ජනාධිපති තර්ජනය කලා යයි ප‍්‍රසිද්ධියේ පැවසීම සදාචාර විරෝධීයි.. විජේදාස ගැන සැකයි..- සරත් වීරසේකර

April 17, 2021 at 12:00 pm | lanka C news
ජනාධිපති තර්ජනය කලා යයි ප‍්‍රසිද්ධියේ පැවසීම සදාචාර විරෝධීයි.. විජේදාස ගැන සැකයි..- සරත් වීරසේකර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමනට තර්ජනාත්මකව ඇමතුවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ පැවසීම සදාචාර සම්පන්න නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ විජයදාස රාජපක්ෂ මහතාට ගැටලු ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී සාකච්ඡා කිරීමට ඉඩ තිබූ නමුත් ඔහු එවැන්නක් සිදු නොකළ බව ද ඇමැතිවරයා පවසයි.

වරාය නගරයේ ආරක්ෂාව බාරව ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට බවත් එම භූමියට හෙලිකොප්ටරයක් වුවද ගොඩබෑමට නියමිත අවසරය ලබාගත යුතු බවත් පැවසූ ඔහු එවන් පසුබිමකදී විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් වැරදි බවද කියා සිටියේය.

වරාය නගර ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවත් මෙය දැන් සිටම කඩාකප්පල් කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බව ද පැවසූ ඔහු විජේදාස මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය ගැන සැකයක් ඇති බවද පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ පැවැති හිසතෙල් ගෑමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

44,378 views

41 Comments to “ජනාධිපති තර්ජනය කලා යයි ප‍්‍රසිද්ධියේ පැවසීම සදාචාර විරෝධීයි.. විජේදාස ගැන සැකයි..- සරත් වීරසේකර”

  1. Sampath says:

    අම්පාරේ තවත් සින්හල බවුද්දයෙකුත් කොලබට පැන්න නේද?

  2. saman says:

    මු වගේ බොරුවෙන්ම ජීවත් වෙන්න කියල කරන්නේ.

  3. Alapaluwa says:

    සහතික ඇත්ත.
    විජේදාසව පොහොට්ටුවෙන් පන්නල ජනාධිපතිතුමාට ඕනම දෙයක් කරල රට පාලනය කරන්න දෙන්න ඕන.
    චීන රජය අපට ඇති තරම් මුදල් දෙනවනම් තවත් මොනාද?
    චීනා කොහොමත් අපිට ආදරෙයි.

    • kawinda says:

      Shehanla kiyanna wage rupiyalata thenak enawa nam Chinen thawa thawa nayata aragena rupiyala uda giya kiyala party daamuko. ledaa merunath bada suddai.

    • Anuradha says:

      මු ජෙප්පෙක් නියම අලපලුවා නොවේ .මු කියන විදියට china ඇවිත් ගෑණිට කෙළලා ගියත් කමක් නැහැ එකයි මු නොකියා කියන්නේ.කාලකන්ණි රාජපක්‍ෂ වහාල්ලු!

  4. Love nature says:

    අමතක කරලමු පැරණි කතා එක් වෙමු ජාතික දියුණ පතා

    මොන විවාද තිබුනත් හෙළයන් හෙළයන් පාවාදීම නතර කල යුතුයි.. සමගියෙන් සාමයෙන් ප්‍රශ්න විසදාගත යුතුය.

  5. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    මෙයා ඇඳපු uniform එකටත් ලැජ්ජයි.

  6. On The Spot says:

    හොඳ වෙලාවට මුන්නැහෙ සරම් අඳින්නෙ නැත්තෙ.මේ ඔළුවෙන් හිට ගන්න හිටගැනිල්ලට සරම් ඇන්ද නම් සදාචාරෙ අන්තර්ජාලයෙන් බලා ගන්න තිබුන​.

  7. MD says:

    මෙයා ඵදා මහින්ද මහත්තයාගේ දරුවන් අපහාසයට ලක් කලා.අද ජනපතිගේ දරුව අපහාසයට ලක් කරනවා.ඩොලර්වලට යටවේලා විජයදාස ඉක්මනින් පිරිහෙන දේශපාලුවෙක් වෙනවා වෙනවාමයි.

  8. B. Anthony says:

    ඒකෙන් සුදු වෑන් එකට වැඩ නැති වුණානේ.

  9. මුලු රටේම සාරය සහ පිහිටිමේ ප්‍රතිලාභ කිසිවිටකුත් මංකොල්ල කෑමට ඉඩකඩ නොතැබිය යුතුයි..! says:

    රටේ පාළනය ගිලිහෙන රටට ශ්‍රෘඡු ප්‍රතිලාභ නොලැබෙන , ආයෝඡකයන් යැයි කියාගන්නා සුඵ පිරිසකගේ ගොදුරක් බවට වෙනම රටක් හෝ වෙනමපාළණයක් ඇතිවන විදිහට වරාය නගරයට කිසිසේත් අවකාශ නෙතැබිය යුතු අතර මාත්‍රෘභුමියේ ශක්තිමත් සහ පළනය තුළ අනීවාර්‍යන් පවත්වාගෙන යාහැකි අන්දමට පමනක්ම සැලසුම් සකස් කළ යුතුයි..! මොනම හේතුවක් නිසා හෝ වෙනම කොටසක්ලෙස කටයුතු කිරිමට හෝ මුලු රටේම සාරය සහ පිහිටිමේ ප්‍රතිලාභ කිසිවිටකුත් මංකොල්ල කෑමට ඉඩකඩ නොතැබිය යුතුයි..!

  10. සතුරන් මංපහරන්නන් ඵකවර රටතළ/වරාය නගරය තුළ ක්‍රියාත්මක විම ඉතාම ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි..! says:

    සියළු කාරණා සරළව නොතැකිය යුතුයි..!
    යම් හෙයකින් ශ්‍රීලංකාවට / චිනයට අහිතකර පුද්ගලයන් සමාගම් ව්‍යාපාර හෝ රාඡ්‍යන් වරාය නගරය නගරය තුල ක්‍රියාත්මක වන්නේනම් ඹවුන්ව කෂනිකව නෙරපාදැමිමට සරළ ක්‍රමවේදයන් අනිවාර්‍යයෙන් භාවිතයට ගැනිමට සුදානම් කර තැබිය යුතුයි..! ඉන්දියාව අරාබිය ඇතුථ අමෙරිකාව දකුණු අප්‍රිකාව ඇතුළුව සුුද්දන්ගේ ආධිපත්‍යට යටවුන සියළුම රටවල්., බ්‍රිතාන්‍යය අයර්ලන්තය ස්කොට්ලන්තය හොලන්ඩ් නෙදර්ලන්ඩ් නිව්සිලන්ඩ් ඡර්මනිය ස්විස්ටර්ලන්තය නෝර්වේ ඡපානය ඹ්ස්ටේලියාව ඇතුළු බොහෝ බටහිර රටවල් ලෝක ආර්ථික මධ්‍යස්ථානය හෙවත් වරායනගරය විනාශකිරිමට නිරන්තරයෙන් කටයුතු කරනු පැහැදිලිවම නිරීකෂණය කරනුලබයි..! සියළු ආරකෂාකාරි විදිවිධානය්ගෙන් සමන්විතව සැලසුම් සකස්කල යුතුයි..! කිසිවෙකුගේ නොසැලකිලිමත් කිසිදු තින්දුවකට තිරණයකට නොයායුතුයි..! ක්‍රමෝපායන් සැලසුම් නොමැතිව කටයුතුකිරීමෙන්.! මහා ධන නිදානය මත සිටින යාචකයන් කසල ශෝධකයන් බවට ශ්‍රීලාංකීය ඡාතිය පත් නොවීමට පාළකයා සහ රඡය බුද්ධිමත්ව කටයුතු කළයුතුයි.! නොමැතිනම් හෙළ ඡාතිය සදහටම වඳවියාමටද ඉඩ ප්‍රස්ථා පහසුවෙන් නිර්මාණය වීමට නියමිතයි..! ම්න්දයත් දුර බැහැර සිටින ලඟ සිටින සහ රට තුල සිටින සියඵ සතුරන් මංපහරන්නන් ගේ ඵකමුතුව රටතළ/වරාය නගරය තුළ ක්‍රියාත්මක විම ඉතාම ගැඹුරින් අධ්‍යනය කළ යුතුමයි..!
    සහසියළු කාරණා සරළව නොතැකිය යුතුයි..!

Main News