ජනාධිපති මාධ්‍ය ඒකකය ජාතිවාදීන් පෝෂණය කරනවා… – එජාපයෙන් ජනපතිට ප‍්‍රබල චෝදනාවක්

December 30, 2016 at 3:50 pm | lanka C news
ජනාධිපති මාධ්‍ය ඒකකය ජාතිවාදීන් පෝෂණය කරනවා… – එජාපයෙන් ජනපතිට ප‍්‍රබල චෝදනාවක්

ජාතිවාදි පුද්ගලයින්ගේ පදනම් විරහිත අදහස් ජනතාව අතරට ගෙන යාමට ජනාධිපති මාධ්‍ය එකකය කටයුතු කරමින් සිටින බවට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහමන් පවසසයි.

ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකින් ඔහු මේ බවසදහන් කරයි.

අදාල සම්පුර්ණ ලිපිය මෙසේය.

ජනාධිපති
අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ-01.

අතිගරු ජනාධිපතිතුමණි,

ජාතිවාදි පුද්ගලයින්ගේ පදනම් විරහිත අදහස් ජනතාව අතරට ගෙන යන ජනපති මාධ්‍ය එකකයේ කටයුතු සම්බන්ධවයි.

පසුගිය 2016/12/22 වන දින ජනාධිපති නිල මන්දිරයේ පැවති ෙඓතිහාසික පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම පිළිබඳ සාකච්ඡුාවේදි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් විසින් මුස්ලිම් ජනතාව පිළිබඳවත්ල ඉස්ලාමිය ඉගැන්වීම් පිළිබඳවත්ල පදනම් විරහිත සාවද්‍ය තොරතුරු කිපයක් ද්වේෂ සහගතව ඔබතුමා ඉදිරිපිටදීම ප‍්‍රකාශ කර තිබුණි.

මෙරටේ සුළු ජාතී ජන කොටස් වලට විශේෂයෙන්ම මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ද්වේශ සහගතව ජාතීන් අතර විරසක ඇති කිරිමේ පරමාර්ථයෙන් විෂමාචාර ප‍්‍රචාරයන් ගෙන යන ඥාණසාර හිමියන් එම සාකච්ඡුාවේදි මෙරටේ පුරාවිද්‍යා වටිනාකමින් යුතු ෙඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන විනාශ කිරිම සඳහා ඉස්ලාම් දහාම මුස්ලිම්වරුන්ට උගන්වන බවට ඉතාමත් බරපතල චෝදනාවක් මුස්ලිම් සමාජයට එරෙහිව එල්ල කර තිබුණි. එම අභූත චෝදනාව ඉදිරිපත් කළේද ඔබතුමා ඉදිරිපිටදීය. ශ‍්‍රි ලංකාවේ ජිවත්වන සුළු ජාතික ජන කොටසකට එරෙහිව ඥාණසාර හිමියන් ඔබතුමා ඉදිරිපිටදීම කල ඒ විෂම චෝදනාව අඩංගු වීඩියෝ තැටිය මේ වන විටත් ජනපති මාධ්‍ය අංශය විසින් සියළු මාධ්‍යවලට මුදාහැර තිබේ.

මෙරටේ ජාතීන් අතර සමගිය සහජිවනය ඇති කර යහපාලන රජයක තුළින් ජාතිවාදය මුලිනුපුටා දැමීමට දිවා රැය නොබලා ඔබතුමා කටයුතු කරන අතරතුර ඥාණසාර හිමියන් සුපුරුදු ආකාරයටම ඉදිරිපත් කල උන්වහන්සේගේ පෞද්ගලික මතය ඔබතුමාගේ මාධ්‍ය අංශය විසින්ම ජනතාව අතර ප‍්‍රචාරය කිරිමේ කටයුතුවල යෙදි සිටිම පිළිගත හැකි ක‍්‍රියාවක් නොවන අතර ජාතීන් අතර හිඩැස තව තවත් පුළුල් කරන ක‍්‍රියාවකි. ජනපති මාධ්‍ය ඒකකය විසින් කරනු ලබන මෙම වගකීමෙන් තොරවු ක‍්‍රියාව ඔබතුමාගේ බලාපොරොත්තු අභිලාශයන් සුනුවිසුනු කරන්නට තරම් බරපතල ක‍්‍රියාවක් බවද කිව යුතුය.

එම නිසා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කල මෙම වීඩියෝ පටය මගින් නැවත ජාතිවාදින් පෝෂණය කරන බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. එබැවින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ මෙම ක‍්‍රියාව පිළිබඳව සමීක්‍ෂණයක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමිග..

ස්තුතියි…!

මුජීබුර් රහුමාන්,
පාර්ලිමේන්තු මන්ත‍්‍රි,
කොළඹ දිස්ත‍්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති

80 views
Main News