ජනාධිපති පොහොට්ටු සාමාජිකත්වය ගනී.. පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවටත් ගොඩවේ..

March 6, 2020 at 3:50 pm | lanka C news
ජනාධිපති පොහොට්ටු සාමාජිකත්වය ගනී.. පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවටත් ගොඩවේ..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ වේදිකාවට ගොඩ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් බලයට පත්වූයේ එම බලවේගය පෙරටුකරගෙන නිසා තමන් අනිවාර්යෙන්ම එම වේදිකාවට එක්වන බවද ඔහු සඳහන් කළේය.

තමන් මේ වන විටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු බවත් ජනාධිපතිවරණයට පෙර එහි සාමාජිකත්වය ලබාගත් බවත් ඔහු පැවසීය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාගැනීම තම අරමුණ බව ද ඔහු කියා සිටියේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.

206 views

7 Comments to “ජනාධිපති පොහොට්ටු සාමාජිකත්වය ගනී.. පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවටත් ගොඩවේ..”

  1. Nuwan says:

    Great. We need to develop this country. Also we cannot let pad Sajith to sell President’s name for his campaign

    • 🙏🙏🙏🙏🙏😊😊🙏 says:

      ශ්‍රී ලංකාවේ ජනතාව ගෝඨාභයගේ හැකියාවන් හොඳින් හඳුනන බවත්, ඔහුගේ ජයග්‍රහණ ඇසින් දැක ඇති බවත් එබැවින් ඔහුගේ ජයග්‍රාහී නායකත්වය ගැන ප්‍රීතියට පත් වී සිටින බවත් දක්නට ලැබේ. ඔහු මානුෂීය මෙහෙයුම අවසන් කළේ කෙසේද, රට ලස්සන කළේ කෙසේද, පිරිසුදු කළේ කෙසේද යන්න ඔවුහු දුටහ. අද දවසේ ඔහු පූර්ණ ශක්තියකින් තොරව රට පාලනය කරගෙන යයි.

  2. country man says:

    All along I am with you sir. I have a lot of faith, in your future plans for SRI LANKA. WE HAVE TO GET OUT THIS MESS.

  3. Rohan says:

    ආචාර්ය නලින් ඩි සිල්වා කිය කිය හිටියෙනන් ගෝට පක්ෂෙක අපේක්ෂයකේ නෙමෙයි, ජාතියේ අපේක්ෂකයා කියල.

    බලපුවම ඒකත් ඉවරයි.

  4. nuwaraone says:

    සිරිසේන උන්දෑ 2015 පොදු අපේක්ශක වෙලා ජනාධිපති උනාට පස්සේ ස්වාධීන වෙනවා කියලා බොරු කෙලලා තමන්ගේ ශ්‍රිලනිප හෙන්චයියන් ආසන සන්විදායක කියලා රට වටේ මීටින් වලට ගියා…අන්තිමට සිරිසේන රට හැදුවෙත් නැහැ ශ්‍රිලනිප හැදුවෙත් නැහැ ….අනේ මන්දා හැදෙන ගහ දෙපැත්තේ න් දැනේ වගේ ගෝටා මහත්තයා ටත් මේක කරන්න දෙන්නේ නැහැ වගේ සමහර ගොබ්බ උපදේශකයෝ……අනේ ගොබ්බ සිරිසේන වගේ ඔබතුමා නොවේවා ….

  5. baiya says:

    gaththu ekamai honda. boruwata nirpaakshika kiya kiya inne nathiwa.

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    ගරු ජනාධිපතිතුමනි, MS චන්ද්‍රසේන ගේ බිරිඳ රජයේ නිලධාරියෙකුට පහර දීලා කියලා ප්‍රවෘතියක් යනවා. එය ඇත්ත නම් ඔබට අනුරාධපුර දිස්ත්‍රික්කය ජයගන්න බැරි වෙනවා. මෙය ඇත්ත නම් ඔහුට එරෙහි දෙවෙනි චෝදනාව. ඇත්ත නම් ඔහුව පක්ෂයෙන් සහ තනතුරු වලින් ඉවත් කරන්න.

Main News