ජනාධිපති නිල නිවෙස අසල විදුලි ට්‍රාන්ස්පෝමරය පුපුරා ගිනි ගනියි… කුරුදුවත්ත පොලීසිය හේතුව මෙතෙක් නොදනි…
June 8, 2017 at 6:48 pm | lanka C news
කොළඹ 07 මහගමසේකර මාවත එනම් ස්ටේනෝමෝර් ක්‍රෙසන්ට් හි පිහිටි ජනාධිපති නිල නිවස ආසන්නයේ පිහිටි විදුලි ට්රාන්ස්පෝමරයක් ඊයේ 7 වෙනිදා දහවල් 12.15 ට පුපුරා ගිනි ගත් බව කුරුදුවත්ත පොලිසිය පැවසු බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.
ගින්න සැලවීමත් සමඟ ගිනි නිවන හමුවේ රථ දෙකක් පැමිණ පැය භාගයකට ආසන්න කාලයක් ගින්න නිවා දැමීමට කටයුතු කල අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පදිංචිව සිටින මන්දිරයට මිටර් 200 ක් ආසන්නයේ මෙසේ විදුලි ට්‍රාන්ස්පෝමරය පුපුරා ගිනි ගත් අතර හේතුව මෙතෙක් නොදන්නා බව කුරුදුවත්ත පොලීසිය පැවසු බව පුවත්පත සඳහන් කරයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ මන්දිරයේ සිටියද නොසිටියද යන්න එම පුවතේ සඳහන් කොට නොමැත.
අලුත් අවුරුද්දේ උදවාත් සමගම මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යෑම නිසා 40 කට අධික පිරිසක් මිය ගොස් දහස් ගණනක් අනාථ වූ අතර ඊට පසු පසුගියදා ගංවතුර නාය යෑම් නිස ජීවිත 300 ක් පමණ අහිමි වී ලක්ෂ ගණනක් අනාථ වූහ.
රටේ ජනාධිපතිවරයා පදිංචිව සිටින අධි ආරක්ෂිත කලාපයේ ජනාධිපති නිල මන්දිරයට ඉතා ආසන්නව හිටි හැටියේ අධි බලති විදුලි ට්‍රාන්ස්පෝමරය පුපුරා ගිනි ගැනිමෙන් කිසිවකුටත් හානියක් නොවු අතර මෙය රටේ තවත් විපතක් සම්බන්ධව පෙරනිමිත්තක් ද යන්න සිතා බැලීමට සුදුසු බව ෆේස් බුක් අතර හුවමාරු වන අනතුරු ඇගවීමකි.