ජනාධිපති නිලධාරීන්ගේ වාහන පෙළපාළිය රුහුණු කුමාරිටත් වඩා දිගයි…- චන්දිම

November 20, 2021 at 12:02 am | lanka C news
ජනාධිපති නිලධාරීන්ගේ වාහන පෙළපාළිය රුහුණු කුමාරිටත් වඩා දිගයි…- චන්දිම

ජනාධිපතිවරයා ළඟ සිටින පහළ නිලධාරීන්ගේ වාහන පෙළපාලිය රුහුණු කුමාරියටත් වඩා දිග යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී 19 පැවැසීය.

ඒ නිලධාරීන් කරන නාස්තිය නවත්වා එම මුදල් අහිංසක සොල්දාදුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේ‍ය.

ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ වාහන තුනක් පමණක් බවත් එය අගය කරන බවත් ඔහු කීවේය.

වීරක්කොඩි මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

හදිසි තීරණ ගත් නිසා කෘෂිකර්මාන්තයෙන් ලොකු අස්වැන්නක් ලබා ගැනීමට තිබූ අවස්ථාව නැතිව ගිය බවත් සංචාරක කර්මාන්තයද අද බිමටම වැටී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

අද යන තත්ත්වය අනුව රට බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වේ දැයි සැකයක් මතුවන බවත් නාස්තිකාර වියදම් අඩු කරන දැක්මක් රටේ තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වාහන ගෙන්වීම සීමා කර තිබියදීත් රටේ ආනයන වියදම වැඩිවී ඇතැයි පැවසූ හෙතෙම මෙයින් පෙන්නුම් කෙරෙන්නේ වැඩපිළිවෙළේ අඩුවක් පවතින බව යැයිද ප්‍රකාශ කළේ‍ය.

තේ වලට කුරුඳුවලට පොහොර නැතුව අපේ ප්‍රදේශවල ජනතාව දුක් විඳින බවත් අද යූරියා මිටියක් රුපියල් දහදාහක් බවත් චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේය

– lankadeepa

46,556 views

13 Comments to “ජනාධිපති නිලධාරීන්ගේ වාහන පෙළපාළිය රුහුණු කුමාරිටත් වඩා දිගයි…- චන්දිම”

  1. Suss says:

    මේවා දානවා වගේම අර සරත් ෆොන්සේකා විමලයාගේ අද පාර්ලිමේන්තුවේදි රෙදි ගලවපු එකත් දාපන්කෝ

    • Saman says:

      මේ මනුස්‍ය ජනාධිපති නිළධාරින්පිට යැව්වේ. මහින්දගේ නමවත් නාමල්ගේ නමවත් චමල්ගේ නමවත් කීමට ඇති බිය නිසා. ඇත්තෙන්ම රුහුණු කුමාරි දුම් රිය ටත් වඩා දිගු පෝලිමක් ඇත්තේ ජනාධිපති නිලධාරින්ගේ නොවේ ඉහත නම් සදහන් අයගේ. මුන් ඒවට කටක් හොලවන්නේ නෑ

  2. Kassapa says:

    අපරාධය සහ දඬුවම
    Crime and Punishment
    ප්යොදෝර් දොස්තයෙව්ස්කිගේ “අපරාධය හා දඩුවම” දිට්ඨිදම්මවෙදනීය කර්මයට වඩා භයානකය.

  3. sam says:

    When My3 and Ranil were given similar or more security resources you made the same comments.

  4. බන්ඩා says:

    වාහන ගෙන්වලා රටට විදේස විනිමයත් ගේන්න පුලුවන්. මිලියන 1.0 කට වැඩි පිටරට රක්ෂා සහ ව්‍යාපාර කරන ලාංකිකයන්ට ඉලෙක්ට්‍රික් වාහනයක් 100% ක $ බද්දක් මත ගෙන්වන්න අවසර දුන්නොත් අවම ලක්ෂයක් දෙනා වාහන ආනයනය කරාවි. ආනයනට හෝ නඩත්තුවට තෙල් ($) බරක් නොමැතිව $ බිලියන 2 කට වැඩි අති විශාල මුදලක් ⁣රජයට උපයා ගන්න හැකි වේවි.

  5. Saman says:

    මේ මනුස්‍ය ජනාධිපති නිළධාරින්පිට යැව්වේ. මහින්දගේ නමවත් නාමල්ගේ නමවත් චමල්ගේ නමවත් කීමට ඇති බිය නිසා. ඇත්තෙන්ම රුහුණු කුමාරි දුම් රිය ටත් වඩා දිගු පෝලිමක් ඇත්තේ ජනාධිපති නිලධාරින්ගේ නොවේ ඉහත නම් සදහන් අයගේ. මුන් ඒවට කටක් හොලවන්නේ නෑ

  6. Sam says:

    මෙච්චර විධායක බලතල තිබිල ඇයි මේව නතරකරන්ඩ බැරි.? හරින් වගේ තුට්ටුදෙකේ හාල්පාරුවොත් සර් ෆේල් කියල කියන එක සාධාරණයි

  7. MD says:

    මාධ්‍ය සංදර්ශන දාන්න යන්නේ නැතුව ඕක ඵක PHONE CALL එකකින් ජනපතිට කියන්න.ඕවා තමයි මෙයාල ආණ්ඩුවට එරෙහිව කරන කඩාකප්පල්කාරී ක්‍රියාවන්.

  8. Sun says:

    This is tax payers money spending for nothing just to show off the foolishness of the big people. Poor man is suffering without food and shelter. This is the level of mentality of the controllers of poor people.

  9. මේ පඩ ෂෝ කාරයෙක්. තවදුරටත් මේ වගේ වැඩකට නූති එවුන් පාර්ලිමේන්තුවට එපා.

  10. Sarath Bulathsinghala says:

    මේ ඇමතිකමක් නොලැබීමේ ශෝක ගීතයයි!