ජනාධිපති මන්දිරය අවට ඉඩම් අක්කර 62ක් බෙදා දෙයි..

July 4, 2019 at 2:06 am | lanka C news
ජනාධිපති මන්දිරය අවට ඉඩම් අක්කර 62ක් බෙදා දෙයි..

යාපනය කන්කසන්තුරෙයි ජනාධිපති මන්දිරය පිහිටි භූමියේ සහ  අවට අක්කර 62ක් මුල් අයිතිකරුවන්ට ලබා දීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පියවර ගෙන ඇත.

උතුරු ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගනු ලැබුවේ යාපනය තෙලිප්පලෙයි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කන්කසන්තුරෙයි ජනාධිපති මන්දිරය පිහිටි භූමිය සහ ඒ අවට ප‍්‍රදේශ කලාප හතරකට බෙදා මැනීම් සිදුකිරීමෙන් පසු එම ඉඩම් මුල් හිමිකරුවන්ට ලබා දීමට ආණ්ඩුකාරතුමා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබා දුණි .

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත උතුරු ආණ්ඩුකාර වරයා මෙම පියවර ගෙන ඇති අතර අදාල ඉඩම් ඉතා ඉක්මනින් අයිතකරුවන් වෙතට ඉදිරියේදී ලබා දෙන බවටද එම සාකච්ඡාවේදී තීරණය විය.

ආණ්ඩුකාර ලේකම් එස්. සත්‍යසීලන් මහතා සහ උතුරු පළාත් ඉඩම් මැනුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ කන්කසන්තුරෙයි ජනාධිපති මන්දිරය අවට ඉඩම් හිමියන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,174 Viewers

One Comment to “ජනාධිපති මන්දිරය අවට ඉඩම් අක්කර 62ක් බෙදා දෙයි..”

  1. Sirisena Yatawara says:

    The current governor has no right to distribution of govt land by misusing power of governor of their relatives and friends of Tamils.
    Stop this nonsense immediate effect because that unstable govt under MS and UNP leadership governor has set unprecedented negative example to public.Is this governor is that supporters of LTTE?

Main News