සුඩාන ජනාධිපති ධුරයෙන් පහකොට අත්අඩංගුවට ගනී.. හමුදාව රාජ්‍ය බලය අල්ලයි…

April 12, 2019 at 3:31 am | lanka C news
සුඩාන ජනාධිපති ධුරයෙන් පහකොට අත්අඩංගුවට ගනී..  හමුදාව රාජ්‍ය බලය අල්ලයි…

වසර 30ක් පමණ බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකර අත්අඩංගුවට ගත් බව සුඩාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

රජයේ රුපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් පැවසුවේ හමුදාව වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවා ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන බවය.

ඔහු පැවසු පරිදි රට තුළ මාස තුනක් හදිසි නීතිය බල පැවැත්වෙනු ඇත..

1989 සිට බලයේ සිටි ඕමාර් අල් බෂීර් ට එරෙහිව මාස කිහිපයක් පුරා උද්ඝෝෂණ පැවැත්විණි.

ඒවා ඇරඹුණේ පසුගිය දෙසැම්බර් මස ඉන්ධන සහ පාන් මිල වැඩිකරන බව රජය නිවේදනය කිරීමෙන් පසුවය.

උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ අන්තර්වාර කාලය තුළ සිවිල් කවුන්සිලයක් මගින් රට පාලනය කළ යුතු අතර එයට හමුදා මැදිහත්වීමක් අනවශ්‍ය බවය.

උද්ඝෝෂකයින් පිරිසක් හමුදා මුලස්ථානය ඉදිරිපිට වාඩිවී සිටින බව වාර්තා විණි.

මේ අතර බලයෙන් පහ කෙරුණු අල් බෂීර් සිටින ස්ථානය හෙළි කර නැත.

සුඩාන ආරක්ෂක අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ ව්‍යවස්ථාව බල රහිත කරන ලද අතර දේශසීමා හුවමාරු ස්ථාන නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බවය.

ගුවන් කලාපය පැය 24 කට වසා දැමු බව‍ද ඔහු සඳහන් කළේය.

රට තුළ සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ක්‍රියාකරන බව සුඩාන රහස් ඔත්තු සේවය පැවසීය.

– BBC

48 views

4 Comments to “සුඩාන ජනාධිපති ධුරයෙන් පහකොට අත්අඩංගුවට ගනී.. හමුදාව රාජ්‍ය බලය අල්ලයි…”

  1. n.s fasions kurunegala says:

    ekath iwarai

  2. desta says:

    okkoma netath ape agamethi yawa beida allanna

  3. Kadiya says:

    එතකොට රනිල්ව අගමැතිකමින් ඉවත්කරපු වෙලාවේ උඩ පැනගෙන ආපු බටහිර බූවලු තානාපතිලාගේ සුඩානේ පොරවල් බුදිද? ප්‍රජතන්ත්‍රවාදය හරි මොන වදයහරී රකින්නේ නැතිද? අපේනම් බටහිර බූවලු තානාපතිලා ජඩසුරියව මෙහෙයවලා ප්‍රජාතන්ත්‍රවදය ඉදිරියටත් ගෙනියන්න සෙට්කලා.

    • බූටෑවෙි රටෙිරාළගෙ මුණුපුරා. says:

      ගොනා උනාට උමිබෑ නොකියා ජාත්‍යන්තර දේශපාලන තොරතුරු කියවපං.
      සුඩානයේ පසුගිය අවුරැදු 30 උනදේවල් කියවපං.
      උංට එල්ලවුණු ජාත්‍යන්තර පීඩන ඉගෙන ගනිං.
      උඹ හිතා ඉන්නෙ ලෝකෙ තියෙන්නෙ ලංකාවෙ ඇතුලෙ කියලද?

Main News