ජනාධිපති පත් කල අමාත්‍යාංශය ලේකම්ට වැඩ භාරගැනිමට ඉඩ නොදේ… ආවොත් පන්නනවා… අවසානයේ ඕන ලේකම් කෙනෙකු පත් කර ගන්නැයි රාජිතට ජනාධිපති කියයි…

June 12, 2017 at 10:25 pm | lanka C news
ජනාධිපති පත් කල අමාත්‍යාංශය ලේකම්ට වැඩ භාරගැනිමට ඉඩ නොදේ… ආවොත් පන්නනවා… අවසානයේ ඕන ලේකම් කෙනෙකු පත් කර ගන්නැයි රාජිතට ජනාධිපති කියයි…

ජනාධිපතිවරයා වෙත පැවරි ඇති විධායක බලය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලබා දී ඇති බලය අනුව පසුගිය දා අමාත්‍යාංශය කිහිපයකට නව ලේකම් වරුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි.

ඒ අනුව එතෙක් ජනාධිපතිවරයා යටතේ තිබු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ හිටපු ලේකම් උදය සෙනෙවිරත්න මහතා ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය හා පෝෂ්‍යණ අමාත්‍යාංශයේ නව ලේකම් වරයා ලෙස පත් කරන ලදි.

එහෙත් එම ලේකම්වරයාට අමාත්‍යාංශයේ මෙතෙක් රාජකාරි භාරගැනීමට අවස්ථාවක් හිමිව නැත. මෙහිදී මෙම පත්වීම සම්බන්ධව එම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න මහතා විරුද්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තමාගේ අප්‍රසාදය පලකොට ඇත.

මේ අනුව ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත දන්වා ඇත්තේ තමා පත්කල ලේකම් ඉවත් කර ගන්නා බවත්, රාජිත සේනාරත්න අමාත්‍යවරයාට කැමති පුද්ගලයකු තෝරා එවන ලෙසත් ඒ අනුව ජනාධිපතිවරයා එම පත්වීම නැවත සිදු කිරීමට එකඟ වු බවකි. ඒ අනුව ඉදිරියේදි නව ලේකම්වරයෙකු උදය සෙනෙවිරත්න මහතා වෙනුවට පත්කෙරෙනු ඇත.

එහෙත් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ වැරදිලා හෝ ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයාගේ නොවිමසා පත්කල උදය සෙනෙවිරත්න මහතා රාජකාරි සඳහා අමාත්‍යාංශයට පැමිණියේ නම් ඔහුට රාජකාරි නොකිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කොට තිබු බවයි.

67 views

28 Comments to “ජනාධිපති පත් කල අමාත්‍යාංශය ලේකම්ට වැඩ භාරගැනිමට ඉඩ නොදේ… ආවොත් පන්නනවා… අවසානයේ ඕන ලේකම් කෙනෙකු පත් කර ගන්නැයි රාජිතට ජනාධිපති කියයි…”

  1. Dharshana says:

    අයියෝ සිරිසේන!!!

  2. Upali says:

    අමාත්‍යංශයකට ලේකම් කෙනෙක් පත්කර ගන්ඩවත් බැරි ඔය මහ පුටුව දෙන්ඩ ලමයෙකුට!

    • මහදැන මුත්තා says:

      සිංහල මිනිසුනේ දැන් සිරිසේන පබයා ඉවත්කිරීමට කාලය හරි .. තවත් බලා සිටින්නේ මන්ද ?
      උබලගේ ඇස් ගෙඩි වලට හෙන ගහලද ? අපේ රට අනතුරේ

  3. jayamal says:

    තමන් සතු විධායක බලතල ක්‍රියාත්මක කර ගැනීමට ජනපති තුමාට ශක්තියක් නැත්නම් ඔය තනතුරට ඔබතුමා සුදුසු නැති බවත් මේ රටේ ජනතාවට පිලිගන්නම සිද්ධ වෙනවා. හරිම කණගාටුයි.

    • sayumi says:

      අනේ ජයමල් ඔබව දැක්ක කල් ඊයේ දවසෙම මන් ඔබව හෙව්වා. දකින්න ලැබීම ලොකු සතුටක්.ටිකක් වැඩ වැඩි නිසා මටත් කලකින් එන්න බැරි උනා ජයමල්. Micro Man නුත් ඔබව මතක් කරලා තිබුනා.අසරණයා නම් නිතර දකින්න ලැබීම සතුටක්.
      ගංවතුරෙන් නම් කරදරයක් නෑ Micro Man සොයුරා. ජයමල් ඔබත් හොඳින් නේද ?

      • jayamal says:

        ඔබ දකින්න ලැබීමත් හැම විටම සතුටක් සයුමි, Micro Man දැකීමත් එසේමයි. ගංවතුරෙන් නම් හානියක් නැහැ. රටට යන කල ගැන හිතලාම ලෙඩ වෙන්නත් කඩා වැටෙන්නත් ලං වෙලා ඉන්නේ. ඔබව දකින හැම විටම ඉබේටම වගේ පිලිතුරු ලියවෙනවා. ඒත් ඔබ දකිනවද ඒවා කියලා සැකයි.

  4. kasun says:

    අනේ කාලේ වනේ වාසේ, මේකට තමා කියන්නේ රටට නායකයෙක් ඕනේ කියලා , රාජිත පන්නල දමන්නේ නැතිව මොනවද මේ කරන්නේ

  5. ඇත්ත says:

    ජහපාලනේ……

  6. රාහුල කොලුවා says:

    අනේ රටක විධායක ඡනාධිපතිවරයෙක් වැටිච්ච තැන… හෙට අනිද්දට නියෝඡ්‍ය ඇමතිටත් රාඡ්‍ය ඇමතිටත් ඔළුව පාත් කරන්න වෙයි… ඔය ඡනාධිපතිකම කරනවට වැඩිය හොඳයි…….

  7. daham says:

    menna konda pana athi janaadhipathi. thuh nodakin

  8. simion says:

    මට මතක් වෙන්නේ ඉස්සර අපේ අප්පොච්චා කියපු කතාවක්..ඕං..අපේ හාමුදුරුවනේ…’බල්ලගේ පස්ස පැත්තේ බැඳපු මී වදයක් වගේ’ කියලා…ඒ කියැව්වේ කිසි වැඩකට නැති දේකට…අපේ අතිගරු ජනාදිපති උත්තමයගේ විධායක රාජතාන්ත්‍රික බලයත් එහෙම එකක් නොවැ බලාගෙන ගියාම…දාන දාන හෑම නීතියක්ම, නියෝගයක්ම හෑම සිපයියෙක්ම තර්ජනය කරල බය කරලා උන්ට ඕනෙ ඕනෙ විදියට වෙනස් කර ගන්නවා නොවැ..

  9. LASTMAN says:

    This ignorant/ weakest man said that he did a revolution on JAN 8.

  10. Gama says:

    Sarala janadipathi…….hodaaaaaai.

Main News