ජනාධිපති දෙබිඩ්ඩෙක්.. චණ්ඩි දේශපාලනය දැන් බෑ…- හරීන් වෙනුවෙන් අනුර පෙරට
January 11, 2021 at 2:10 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමනට චරිත දෙකක් ඇතැයි පැවසීමෙන් පෙනී යන්නේ ඔහු දෙබිඩ්ඩෙක් බව යයි ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ චරිත දෙකක් ඇති පුද්ගලයන්ට ගම්වල පවසන්නේ දෙබිඩ්ඩා යනුවෙන් බවයි.
ජනාධිපතිවරයා මේ තරම් කිපී ඇත්තේ ඔහුගේ සම්පූර්ණ නම කීමෙන් නිසා බවද දිසානායක මහතා කියා සිටියේය.
සමාජය බිය වද්දමින් සිදු කරන චන්ඩි දේශපාලනය තවදුරටත් ලංකාවේ දේශපාලනයට වලංගු නැතැයි ජනාධිපතිවරයාට මතක් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ දී පැවති රැස්වීමක් අමතමිනි.
දෙබිඩ්ඩා කියද්දි මටනම් එක සැරේම මතක් උනේ අනුර උගේ ලමයා පුද්ගලික විශ්වවිද්‍යාලයකට යවපු එක.
දෙබිඩ්ඩා කියද්දි මටනම් එක සැරේම මතක් උනේ අනුර සම්බන්දන්ගේ බෙන්ස් කාර් එකට අපේ රණවිරුවන් අපරාධකාරයන් කිරීමට කොටි දෙමළ ඩයස් පෝරාවට සහය දුන් හැටි ..දැන් බොරුවට වත්මන් ජනපතිට අවමන් කරනවා …මහා බැංකුව මංකොල්ලා කද්දී අනුර කොහෙද හිටියේ යහපාලනේ ඇතුලේ නේද ? ලැජ්ජයි
ජේවීපී එකත් පොරවල් උනේ මිනී මරලනෙ. දැන් නිකන් තොත්ත බබාලා වගේ. ලංකාවට මුලින්ම මිනීමරු දේශපාලන සංස්කෘතිය ගෙනාවෙ ජේවීපී එක
hahaha ABC meeta wadiya pahadili kereemak awashaya natha. Anura Kumarayage putha Iraland wala uni ekaka neda LOL..
අනුර දේපළ වෙළද සමාගම