ජනාධිපති නියෝගයෙන් සුරක්‍ෂා රක්‍ෂණය අත්හිටුවයි..

March 1, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපති නියෝගයෙන් සුරක්‍ෂා රක්‍ෂණය අත්හිටුවයි..

පාසල් සිසුනට හදුන්වා දී තිබූ සුරක්ෂා රක්ෂණය අත්හිටුවා ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්හිටුවීම සිදු කල බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පැවසීය.

ජනාධිපතිවරයාට එම රක්‍ෂණය සම්බන්දයෙන් ලැබී ඇති පැමිණිලි මත සිදුකරන විමර්ශණයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද ලේකම්වරයා කීය.

විමර්ශනයෙන් පසු රක්‍ෂණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

173 views
Main News