ජනාධිපති පොරොන්දු කැඩුවයි උතුරේ විරෝධතා..

January 1, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපති පොරොන්දු කැඩුවයි උතුරේ විරෝධතා..

මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය සතුව පවතින සිවිල් ජනතාවගේ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් කේපාපිලව් ප‍්‍රදේශවාසීන් පිරිසක් කේපාපිලව් යුද හමුදා කඳවුර වෙතට ඇතුළු වීමට උත්සහ කිරීමත් සමඟ එම ස්ථානයේ නොසන්සුන් තත්වයක් හට ගැණිනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දෙසැම්බර් 31 වැනි දාට පෙර උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කරන බවට දුන් පොරොන්දුව ඉටුනොකිරීම නිසා මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.

විරෝධතාවයත් සමග එම ස්ථානයට මුලතිව් පොලීසිය පැමිණ විරෝධතාවයේ නිරත වූවන් සමග සාකච්ඡා කොට අදාල ගැටලුව මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවත්වෙන් දිස්ත්‍රීක් සංවර්ධන කමිටුව හරහා ගැටලු විසඳාගන්නා ලෙසට දැනුම් දීමෙන් පසුව විරෝධාතා කරුවන් විසිර ගියහ.

විරෝධතා කරුවන් විසින් කියා සිටියේ තමන්ට යුද්දෙන් පසුව මුල් ඉඩම් තවමත් අහිමිවී ඇති හෙයින් ඉඩම් ලබා දෙන ලෙසට ඉල්ලා  ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට මේ වන විට දින 671 ක් ගත වී ඇතත් මුල් ඉඩම් නොලැබුනු හෙයින් සිය මුල් ඉඩම් රජයෙන් ලබා දීමට ඉක්මන් පියවර ගත යුතු බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,007 Viewers

6 Comments to “ජනාධිපති පොරොන්දු කැඩුවයි උතුරේ විරෝධතා..”

  1. LION says:

    යාපනය කච්ෙච්රියේ තිබූ ඉඩම් ඔප්පු සියල්ල විනාශ කර දැමීමෙන් පසු මෙම ඉඩම් කොටි සංවිධානය විසින් කොටි සාමාජිකයන්ට ලබා දී තිබේ. 2009 මැයි මස 20 දායින් පසු උතුරේ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු රැසක්‌ සකස්‌ වී ඇති බව ද හෙළිවී ඇත.

  2. sinha le says:

    උතුරේ වෙසෙන සිංහල ජනතාව දෙස උතුරු පළාත් සභාව සැමවිටම බැලුවේ කෝපයෙන් හා වෛරයෙනි. උතුරේ පන්සලක කඨින පෙරහැරක්‌ පැවත්වුවද එය බලවත් සංස්‌කෘතික ආක්‍රමණයක්‌ ලෙස පෙන්වීමට කොටි හිතවාදී මාධ්‍යවේදීහූ අදත් කටයුතු කරති. මේ රටේ වෙසෙන පුරවැසියන්ට දිවයිනේ ඕනෑම ස්‌ථානයක ජීවත් වීමට ඇති අයිතිය තහවුරු නොවන්නේනම් එය බරපතළ ප්‍රශ්නයකි. උපන් බිමේ සිංහලයන් අනාථවීමේ තත්ත්වයක්‌ උදාවී ඇති බව පැහැදිලි වන්නේ උතුරින් ලැබෙන මෙවන් ප්‍රවෘත්තියක්‌ නිසාය.
    මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ නයාරු සිට කෝකිලායි දක්‌වාත් වව්නියාවේ බෝගස්‌වැවේ සිට වැලිඔය දක්‌වාත් මහවැලිය යටතේ සිංහල වැසියන්ට ලබාදී ඇති සියලු ඉඩම් අහිමි වී යන තත්ත්වයක්‌ උදා වී ඇති බව මේ භයානක ප්‍රවෘත්තිය විය. උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා මුලතිව් දිසාපතිවරිය අමතා ප්‍රකාශ කර ඇත්තේ දෙමළ සන්ධානයේ සියලු දෙනා මේ ඉඩම් ලබාදීමට විරුද්ධ බවයි. දැන් උතුරේ සිංහලයන්ගේ අනාගතය තීරණය කරන්නේ දෙමළ සන්ධානයද? මුලතිව් හි වෙසෙන සිංහලයන්ට සිය පාරම්පරික භූමි අයිතිය අහිමි වන තෙක්‌ ජනපතිවරයා හා අගමැතිවරයා නිහඬව බලා සිටින්නේද? එදා ප්‍රභාකරන් යුද්ධ කරන සමයේදීත් මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් ගම්මානවල සිංහල වැසියෝ ජීවත්වූහ. එසේ නම් ප්‍රභාකරන්ටත් වඩා උග්‍ර සිංහල විරෝධයකින් උතුරු පළාත් සභාව කටයුතු කරන බව පෙනේ.

  3. LION says:

    සිංහලයන් උතුරේ පදිංචිවීමට එරෙහිව උතුරේ දේශපාලනඥයෝ කටයුතු කරත්. මෙය දැනට වසර 60ක පමණ කාලයක සිට ඔවුහු ඉතා සාර්ථක ලෙස කරගෙන යන්නකි.

    කණගාටුවට කරුණ වන්නේ දකුණේ නායකන් උතුරේ දේශපාලනඥයන්ගේ මෙම ජාතිවාදී වැඩපිළිවෙලට ඉඩ දී බලාසිටීමය.

  4. අංකූරා says:

    ඔය උතුරේ සහෝදරවරුන් ඔය ගොල්ලන්ට උදව් කරන ඔය ගොල්ලන්ගේ කට්ටිය ගොඩක් ඉන්න ඉන්දියාවේ හමුදා කඳවුරක් ඉවත් කරන්න කියලා උද්ඝෝෂණය කරන්න කියන්නකෝ මොකද වෙන්නෙ කියලා බලන්න !!.

  5. අංකූරා says:

    ඔය උතුරේ සහෝදරවරුන් ඔය ගොල්ලන්ට උදව් කරන ඔය ගොල්ලන්ගේ කට්ටිය ගොඩක් ඉන්න ඉන්දියාවේ හමුදා කඳවුරක් ඉවත් කරන්න කියලා උද්ඝෝෂණය කරන්න කියන්නකෝ මොකද වෙන්නෙ කියලා බලන්න !!.
    ඔය ගොල්ලන්ගේ යාලුවන්ට කියලා දෙයි හමුදා කඳවුරක් රටට කොච්චර වැදගත් ද කියලා . ඔහෙලා පට්ට මෝඩයි , උපන් රට අදුරන්නැතිකම කියන්නේ අම්මා තාත්තා අදුනන්නැතිකම වගේමයි .

  6. nonoris says:

    munta wathrra tika bassa vitharai hamudawa epauna.

Main News