ජනාධිපති බංගලිදේශයට… ගංවතුර ආධාර ලෙස මිලියන 70ක් දෙයි..

June 8, 2017 at 6:41 am | lanka C news
ජනාධිපති බංගලිදේශයට… ගංවතුර ආධාර ලෙස මිලියන 70ක් දෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මස බංගලිදේශයේ සිවුදින නිල සංචාරයක නිරත වීමට නියමිතය. ලබන මස 13 වෙනිදා සිට 16 වෙනිදා දක්වා ජනාධිපතිවරයා බංග්ලාදේශයේ සිටින අතර ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයෙකු බංගලිදේශයේ සංචාරයක නිරත වන්නේ වසර 6 කට පසුව බව ලංකාදීප පුවත් පත වාර්තා කරයි.

එමෙන්ම එම පුවත්පත වැඩි දුරටත් වාර්තා කොට ඇත්තේ මෙය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පලමු බංග්ලාදේශ නිල සංචාරය බවත් එහිදි මෙරට ආපදා තත්ත්වයට පත් වු ජනතාවට ඩොලර් ලක්ෂ 5 ක් පමණ ආසන්න වශයෙන් රුපියල් 8 කෝටියක් සහනාධාර දීමට එකඟතාවය පල කර ඇති බවයි. ඊට අමතරව විශේෂ වැදගත් කිසි දෙයක් එම සංචාරය සම්බන්ධව එම පුවත්පත වාර්තා කොට නොමැත.

ශ්‍රීලංකාවේ රාජ්‍ය නායකයකු නිල සංචාරයක ප්‍රථම වරට මේ මාසයේ මුලදි ඕස්ට්‍රේලියා ගිය බවත් ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවත්, එහිදි ශ්‍රීලංකාව වැදගත් ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතය යන්න ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කොට තිබුණි.

එහෙත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් මෙම වසරේ පෙබරවාරි මස 14-17 වෙනි දිනවල ඕස්ට්‍රේලියාවේ නිල චාරිකාවක් කොට අත්සන් කරන ලද ගිවිසුම් වෙනුවෙන් එම ගිවිසුම තවත් ශක්තිමත් කිරීමට ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන බව ඔස්ට්‍රේලියානු අගමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබුණි.

එහෙත් පසුගිය දා ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයා කල ඉතාම වැදගත් ඕස්ට්‍රේලියානු සංචාරය සම්බන්ධව දෙරටේ ඒකාබද්ධ නිවේදනයක් මේ දක්වා දැක ගැනීමට මාධ්‍ය සඳහා ඉදිරිපත් කොට නොතිණි. එහෙත් මෙරට අගමැතිවරයා ඕස්ට්‍රේලියාවේ කල නිල සංචාරය සම්බන්ධව ඕස්ට්‍රේලියානු හා ශ්‍රීලංකාවේ අගමැතිවරයා විසින් ඕස්ට්‍රේලියාවේදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කලහ. එම නිවේදනය මෙතනින්

8,198 Viewers

9 Comments to “ජනාධිපති බංගලිදේශයට… ගංවතුර ආධාර ලෙස මිලියන 70ක් දෙයි..”

  1. nareen says:

    Kochchra aadhaara mudal labunath janathaavata kisima vadak naha.Avaain niyama prayojanaya ganne paahara Deshapaalakayoya.Munta thava vaahana tikak gaththahama evath ivarai.

  2. desta says:

    ape rata tadi higana ratawal wela deneth ratawalin Finns adara ko yako minissunta lebenne tv ekatukrapu badu vitarai Mona hora yahapalanayakda me higa Kanzawa madiwata ewa horakam karanawa

  3. asaranaya says:

    පින්ගුත්තරයි මයිතූනයි මාරුවෙන් මාරුවට වට වන්දනාවෙ,
    යන ගමන් දැන්ම පලයල්ලා ඊලඟට අවසන් ගමනට ලැස්තිවෙයල්ලා, මළ හැත්ත.තුක් නොදොකින් විතරක්

  4. දුගී_පුරවැසියා says:

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ හිටං.

    • 8 pass says:

      ape parana kena ugandawata wathura ganna dolar milion 500k (rs76370000000.00) dunne? ape rate okkotama tap wathura deelada? eka avlak nadda?

  5. Dickie Bird says:

    Our county is on fire and in shambles, the President and Prime Minister are going “Rrata savari”.
    Overseas jaunts which are worthless to the country.

    Both must be loafing according to Nakath.

  6. shantha kuru says:

    GEDARATA MARAGATHE – LOKETA PRAKASE

  7. shantha kuru says:

    මිටේ උන් කුරුල්ලා ඇරලා ගහේ උන් කුරුල්ලා ඇල්ලීමට ගියා වගෙයි)

  8. Tax Officer says:

    To get flood donations, do you’ve to go their personally? What a waste of poor tax payers money?