ජනාධිපති පත් කරන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ඉදිරියටත් දෙන ලෙස කැබිනට් පත‍්‍රිකාවක්..

August 17, 2022 at 3:21 am | lanka C news
ජනාධිපති පත් කරන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ඉදිරියටත් දෙන ලෙස කැබිනට් පත‍්‍රිකාවක්..

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ව නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන ස්වරූපයෙන් වන අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් (16) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපේ රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ප්‍රමාණයක් තවදුරටත් ඉදිරි මාස කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව ද එහි සඳහන් වේ. මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබා දී තිබේ.

රටේ ළමා හා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට පෝෂණ සලාකය ලබා දෙනවා වෙනුවට මෙවැනි දේශපාලන ගේම් ගසන බවද පැවසීය.

ජාතික මහජන සභාව-කාන්තා සංවිධාන ක්‍රියාකාරීන්ගේ හමුව (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

රට ගොඩ නගනවා යනුවෙන් සිදු කරන ව්‍යාජ වැඩවලට තමන් සහාය නොදෙන බවත් ආණ්ඩුව විසින් මන්ත්‍රී වෙන්දේසියක් ද සිදු කරන බවත් එවැනි දේ අවශ්ය නොවන බවත් මේ දේශපාලන සූදුවට තමන් සුදානම් නොමැති බව ද පැවසිිය.

– Media unit

25,388 views

5 Comments to “ජනාධිපති පත් කරන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ඉදිරියටත් දෙන ලෙස කැබිනට් පත‍්‍රිකාවක්..”

  1. Truth says:

    Mawa gama malli minisunnta adarayak na fun gannawa

  2. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    සිස්ටම් චේන්ජ් එකට හොද උදාහරණයක් .අරගලයට ජයවේවා !

  3. S.Vitharana says:

    හලෝ විපක්ෂනායක තුමා, ඔයා නොකරන දේවල් අහල අපට ඇතිවෙලා තියෙන්නේ. දැන්වත් කරන දේවල් කියන්න.

  4. The man says:

    This is kaputas involvement again people will walk to the road to find a solution to get this government out need a election

  5. දියසේන කුමාරයා says:

    අල්ලස් දීම සහ ගැනීම රටේ වියවස්ථාවෙන්ම නීති විරෝධී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇති රටක මේ වගේ අල්ලස් දෙන්න කැබිනට් පත්‍රිකාවක්?
    සාමාන්‍ය ජනතාවට කියන්නේ සැමට නීතිය එකසේ ක්‍රියාත්මක වෙනවා කියලා. මේ මන්ත්‍රී වරු මේ රටේ නීති පද්දතියට යටත්වනේ නැතිද?
    කෝ මේ අර-ගල් කාර ගංජා කාරයෝ? ඔවුන් කලේ ඩයස්පෝරා අධාර වලින් බුරියානි කාලා, කුඩු ගහලා ආතල් අරන් සමහරු කාර්පවා අරන් තහනම් කරතිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානවල තහනම ඉවත්කරදීම සහ මේවගේ දුරදිග යන අල්ලස් දීම් වලට පාරකපා දීම විතරයි නේද? ජනතාව ප්‍රතික්ෂේප කල පක්ෂ නම් කියන්නේ අරගලය දිනුවා කියලා. ප්‍රජාතාන්ත්‍රිකව මන්ත්‍රී කමෙනුත් ඉවත් කල රනිල් විධායක ජනාධිපති වුනා එත් ඔවුන් කියනේ ජනතා අරගලය දිනුවා කියලා, මට පෙන්නේ ඔවුන් අර-ගල් දවස්වල ගහපු කුඩුවල ගංජාවල මත ඔවුන්ට තවමත් තියෙනවා කියලා.
    අර-ගල වලට පෙරමුණ ගත් අන්තර් විශ්වවිද්ද්‍යාල ශිෂ්‍යබල බළල් අතේ මෙහෙවුම් පක්ෂය වන කුරුටුගාමී පක්ෂය කියන්නේ රටේ වියවස්තාදායක සභාවට උපදෙස් දෙන්න මේ ගල්මූසල අර-ගල් කුඩු කාරයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් හදන්න ඕනෑ කියලා. අහෝ මෙරට කවදා දියුනුකරයිද? දියුනුවෙයිද?

Main News