ජනාධිපති ධූරයෙන් සමුගන්නා දවස ජනපති කියයි.. අවීචි මහා නරකාදියට ගෙනයන තෙක් නොඉදී..

February 3, 2018 at 8:40 am | lanka C news
ජනාධිපති ධූරයෙන් සමුගන්නා දවස ජනපති කියයි.. අවීචි මහා නරකාදියට ගෙනයන තෙක් නොඉදී..

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ නව ජනාධිපති කොමිසම 02 රාති‍්‍රයේ ගැසට් කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (02) පස්වරුවේ හෙට්ටිපොළ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මෙම බරපතළ වංචා දූෂණ සිදුකළ අය පිළිබඳ ඉදිරියේදී රටට කරුණු අනාවරණය වනු ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා, වැරදි කළ කිසිවෙකුට බේරි සිටීමට හැකි නොවනු ඇති බව ද කියා සිටියේය.

තමන් මෙම වැඩකොටස ඉටුකරන්නේ රට සහ ජනතාව වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිතුමා දූෂිත සාම්ප‍්‍රදායික දේශපාලන ගමන වෙනස් කර නව දේශපාලන ගමනකට රටේ ජනතාව සූදානම් විය යුතු බව ද කියා සිටියේය.

මෙලෙස වංචා දූෂණ පිළිබඳ සෙවීමට කොමිෂන් සභා පත්කරමින් වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමේ ක‍්‍රමය රට තුළ කි‍්‍රයාත්මක වන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන සමයෙන් පසුව බව සඳහන් කළ ජනාධිපතිතුමා වංචාවට දූෂණයට එරෙහි බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය සමග එම වගකීම වෙනුවෙන් අද තමන් කැපවී සිටින බව ද සඳහන් කළේය.

පසුගිය ආණ්ඩු සමයේදී රට තුළ අන්ත දූෂිත ඇමතිවරුන් සිටියත් ඔවුන්ට එරෙහිව එම නායකයින් කිසිඳු පියවරක් නොගත් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එහෙත් පොඩි මිනිසුන්ගේ දුක වේදනාව හා ඔවුන්ගේ දහඩිය සුවඳ හඳුනන නායකයෙකු මෙන්ම ඔවුන් වෙනුවෙන් ජීවිතය පූජාකිරීමට සුදානම් කෙනෙකු ලෙස අද තමන් මෙම වගකීම ඉටුකර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා, තමා ජනාධිපති ධූරයෙන් සමුගන්නේ හොරුන්ට දඬුවම් ලබාදී සහ වංචා දූෂණ සිදු කරමින් ජනතා මුදල් සොරාකන සියලු දෙනාට දඬුවම් ලබාදීමට අවශ්‍ය නව නීති රීති සියල්ල සම්පාදනය කිරීමෙන් අනතුරුව බව ද කියා සිටියේය.

කොළඹ වරාය නගරය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ නගරය අනතුරක බව ලොව පිළිගත් විද්‍යාඥයින් විසින් තර්කානූකුළව පෙන්වා දී තිබෙන බවයි.

පසුගිය නායකයින් මෙම ව්‍යාපෘතියට අත්සන් තැබීමට පෙර නිසි සක්‍යතා අධ්‍යයනක් සිදු කර නොමැතීවීම ඊට හේතුවී තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රටේ සහ ජනතාවගේ ජීවන වියදම් පිළිබඳ මතුව ඇති ගැටලු විසඳමින් ඉදිරියට ගමන් කරන අතර වසර 03 ක් එක්සත් ජාතික පක්ෂයට භාරදී තිබූ රටේ ආර්ථික කළමණාකරණ වගකීම තමා විසින් භාරගෙන අවශ්‍ය විසඳුම් රටත් ජනතාවත් වෙනුවෙන් ලබා දෙන බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා දේශීය කර්මාන්ත හා දේශීය කෘෂිකර්මාන්තය රකින වැඩපිළිවෙළ ද වහ වහා ආරම්භ කරන බව සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින කුරුණෑගල දිස්ති‍්‍රක් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව පැවැත්වුණු අතර දිස්ති‍්‍රක්කයේ අතිවිශාල ජනතාවක් ඊට එක්ව සිටියහ.

පඩුවස්නුවර ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජනහමුවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ටී.බී. ඒකනායක, ඒ.එච්.එම්. ෆවුසි, තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ඉන්දික බණ්ඩාරනායක, ශාන්ත බණ්ඩාර, අතුල විජේසිංහ, සාරානාත් බස්නායක, ගුණදාස දෙහිගම, ලක්ෂ්මන් වෙඩරුව යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මීට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

6 views

8 Comments to “ජනාධිපති ධූරයෙන් සමුගන්නා දවස ජනපති කියයි.. අවීචි මහා නරකාදියට ගෙනයන තෙක් නොඉදී..”

  1. vishnu says:

    අනේ බොල. හිටං ඉන්නෙ නැතිව
    වාඩිවෙයන්

    • kamalasirikuruwita says:

      සිරිසේන මහත්තයෝ , ඔය පැරදිච්ච හොරු වංචා කාරයෝ එක්ක තමන්ගේ නොවෙන තැනක මොන බලය තිබුනත් වැඩක් නැහැ. තවමත් ඔබට මහින්ද සමග එක්වන්න ප්‍රමාද නැහැ. පුහු කයිවාරු , පොර කතා නවත්තල , මෝඩ නියෝජිතයෝ යවන්නේ නැතුව ඔබම කෙලින් මහින්දට කතා කරන්න. කල රැවටීම හා පාවාදීම බරපතල නිසා මහින්දගේ හිතේ නැවත විස්වාසය ඇතිකළ හැකි වැඩ පිළිවෙලකට ගියොත් රටටත් හොඳවෙයි. ඔබටත් හොඳවෙයි. ඔබත් මුල් තැනක ඉඳල මහින්ද අගමැති කරලා, පිරිසිදු රටට හිතවාදී පාලනයක් අපට ලබා දෙන්න. ඔබ ආණ්ඩු පිහිටුවන්න එකතුවුනේ වැරදි මිනිසුන් එක්ක බව , දැන් ඔබ කියන කතා වලින් හොඳටම තේරුම් ගිහින් ඇති . රැවටීම්, බොරුකිම් , පාවාදීම් ,උප්පරවැට්ටි නැතිව දැන්වත් මහින්ද සමග අවන්කවම එකතුවන්න. වෙච්ච වැරදිවලට ජනතාවත් .මහින්දත් ඔබට සමාව දෙන බව අපට විස්වාසයි ඔබ වටේ ඉන්න තමන්ගේ වාසිය හා පැවැත්ම ගැන විතරක් යටි හිතේ තියාගෙන ඉන්න බොරු පුච්චානම් කාරයන්ට රැවටිලා ඔබෙත් රටෙත් අනාගතය විනාස කර ගන්න එපා.

  2. gaps says:

    Austaliya valat narakadiyak athi Nada hutan .

  3. මේකා දැන් මේ මරබියෙන් ගැහෙනවා. මු ගේ පව්ලට සරම් හෝදලම ඇතිවෙලාලු

  4. Hora says:

    මේ ස්ත්ත්‍යයේ නායකයා යි කියාගන්න මෙතුමා මේ රට සහ ජාතිය ගැන මෙච්චර හිතනවානම් , ඇයි මීට පෙර රජයෙන් ඉවත්වෙලා චන්දයකට ඉදිරිපත් වුනේ නැත්තේ ? ඇයි රට මේ කියන තත්වයට පත් වෙනකම්ම සිටියේ? මේවා කියන්න ඇයි අවුරුදු තුනක්ම යනකන් ඉඳලා චන්දයක් ඇත ලඟට එනකම් හිටියේ? මේ වෛරයක් පිරිමන්න නේද මේවා කියන්නේ?

  5. john the baptice says:

    තමන්ගේ තාත්තාගේ කදුළු මීට දින කීපයකට කලිනුත් දුටු බව සිරිසේන මහතාගේ දියණිය පැවසුවා.

  6. love nature says:

    “කඩු ගත්තෝ කඩුවෙන්ම නසිති”

  7. පොලොව පාලන යනවාමයි says:

    ළැදිව රජෙක් බොරු බස් කී විගසකයා
    නැතිව රිද්දි බලයෙන් ඒ මිනිස්කයා
    පොළව පළාගෙන ගොස් වැටුණි නරකයා
    මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා

Main News