniyata. U mokada kiyala apa danagathayuthui

  6. Hudson says:

    yes, now time to increase from 4 cars to 20 backup cars.

  7. dukai says:

    ජනපති තුමනි ඔබ තුමාගේ ( අනෙක් අයත් ඇතුලුව ) ආරක්ෂාව ගැන මීට වඩා සැලකිය යුතු බව යි අපට පේන්නේ .

  8. One country says:

    ඔබතුමා ආරක්ෂා වුවහොත් රටේ වැසියන් වන අපිටත් ආරක්ෂාව සැලසේ. නමුත් රාජිත ඇතුලු පජාතයින් වැන්නවුන් සිටින මේ බිමේ ඔබතුමා අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුය. ඔබ තුමාට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි

  9. Tommy says:

    මෙ වැනි සිද්දි මාඩ්‍යට නොදිය යුතුය.
    ප්‍රශ්න කර වාශ්ප කර දාමිය යුතුය

  10. yasas says:

    ජනපති තුමනි, ආරක්ෂාව ගැන මීට වඩා සැලකිය යුතු බව යි අපට පේන්නේ.

  11. country man says:

    The amount of vehicles dose not mean that the president has more security”.ITS THE EFFICIENCY OF THE SECRET SERVICE.”

    • As a former intel officer, in a foreign military organisation in my youth, I wish to contribute my 2-cents worth to the issue. I am in total agreement WITH THE Country man’s comments.
      Due to the vast arsenal of weaponry available to an assassin PILING VEHICLES AND MEN near the President will not totally protect the President. All it needs to target the president is a long-range rifle, even from a distance of a mile. There is also an opportunity for the assassin or group to use an IED DEVICE. Now the best defense against these threats is having solid intelligence. I personally think that the President needs to arrest the politicians who nourished these degenerates(terrorists) and are openly moving around. This exercise should be in tandem with rebuilding our Intel services due to the apathy shown by a deficient past regime.
      We don’t wish to have history as happened to the late Gen Ranjan Wijeratne

  12. SL says:

    Tighten security. Death is irreversible. We need few more leares like him.so country needs you

  13. මෙතුමා තවත් ආරක්ෂාව අඩු කරගන්නෙ ඇයි …කරුනාකර මෙතුමා යන එන ස්ථානවල දැඩි ආරක්ෂාව යොදවීම අනිවාර්යයෙන්ම කල යුතුය ..

  14. Gotaimbara says:

    See whether Swiss Ambassador is also involved.

Main News