ජනාධිපති පත් කල අලූත් සෞඛ්‍ය ලේකම් එපා..- රාජිත කෙලින්ම කියයි..

June 15, 2017 at 10:40 am | lanka C news
ජනාධිපති පත් කල අලූත් සෞඛ්‍ය ලේකම් එපා..- රාජිත කෙලින්ම කියයි..

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කරන ලද උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කිරීම ගැන තමන් විරෝදය දැක්වූ බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කියයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ තම සැලසුම් කර ඇති සැලසුම් ඉදරි වසර තුනක කාලයක් ක‍්‍රියාත්මක වීමට නියමිතව ඇති නිසා එන පෙබරවාරියේදී විශ‍්‍රාම යාමට නියමිතව සිටින උදය සෙනෙවිරත්න මහතා එම සුළු කාලයට ලේකම් ලෙස පත් කිරීමට නිෂ්ඵල දෙයක් බවද ඔහු සදහන් කරයි.

තම සුලසුම් සමග සූදානම් වීමට පවා අවම තුන් මාසයක කාලයක් නව ලේකම්වරයාට ගතවනු ඇති බවද සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටී.

42 views
Main News