ජනාධිපති මන්දිරයේ භූගත මාලිගාවට ඒසී කරන්න අදටත් ලක්‍ෂ විස්සක විදුලි බිලක් යනවා..

January 27, 2017 at 6:48 pm | lanka C news
ජනාධිපති මන්දිරයේ භූගත මාලිගාවට ඒසී කරන්න අදටත් ලක්‍ෂ විස්සක විදුලි බිලක් යනවා..

කොලඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ ඇති භූගත මන්දිරයේ වායු සමීකරණ වෙනුවෙන් මේ වන විටත් මසකට රුපියල් විසි ලක්‍ෂයක පමණ විදුලි බිලක් වැය වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන් එහි පදිංචිව නැති බවද කී ඔහු එහි පදිංචිව සිටියේ නම් මසකට ජල හා විදුලිය සදහා ලක්‍ෂ 150ක පමණ මාසික වියදමක් දරන්නට සිදුවන බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ අදහස් පැවසුවේ අද කොළඹ ආනන්ද විදුහලේ පැවති උත්සවයක් අමතමිනි.

පොලොන්නරුවේ පිහිටි තම පුද්ගලික නිවසත් කොටුවේ ජනාධිපති මන්දිරයත් සූර්ය විදුලි බලයට පරිවර්තනය කර ඉන් මුදල් ඉතිරියක් සිදු කරන බවද ඔහු එහිදී පැවසීය.

135 views