ජනාධිපති පාස්කු ප‍්‍රහාරය කලා කීවේ ආතල් එකට.. මා කීවේ බොරු.. මට සමාවෙන්න..- අශෝක් අබේසිංහ රහස් පොලිසියේ බැගෑපත් වේ..

March 11, 2021 at 10:24 pm | lanka C news
ජනාධිපති පාස්කු ප‍්‍රහාරය කලා කීවේ ආතල් එකට.. මා කීවේ බොරු.. මට සමාවෙන්න..- අශෝක් අබේසිංහ රහස් පොලිසියේ බැගෑපත් වේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු බෝම්බ ප‍්‍රහාරය සැලසුම් කල බවට තමන් සතුව කිසිදු සාක්ෂියක් නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කර තිබේ.

ජන හමුවකදී කරන ලද එම ප‍්‍රකාශය ගැන රහස් පොලිසිය විසින් ඔහුගෙන් සිදු කරනු ලද ප්‍රශ්න කිරීමේ දී අද දිනයේ මේ බව හෙළි කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද කියා සිටියේ තම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු මූලාශ්‍රයක් නොමැති බව මන්ත්‍රීවරයා පැවසූ බවයි.

ඒ අනුව පරීක්‍ෂණයේ තත්වය නීතිපතිවරයා වෙත යොමුකර ඔහුගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අජිත් රෝහණ මහතා තවදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තු ඉදිරිපිට දී මාධ්‍ය ඇමතූ මන්ත්‍රීවරයාගේ නීතිඥවරයා කියා සිටියේ අදාළ වීඩියෝව හඬ කවා සංස්කරණය ඇති එකක් බවට සැක කරන බවයි.

86,472 views
Main News