ජනාධිපති පී.බී. පසුපස නැටවෙනවා..

November 26, 2021 at 3:00 pm | lanka C news
ජනාධිපති පී.බී. පසුපස නැටවෙනවා..

විස සහිත පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී ඇත්තේ ආණ්ඩුව බවත් ඒ පිටිපස ඇතැම් ඇමතිවරුන් ද සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.

විෂ සහිත පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා ද සිටි සාකච්චාවකදී බවත් පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේය.

මෙම ජාවාරමට සම්බන්ධ ඇමතිවරුන් නිලධාරීන් ගණනාවකගේ මල්ල තරවන පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය මෙය බවද පැවසීය.

කාබනික පොහොර වැඩපිළිවෙළේ තිබූ අවුල්සහගත තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්මාන්තය බරපතල අගාධයකට වැටුණු බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පොහොර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා මහජන බැංකුවට අවස්ථා දෙකකදී කතා කර ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

රටේ ආර්ථික විනාශය පසුපස සිටින්නේ ජනාධිපති ලේකම්වරයා බව පැවසූ ඔහු අද සිටින්නේ පීබී ජයසුන්දර පිටුපස නැටවෙන ජනාධිපතිවරයෙක් බවද පැවසීය.

අගමැතිවරයාද පී බී ජයසුන්දර ගේ උවමනාව අනුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම අමාත්‍යාංශ වැය ශීර්ෂයේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

25,705 views

20 Comments to “ජනාධිපති පී.බී. පසුපස නැටවෙනවා..”

  1. 0.00069 BIYYO says:

    අපි කතා කරමු . ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කරමු .
    අලුත් මාවතකට හැරෙමු.

    ජාතික ජන බලවේගය සමග විස්වාසයයෙන් අත්වැල් බැඳ ගනිමු. ජයග්‍රහණය දක්වා පෙරට යමු.
    ඔබට ජය! රටට ජය!!

  2. Saman says:

    රට පුරා උද්ඝෝෂණ කරල කොරෝනා පතුරවල රට වහන් තැනට ගෙනල්ලා , කාලකණ්ණි කුහක මූසල ජෙප්පො මිනිස්සුන්ට කාලකණ්ණි කම බෝ කරනව. යහපාලන කාලෙ මුන් හොයන්නවත් හිටියේ නෑ …මුන් මේ කරන්නේ ඩයපෝරාවෙ කොන්ත්‍රාත් එකක්…පාලම් බෝක්කු පාරවල් කන්නද කියල ලතෝනි දීල පාලම් නැති තැනකින් මිනිස්සු වැටුනම රාජපක්ස පාලම් හදපන් කියල ලතෝනි දෙනවා .

    • Chanaka says:

      පැත්තකට විසි වෙලා හිටපු බොලාගෙ රාජපස්ස බලේට ගෙනාවෙත් ඔය ජෙප්පො තමයි හරකෝ

  3. කොනක පාල says:

    පහුගිය කාලේ බලයට ආපු හැම ආණ්ඩුවක් එක්කම මුන් තුන් හතර් දෙනා ඩීල් දැම්මා එකේ උපරීමය තිබ්බේ පොනිල් වික්කමසිංහ එක්ක පවතින ආණ්ඩුවට ජනතා විරොධය එල්ල වෙන කොට එහෙම නැත්තං ජනප්‍ර්‍රියත්වය අඩුවෙන කොට මුන් පැදුරටත් නොකියා එළියට බැහැලා බොරැවට කෑගහනවා මෙ හැතිකරේ ලංකාවේ දෙශපාලන යෙන් අතුගාලා දාපු දවසට රටට හොදකාලයක් එයි.

  4. බොනිකර තරැ මාමා says:

    රටෙ කරැමෙද අපේ කරැමෙද මන්දා මුන්ට කඩේ යන වුනුත් ඉන්නවානේ තාම. ඉන්දියන් ගැත්තො මුන් මේ රට හරි පාරට ගන්න දෙන්නෙම නෑ කොහොම මිනිස්සු අවුස්සලා උත්ගොෂණ කරලා රට අනාත කරනවා.

  5. දෙගොල්ලොම එකතු වෙලා අපේ මව්බිම විනාශ කරා කාලකන්නි තොපිට හෙන ගහනවා අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ මාරුවෙන් මාරුවට අපේ මව්බිම කාබාසිනියා කරනවා තොපි මැරුණම තොපේ වලවල් වලට හෙන ගහනවා මේ ක්‍රමය වෙනස් විය යුතුයි වෙනස් කළ යුතුයි නැත්තං අපේ අනාගත පරම්පරාවට නිදහස් නිවහල් රටක් නැති වෙනවා
    කටාර් වල අපි

Leave a Comment