ජනාධිපති තාත්තාගේ අතේ එල්ලී චතුරිකා දුව දේශපාලනයට.. රජරටින් සළුවෙන්න යයි..

December 15, 2017 at 10:00 am | lanka C news
ජනාධිපති තාත්තාගේ අතේ එල්ලී චතුරිකා දුව දේශපාලනයට.. රජරටින් සළුවෙන්න යයි..

චතුරිකා සිරිසේන විසින් රචිත ජනාධිපති තාත්තා කෘතිය පොලොන්නරුවේ ජනතාවට පිළිගැන්වීමේ උත්සවයක්‌ පසුගියදා පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්‌ඩපයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය.

එම උත්සවයට වැඩම කොට සිටි මහා සංඝරත්නය ප්‍රමුඛ ආරාධිත අමුත්තන් සියලු දෙනා පිළිගනිමින් පිළිගැනීමේ කථාව කළේ චතුරිකා සිරිසේන මහත්මිය විසිනි.

ඉන් අනතුරුව මහා සඟරුවන වෙත ග්‍රන්ථය පිළිගැන්වීමත්, තමන්ට කුඩා කල පටන් අකුරු කරවූ ගුරු මෑණිවරුන් සහ පියවරුන් වෙත පොත පිළිගැන්වීමත් ඇය විසින් සිදු කළාය. උත්සවයට සහභාගි වී සිටි දහසකට අධික විවිධ තරාතිරමේ ජනයා වෙත ජනාධිපති තාත්තා ග්‍රන්ථය නොමිලයේ ලබාදීම ද විශේෂත්වයකි. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය දුෂ්කර ගම්මානවල ජනයාගේ ජන ජීවිත නගාසිටුවීම සඳහා විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටින සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකටය.

වස විස නැති කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමටත් වකුගඩු රෝග බහුල ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීම සඳහා පානීය ජල ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඇය පෙරමුණ ගෙන සිටින්නීය. මේවායේ අවසාන ඉලක්‌කය සිය පියාගේ අඩිපාරේ යමින් චතුරිකා සිරිසේන මහත්මිය දේශපාලනයට පිවිසීම ද යන කාරණය මේ දිනවල වැඩි දෙනාගේ කතා බහට ලක්‌ වී තිබේ. ප්‍රථමයෙන් ඇය ජාතික දේශපාලනයට නොව රජරට නියෝජනය කරමින් ඉදිරි කාලයේදී පළාත් දේශපාලනයට යොමු වනු ඇතැයි ද ඇතැමුන් පවසති.

මෙදා මහේත් පොලොන්නරුවේ බතට තිත

වී වගාවට ජලය ඉල්ලා නගන ගොවි මැසිවිලි අතොරක්‌ නැතිව මේ දිනවල පොලොන්නරුව පුරාවට ඇසේ. පරාක්‍රම සමුද්‍රයේ හැර දිස්‌ත්‍රික්‌කයේ වෙනත් කිසිදු වැවක මාස්‌ කන්නයේ වී වගාව සඳහා මෙතෙක්‌ ජලය නිකුත්කිරීම ආරම්භ කොට නැත. එයට හේතුව ඒ සෑම වැවක්‌ම තවමත් දියවරින් පොහොසත් නොවීමයි. ඇලහැර මහ ගොවි ජනපදයේත්, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල යන ව්‍යාපාරවලත් කුඹුරු අක්‌කර 60,000 කට අධික ප්‍රමාණයක්‌ මේ වනවිට දිය පිපාසිතව පවතී.

මොරගහකන්ද ජලාශයෙන් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වැව්වලට සහ ඇලහැර ව්‍යාපාරයේ කුඹුරුවලට ජලය නිකුත් කිරීම තවත් දෙසතියකින් පමණ ප්‍රමාද වනු ඇතැයි දැන ගන්නට තිබේ.

එයට හේතුව මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ චීන සමාගම එම කටයුතු නිමවා දිවයිනෙන් නික්‌aම යන්නට පෙර එම වේල්ලේ තත්ත්වය පරීක්‌ෂාවට ලක්‌ කරවීම සඳහා ජලාශය ජලයෙන් පිරවීමේ අවශ්‍යතාව බව එහි වාරි ඉංජිනේරුවෝ පෙන්වා දෙති. ජල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට ගිය ගොවි නියෝජිතයන්ට ද එතෙක්‌ ඉවසා සිටින්නැයි ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. මොරගහකන්ද ජලාශයේ ජලය පොලොන්නරුවේ වැව්වලට නිකුත් කරන තෙක්‌ දැනට එම වැව්වල තිබෙන ජලය මාස්‌ කන්නයේ වී වගාව ආරම්භ කිරීම සඳහා නිකුත් කරන්නැයි ගොවි නියෝජිතයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත. ඒ සම්බන්ධයෙන් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා සහ වාරිමාර්ග අධ්‍යක්‌ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට විසඳුමකට එළඹෙන ලෙස ජනාධිපතිවරයා ගොවි නියෝජිතයන්ට පවසා තිබූ බවද අවසන් වශයෙන් දැන ගන්නට ලැබුණි. කෙසේ නමුදු මෙවර මාස්‌ කන්නයේත් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේද කුඹුරු අක්‌කර විශාල ප්‍රමාණයක වී වගාව ජලය නොමැතිකම හේතුවෙන් අවදානම් සහිත බව පැහැදිලිය.

හාල් පොල් ගිනි ගණන් එළවළුත් එහෙමමයි

රජරට මෙන්ම රටේ සෙසු පෙදෙස්‌වල වෙළෙඳපොළේ සහල් මිල ඉතා අධිකය. පොල් සහ එළවළු ද ඊට දෙවැනි නැත. මහජනතාවගේ වචනවලින් කිවහොත් ඒවා ගිනි ගණන්ය. මේ රටේ සාමාන්‍ය ජනතාව වැඩි දෙනකු ආහාරයට ගන්නා නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 100 කි. සම්බා හෝ වෙනත් සහල් වර්ග ඕනෑම එකක්‌ ඉන් එහා වැඩි මිලකි. පොල් ගෙඩියක මිලද රුපියල් 90 – 95 ක්‌ හෝ 100 කි. පසුගියදා අනුරාධපුර සතිපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 115 ක්‌ දක්‌වා පැවැති බව දැනගන්නට ලැබිණි. මිල අඩුවට තිබෙන එළවළු වර්ග කිසිවක්‌ මේ වනවිට වෙළෙඳපොළේ නැත. උඩරට පහතරට සියලුම එළවළු මිල ඉතා අධිකය. ඇතැම් විට එළවළු ග්‍රෑම් 500 ක මිල රුපියල් සීයකට වැඩිය.

එළවළු බහුලව වගා කෙරුණු රජරට පළාතේ ජනයා ද මේ තත්ත්වය අත් විඳිති. කෙසේ වුවද මේ තත්ත්වය තුළ දිනකට තුන් වේලක්‌ බත් කෑ රජරට ප්‍රදේශවල ගොවි ජනතාව ද බොහෝ දෙනා දැන් එය එක්‌ වේලකට සීමා කර සිටිති. නිවැරදි සංඛ්‍යා ලේඛන නොමැති නමුත් රටේ සෑම තැනම පාහේ එම පිරිස වැඩිවෙමින් තිබෙන බව නොරහසකි.

ඇතැම් විට එම එක්‌ වේලක්‌ අත් හරින්නට සිදු වුවහොත් එය එතරම් පුදුමයට කාරණයක්‌ නොවනු ඇත. මේ රටේ මිල මුදල් යහමින් තිබෙන අය පමණක්‌ කන බොන අන්දම පිළිබඳව ගණන් හිලව් හදා ජනතාවගේ දිවි පෙවෙත සුත මුදිත බවට ආත්ම වංචාවක යෙදීමට බැරිකමක්‌ නැත. නමුත් කලකට පෙර රටේ පැවැති බඩු මිල ගණන්වලට අනුව විශේෂයෙන්ම (හාල්, පොල්, එළවළු) එදිනෙදා වේල සරිකර ගන්නට කියා සොච්චම් මුදලක්‌ උපයාගත් ජනයාට නම් දැන් දවසකට තුන් වේලක්‌ තබා දෙවේලක්‌ බත් කෑමත් අසීරුය. තුන් වේල වෙනුවට දිනකට එක්‌ වේලක්‌ පමණක්‌ නොව බත් කනවා වෙනුවට යාන්තමින් ලෙවකා ජීවත්වන ජනයාගේ ගොඩ වැඩිවෙමින් තිබෙන බව සඳහන් කිරීම සැබෑවක්‌ මිස අතිශෝක්‌තියක්‌ නොවේ.

වනයත් වන ජීවිනුත් දිනෙන් දිනම මකර කටේ

රජරට බිමේ පමණක්‌ නොව තවත් බොහෝ තැන්හි සිදුකෙරෙන වන විනාශයන් දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බැව් ඉතා ප්‍රකටය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානය සෝමාවතිය ජාතික වනෝද්‍යානය වැනි වන සතුන් සඳහාම වෙන්කොට ඇති ජාතික වන උයන්වල ද දැව ජාවාරමුන් වන අපරාධකරුවන් තමනට රිසිසේ හිටි පිනුම් ගසමින් සිටින බව පසුගිය දිනවල අවස්‌ථා කිහිපයකම අනාවරණය විය. එම ජාවාරමුන්ට යටිතල පහසුකම් සපයන ඇතැම් වනජීවී නිලධාරීන් ද සිටින බැව් අසන්නට ලැබිණි.

සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ සිදුකෙරෙන සංවිධානාත්මක දැව ජාවාරම් මැඬලීමට නොහැකිවී ඇතත් එවැනි ඇතැම් වනජීවී නිලධාරීන් එම දැව ජාවාරමුන්ට ලබාදෙන නොයෙකුත් සහයෝගයන් සහ යටිතල පහසුකම් නිසා බැව් අසන්නට ලැබීම ද ඉතාමත් දුක්‌මුසුය. අපේ රටේ වනයත්, වන ජීවිනුත් ආරක්‌ෂා කිරීම සඳහා නීතිමය බලයක්‌ ලබාදී තිබෙන රාජ්‍ය ආයතනවල රාජකාරී කරන නිලධාරීන් මේ අන්දමට තම බලය අනිසි ලෙස යොදවා වන විනාශයට කටයුතු කරන්නේ නම් එහි පැවැත්ම පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු නැත. වනයේ පැවැත්මක්‌ නොමැත්තේය යනු එහි වෙසෙන සතා සිවුපාවගේ ද ජීවිත විනාශය. කවරකුට වුව ද සිතාගත හැක. පසුගිය දිනවල වස්‌ගමුව ජාතික වනෝද්‍යානයේ ආරක්‌ෂාව සඳහා ලබාදී තිබූ ස්‌වයංක්‍රීය ගිනිඅවි සහ ඒවාට යොදන උණ්‌ඩ ඇතුළු ආයුද තොගයක්‌ අවි ගබඩා කඩා සොරාගෙන යැමේ සිද්ධියට සම්බන්ධ කිසිවකු මේ වන තෙක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක්‌ ලැබී නැත. එම ගිනිඅවි සොරකමට ඇතැම් වනජීවී නිලධාරින්ගේ සහාය ලැබී තිබෙන බවට එකල රාවයක්‌ ද පැවතිණි.

කෙසේ නමුත් මේ වන තෙක්‌ම එම අපරාධය අභිරහසක්‌ව පවතී. පසුගිය දිනවල රටේ විවිධ පෙදෙස්‌හි බුරුතු පිටින් සිදුකෙරුණු අලි ඇතුන් ඝාතනවලට මෙම සොරකම් කරගන්නා ලද ස්‌වයංක්‍රීය ගිනිඅවි සහ උණ්‌ඩ ද ඇතැම් විට යොදාගෙන තිබුණ ද එයත් එතරම් විමතියට කාරණයක්‌ නොවනු ඇත.

කෙසේ වුව ද අප රටේ වනයත් වනජීවීනුත් විනාශයේ අභිමුව විලාප නඟනුයේ දැනට කලක පටන්ය.

කරුණාරත්න ගමගේ
– Divaina

94 views

12 Comments to “ජනාධිපති තාත්තාගේ අතේ එල්ලී චතුරිකා දුව දේශපාලනයට.. රජරටින් සළුවෙන්න යයි..”

  1. jagath says:

    Itin Mokada ?????????????? Namal salu uneth tatta hinda ne

  2. Hewage says:

    Sri Lankan Sinhalese fools can cheat by anybody. Sorry poor Sinhaese.

  3. amiya says:

    Pawul deshapalanayata thaththa withdraw kiwwe

  4. Kathuwaraya says:

    Wikinenne nathi poth kohomatath nikam bedala deemai karanne.

  5. David Milli-Banda says:

    Enna Chathurika ……..Ma langata lanwela …
    Mama bohoma asayi Chathu samaga sarungal arinna…………….Chande dennam.

  6. Kadiya says:

    ජනාධිපති තාත්තාගේ ජනප්‍රියතාවය ඊළඟ ජනාධිපතිවරණයට පෙරම බලාගන්න පුළුවන්. එක්කෝ සළු වෙයි, නැතිනම් හෙලුවෙයි.

    • maraya says:

      දුවත් තාත්තා වගේම ඇති ….මහජනතාවගේ බදු මුදල් වලින් රජසැප විදිමින් චාරිකා දැන් දේශපාලනය ගැන සිහින මවනවා වගෙයි
      සිංහල මිනිසුනේ මේ හොරුන්ට නොරැවටී බුද්ධිමත්ව ජන්දය පාවිච්චිකරන්න .
      .මේ යමපාලන හොරුන්ගේ කිසිවකුට ජන්දය නොදෙන්න

    • CAT says:

      අන්තවාදී හම්බයන්ගේ ජාතිවාදී දෙමලුන්ගේ ජන්දෙන් දිනන්නද චතුරිකා හදන්නේ? දවල් සිහින
      , විල්පත්තුවේ මෙතරම් විනාශයක් සිදු වෙද්දී ..රටේ වන උද්‍යානවල ගස් ,සතුන් අලි ඇතුන් ,,පරිසරය විනාශකරමින් මුස්ලිම් කොළණි සෑදීමට ඉඩදී බලා සිටින්නේ ..දුවට දේශපාලනයට ගෙන්න සුළුජාතීන්ගේ සහය ලබා දීමට වෙන්නැති සුලුජාතින් කරන අපරාධ වලට සිරිසේන නිහඩ ? එත් මේ පාර නම් පරදිනවා ..දුවටයි තාත්තටයි අබසරණයි ….

  7. love nature says:

    වී ඇටෙන්, වැලි ඇටෙන්, කැළේ ගස් කොළන් වලින් අසීමිත ලාභ ලබන මිනිස්සු අද පොදු මිනිසා සමඟ ඉන්නේ.

  8. meyata hariyata O.L wath netha …. math ekka sliit eke hitiya…. ehedei love karapu kolla meruwa kiyala aaranchi ettada?????

Main News