ජනාධිපති පත් කල අමාත්‍යාංශය ලේකම්ට වැඩ භාරගැනිමට ඉඩ නොදේ… ආවොත් පන්නනවා… අවසානයේ ඕන ලේකම් කෙනෙකු පත් කර ගන්නැයි රාජිතට ජනාධිපති කියයි…
June 12, 2017 at 10:25 pm | lanka C news
ජනාධිපතිවරයා වෙත පැවරි ඇති විධායක බලය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලබා දී ඇති බලය අනුව පසුගිය දා අමාත්‍යාංශය කිහිපයකට නව ලේකම් වරුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි.
ඒ අනුව එතෙක් ජනාධිපතිවරයා යටතේ තිබු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ හිටපු ලේකම් උදය සෙනෙවිරත්න මහතා ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය හා පෝෂ්යණ අමාත්‍යාංශයේ නව ලේකම් වරයා ලෙස පත් කරන ලදි.
එහෙත් එම ලේකම්වරයාට අමාත්‍යාංශයේ මෙතෙක් රාජකාරි භාරගැනීමට අවස්ථාවක් හිමිව නැත. මෙහිදී මෙම පත්වීම සම්බන්ධව එම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න මහතා විරුද්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තමාගේ අප්‍රසාදය පලකොට ඇත.
මේ අනුව ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත දන්වා ඇත්තේ තමා පත්කල ලේකම් ඉවත් කර ගන්නා බවත්, රාජිත සේනාරත්න අමාත්‍යවරයාට කැමති පුද්ගලයකු තෝරා එවන ලෙසත් ඒ අනුව ජනාධිපතිවරයා එම පත්වීම නැවත සිදු කිරීමට එකඟ වු බවකි. ඒ අනුව ඉදිරියේදි නව ලේකම්වරයෙකු උදය සෙනෙවිරත්න මහතා වෙනුවට පත්කෙරෙනු ඇත.
එහෙත් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ වැරදිලා හෝ ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයාගේ නොවිමසා පත්කල උදය සෙනෙවිරත්න මහතා රාජකාරි සඳහා අමාත්‍යාංශයට පැමිණියේ නම් ඔහුට රාජකාරි නොකිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කොට තිබු බවයි.