ජනාධිපති මට ඇමතිකමක් නොදෙන්නේ පුද්ගලික වෛරයටයි.. මගේ නම යලිත් යවනවා.. මෙවර ඇමතිකමක් නොදුන්නොත් ජනපතිට නඩු දානවා..- ෆොන්සේකා

January 23, 2019 at 10:28 pm | lanka C news
ජනාධිපති මට ඇමතිකමක් නොදෙන්නේ පුද්ගලික වෛරයටයි.. මගේ නම යලිත් යවනවා.. මෙවර ඇමතිකමක් නොදුන්නොත් ජනපතිට නඩු දානවා..- ෆොන්සේකා

තමන් සමග ඇති පුද්ගලික වෛරය නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තමනට ඇමතිකමක් නොදී සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ව්‍යවස්ථාව අනුව ඇමති ධුර නම් කිරීම අගමැතිවරයා විසින් කල පසු ජනාධිපතිවරයා විසින් ඔවුනට ඇමති ධුර ලබා දිය යුතු යයිද ඒ මහතා කියා සිටී.

ඇමති ධුර තවත් වැඩි කර ගැනීම සදහා වන යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය සම්ත කර ගැනීමෙන් පසු තවත් ඇමතිවරුන් පිරිසක් පත් කරන බවත් ඔහු පැවසීය.

එසේ පත්කල යුතු ඇමතිවරුන් සදහා තමන්ගේ නමද ජනාධිපතිවරයා වෙත යෝජනා කර යවන බවත් එවරද පත් නොකලහොත් ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද ෆොන්සේකා මහතා තව දුරටත් පැවසීය.

ජනාධිපති මම එක්ක තියෙන වෛරය නිසා ඇමතිකමක් දීම ප්‍රතික්ෂේප කරනවා

ජනාධිපති මම එක්ක තියෙන වෛරය නිසා ඇමතිකමක් දීම ප්‍රතික්ෂේප කරනවා

Gepostet von Ada Derana 24×7 am Mittwoch, 23. Januar 2019

61 views

19 Comments to “ජනාධිපති මට ඇමතිකමක් නොදෙන්නේ පුද්ගලික වෛරයටයි.. මගේ නම යලිත් යවනවා.. මෙවර ඇමතිකමක් නොදුන්නොත් ජනපතිට නඩු දානවා..- ෆොන්සේකා”

  1. Francisco Almeida says:

    රනවිරුවකුවන මෙතුමාට අගමැතිකම වුව දීමට සුදුසුය.

    • ජෝන් ජයපාල says:

      එහෙනම් අපි රනවිරුවො ඔක්කොටම ඇමතිකම් දෙමු!

  2. Nidan Hora says:

    I wonder what services can he render to the country other than having economic cries to improve his coffers with public money. Man who stole public money from the army has not learnt his lessons even after being in prison. I quite believe that he is just a dog brought to bark at UNP opponents. Hope Gonseka will rot in his national dress before long.

  3. KUMARA HERATH says:

    lasantha meruwe kawuda

  4. වෙලා says:

    ඇමතිකම් ගන්ඩ චන්ද ගන්ඩ ඕනෙ නැද්ද එතකොට???

  5. kaluwaa1 says:

    You can’t file a case against the President. Don’t you know at least that

Main News