ජනාධිපති ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි.. 2023 දක්වා එනම් වසර 08ක් ඉන්නත් අවස්ථාව..

July 6, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි.. 2023 දක්වා එනම් වසර 08ක් ඉන්නත් අවස්ථාව..

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තම ධුර කාලය ආරම්භ වන්නේ හා අවසන් වන්නේ කවදාදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

ඒ අනුව ඉදිරි සතියේ දී මෙම මතය විමසීම සිදුකරන ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි වාර්තාවන්හි සඳහන් කර තිබේ.

19 ආණ්ඩුකම ව්‍යවස්ථාවට කතානායක වරයා අත්සන් තබමින් එය නීතියක් බවට පත්කර ඇත්තේ 2015 මැයි මස 15 වන දින නිසා එතැන් සිට වසර පහක් සම්පූර්ණ වන්නේ 2020 මැයි මස 15 වන දින නිසා ජනාධිපතිවරයාගේ ධුර කාලය එදින දක්වා ඇතැයි උපකල්පනය කරමින් මෙම මත විමසුම කරන බවද සදහන්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා කියා සිටියේ යම් හෙයකින් 19 වැනි සංශෝධනයට කතානායකවරයා විසින් අත්සන් තබන ලද්දේ 2018දී නම් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2023 දක්වා එනම් වසර 08ක් දක්වා දිව යෑමට හැකියාවක් ඇත්දැයි ප්‍රශ්නයක් ඇති බවයි.

එක් දිනක් හෝ වැඩිපුර බලයේ රැුදී සිටීමේ බල ලෝභීත්වයෙන් සදහා සිදු කරන්නට යන මෙම මත විමසුම අතිශය සදාචාර විරෝදී බවත් ජනාධිපතිගේ ධුර කාලය 2015 ජනවාරියෙන් ආරම්භ වී 2020 ජනවාරියෙන් ස්ථිරවම අවසන් බවත් ඔහු සදහන් කලේය.

59,269 Viewers

13 Comments to “ජනාධිපති ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි.. 2023 දක්වා එනම් වසර 08ක් ඉන්නත් අවස්ථාව..”

  1. sw says:

    අවු .4 න් යනවාය කියාගෙන ආපු කෙනා මලපෙරේතයෙක් වෙලා ?

    • විස්කි මැඩම් says:

      පුළුවන් එකෙක් ඉන්නවා නම් රට පැනපල්ලා. දෙයියනේ කියලා මොකක් හරි කරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි.

    • UD says:

      දුම් ගහල තමයි එළවන්න තියෙන්නේ….

  2. Open mind says:

    මේ සැරේ හරි…..බඩු සූදානම් කරලා ඉවරයි.

  3. රංගජීව​ says:

    කොහොමද ජනාධිපති පුටුවේ රහ​. ආවේ නම් අවුරුදු හතරකට වඩා ඉන්න බලාපොරොත්තුවක් නැහැයි කියාගෙන ඒත් දැන් දාලා යන්න හිත නෑ. අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තන්හාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

  4. gorilla says:

    ඔයා ඒවකරන්න ගියොත් දෝශාභියෝගයක් ගෙනෙයි පර්ලිමේන්තුවෙ 2/3

  5. Buruputha says:

    Kohomada Chathurika duve Janadipathy thaththage vada? Oya thava pothak liyanna mama oyata thaththa gana godak visthara dennam.

  6. P.D Goonawardena says:

    යන්නම බෑ වගේ ……….කොහොමද කිව්වේ නම්…..

  7. As says:

    Okata Ena Hama ekama ohomathamai.
    Marenakalma Inna thamai balance..

  8. පොඩි එකා says:

    කෝ අර සොඳුරු ආඥාදායකයා….?

  9. Nandasoma says:

    අවු .4 න් යනවාය කියාගෙන ආපු කෙනා මලපෙරේතයෙක් වෙලා ?

    අවුරුදු 4ත් වැඩියි කියල කියාගෙන ආව එක්කෙනා දැන් යන්න බැරුව කොහොම හරි ඉන්නමයි හදන්නෙ..!

    කොහොම උනත් 19 වලංගු වෙන්නෙ කථානායක අත්සන් කරපු දිනේ ඉඳල නම්, චන්ද්‍රිකා, මහින්ද ටත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි…. ඇයි, එදා ඉඳල තුන් වතාවක් නෙ ඉදිරිපත් වෙන්න බැරි….!! ඊට කලින් අවස්ථා වලංගු නැහැ නෙ….!!! එහෙම නීතියක් නැහැ….. නීතිය ගෙනාවෙත් ජනාධිපතිගෙ කාලය අඩු කරන්නම නෙ….. ඉතින් ඒක ජනාධිපති උන දවසෙ ඉඳලම වලංගුයි

  10. Kandy says:

    ජනතාව කියනවා 225ම එලවනවා කියා.
    අවුරැදු 71ක් කූඨ ලෙස ලංකාව පාලනයට හා කොල්ලකෑමට බටහිර යොදාගත් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව වෙනුවට නියම ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නැගෙන “ජනතා සභා” වල උත්තරීතර කවුන්සිලයකින් රට පාලනය විය යුුතු බවට ජනමතය ගොඩනැගෙමින් පවතිනවා.
    (සැ.යු :දූෂණය,වංචාව,හොරකම පිටුදැකිය හැක්කේ එම අගතීන් සදහා පාලකයන් පොළබවා රට කොල්ලකෑමට බලවත් රටවල් හා සංවිධාන පිහිටුවාගෙන ඇති නව යටත්විජිත ව්‍යූහය හා යාන්ත්‍රනය අහෝසි කිරීමෙන් පමණි)
    ජනතාව විසින් බටහිර රෑකඩ පක්ෂ,පවුල්,ආණ්ඩු පලවා හරමින් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අහෝසි කිරීම යනු නව යටත්විජිතභාවයෙන් ලක්මාතව නිදහස් වීමයි.
    අධිරාජ්‍යවාදීන් විවිධ නම් හා පාට යොදාගෙන රට රවටන්න බිහි කර ඇති පක්ෂ වලටවත් තම හෙන්චයියන් වන රනිල්ලා,රාජපක්ෂපක්ෂලා,අනුරලා නඩයටවත්,එංගලන්තයෙන් ඇමරිකාවෙන් බස්සවන පැරෂූට් කාරයන්ටවත්,ඔවුන්ගේ ආධාරයට එන බටහිර හමුදාවලටවත් මේ යටත්විජිත පාලනය තවදුරටත් රැක ගත නොහැක.
    යුක්තිගරැක,එඩිතර,බුද්ධිමත් ජනතාවගේ රට බේරාගැනීමේ සටනට ජය නියතයි.

  11. මාතර සුනිල් says:

    දන්න සේරම සෙල්ලන් දැම්ම අගමැති කැරට් අලේ පෙන්නලා ජනාධිපති ටිකට් එක ගන්න. ඒ ලණුව කෑවා නං 2015 කරපු වැඩේම තමයි ගමය මේ පාරත් මහින්දට කරන්නේ. දැන් ඒ නිසා ජනාධිපතිවරණය කල් දාල පාර්ලිමේන්තු චන්දෙ තියන්න බලන්නේ. ඔය මොන ගේම් ගැහුවත් රටේ මීළග ජනාධිපති ගෝටාභය. ඒක ජනතාව තීරණය කරලා ඉවරයි.

Leave a Comment

Main News