ජනාධිපති දේශපාලන නායකත්වය සපයන්නේ නෑ.. ඔහුට බලයක් නොදී හිර කරලා.. අගමැති වේදනාවෙන්..- පොහොට්ටු මන්ත‍්‍රී

November 27, 2021 at 9:20 am | lanka C news
ජනාධිපති දේශපාලන නායකත්වය සපයන්නේ නෑ.. ඔහුට බලයක් නොදී හිර කරලා.. අගමැති වේදනාවෙන්..- පොහොට්ටු මන්ත‍්‍රී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන බලයක් නොලැබෙන ආකාරයේ ආකෘතියක් තුල ඔහු සිර කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

මෙය ඉතාම සැලසුම් සහගතව සිදුකරන ලද දෙයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිතුමන් මෙම සන්ධානය තුළ නායකයා බවට පත් විය යුතු නමුත් දේශපාලන වශයෙන් එතුමා දේශපාලන බලවේගවලට නායකත්වය සපයන්නේ නැති බව ද ඔහු පැවසීය.

ජනාධිපතිතුමාට එතනින් ඈත් කර වෙනම තැනක සිර කර ඇත්තේ සැලසුම්කරුවන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික මාවතක ගමන් කරවීමට බවද ඔහු පෙන්වා දෙයි.

අගමැතිතුමන් පොහොට්ටු සමුළුවේ දී ඉතාම වේදනාවෙන් කතා කළේ මෙම තත්ත්වය දැකීමෙන් බවද ඔහු පැවසීය.

පවතින තත්ත්වය තවමත් නිවැරදි වී නැතැයි පවසන ඔහු මෙහෙම ගියොත් මෙය කෙළවන්නේ පරාජයකින් බවත් සඳහන් කළේය.

66,288 views

21 Comments to “ජනාධිපති දේශපාලන නායකත්වය සපයන්නේ නෑ.. ඔහුට බලයක් නොදී හිර කරලා.. අගමැති වේදනාවෙන්..- පොහොට්ටු මන්ත‍්‍රී”

  1. sunimal says:

    හමුදාවේ කෙනෙක් කවදාවත් ඔය තත්වයට එන්නේ නැහැ මෙය මුසාවක්.

  2. saman says:

    ඔක්කොමගෙම කෙරුවාව පොහොර හොරකමින් දැක්කා. මේ වගේ කාලෙකත් හොරකන් කලානම් අනිත් දවස් වල කොහොම හොරකන් කරන්න ඇද්ද?????

  3. රජරට බයියා says:

    අපි ලිව්වා, කඩේ ගියා පොහොට්ටුවට, නමුත් දැන් අපිව පඩේකටවත් ගනන්ගන්නේ නෑ බොල.

    මෙවුවා තමයි චන්දයට ඉස්සෙල්ලා ලිවුවේ.

    “හෙල ජාතික අභිමානේ
    වැඩු විරුවන් සේ පොරනේ
    දිනු මව් බිම සව්සිරියෙන් සරසව්
    පිබිදෙව් පිබිදෙව් සැරසෙව්

    ජනාධිපති ගෝටාබය මැතිදුනේ
    අගමැති මහින්ද මැතිදුනේ
    ඔබයි අපේ අභිමානේ
    ඔබ නිසයි අප දේශය රැකුනේ

    සබඳ අපි අපිමනේ
    මවු බිමේ අපි ඉපදුනේ
    එකතුවෙමු මිතුරනේ
    රකිමු දේශය පණ මෙනේ
    එකට ඉමු සැම දිනේ
    පොහොට්ටුව දිනවමු සතුටිනේ

    මහින්ද මැතිදුන් අගමැති කරමින්නේ
    දේශය හා ජාතිය අපෙ රකිමින්නේ
    අපි සැම දෙනා දියුනුව ජීවත් වන්නේ
    හෙලදිවයිනට සරනයි සම්මා සම්බුදු සමිදුන්ගේ.

    හෙල ජාතික අභිමානේ………..//”

  4. පියරත්න ගමගේ says:

    පොහොට්ටු මන්ත්‍රී කිව්ව ම කවුද බෑලුවා. වරප්‍රසාද හෝ තනතුරු නොලත් විමල්ගෙ ගෝලයෙක් කියහං කෝ

  5. 69 ලකෂය නොසලකා කටයුතු කරනු ලබයි,.! says:

    ආණ්ඩුව අප්‍රසාදයට පත්කොට ඇතැම් අයගේ බලතල වැඩි කරගෙන දු දරුවන් අනාගත නායකත්වය සඳහා ඉදිරියට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් මේ ක්‍රියාදාමය නිරීකෂණය කරනු ලබයි.

    කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට නායකත්වය සපයන්නන් ”මහින්ද රනිල් බැසිල් ශිරන්ති ” වහාම හඳුනා ගත යුතුයි.! මක් නිසාදයත් රජයේ පැවැත්මට එය ඍජුවම බලපාන නිසාය.!
    ඡනාධිපති තුමාද වක්‍රාකාරයෙන් ඡන්දයදුන් 69 ලකෂය නොසලකා කටයුතු කරනු ලබයි,.!

  6. ඡන්දයදුන් 69 ලකෂය නොසලකා කටයුතු කරනු ලබයි,.! says:

    ආණ්ඩුව අප්‍රසාදයට පත්කොට ඇතැම් අයගේ බලතල වැඩි කරගෙන දු දරුවන් අනාගත නායකත්වය සඳහා ඉදිරියට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් සියළු ක්‍රියාදාමය තුළින් නිරීකෂණය කරනු ලබයි. කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට නායකත්වය සපයන්නන් ”මහින්ද රනිල් බැසිල් ශිරන්ති ” වහාම හඳුනා ගත යුතුයි.! මක් නිසාදයත් රජයේ පැවැත්මට එය ඍජුවම බලපාන නිසාය.! ඡනාධිපති තුමාද වක්‍රාකාරයෙන් ඡන්දයදුන් 69 ලකෂය නොසලකා කටයුතු කරනු ලබයි,.!

  7. E_Gona Vikunuawa says:

    Dan Kawda ethakota mewa karanne. Agamathi dukenlu, Janadipathi thani velalu, ethakota kawada me mechchara balavath Jandipathitavath agamatitavath control kara ganna bari eka, Basilada?

  8. Vesamuni says:

    ehenam agametitath janapatitath anadenta ekek innawada viyavastave? viyavastavenam nae. namuth pathkala MP lavana ali sabry saha basil yana mun denna ho mun dennama venta onae. gotabaya meeta idadena ekanam gotabaya nandasena pambasirisenatath vada pahala yaemak.

Main News