ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

November 20, 2021 at 1:20 pm | lanka C news
ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ තම නිවසේ සිටීම හොඳ දෙයක් වුවද එය ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනා​ධිපතිවරයා එහි සිටින නිසා ඒ අවට නිවාස නිතරම ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීම සිදුවන සිදුවන බවත් එය ජනතාවට හිරිහැරයක් බවත් එහි අවට කුඩා කුඩා ව්‍යාපාර වලට පවා විශාල බලපෑමක් ඇතිවී තිබෙන බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

ජනාධිපති නිල නිවාස රට පුරා පිහිටා ඇතත් ජනාධිපතිවරයා ඒවාට එක් දිනක් හෝ ගොස් නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

110,321 views

61 Comments to “ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…”

  1. Tilak Galapitamada says:

    අයර්ලන්තයේ ඔබේ නිවසේ පදිංචි වීමට ඔහුට කියන්න.

  2. ”’මිදිවල්ලට කෙළහළනා නපුංසක නරියන් පරයන් දවල්හින තුළ සවයං වින්දයේ,.! says:

    ”මරණය සිහිකරගනිමින්” කුමන්ත්‍රණයන් ක්‍රියාත්මක කළයුතු බව සියළු පරයන් සිහිතබාගත යුතුයි ,.!

    ”’මිදිවල්ලට කෙළහළනා නපුංසක නරියන් පරයන් දවල්හින තුළ සවයං වින්දයේ,.! ”’ කිසිදිනක දුශිත පාහරයන්ට පාවදෙන පරයන්ට මින්මතුවට මාත්‍රෘෘභුමියේ බළය ඩැහැගැනිමට ඉඩප්‍රස්ථා නොමැත! ”පාවාදෙන පාහරයන් මරණය අභියස මරැ විකල්වි සිටිනා අතර,. ”මරණය සිහිකරගනිමින්” කුමන්ත්‍රණයන් ක්‍රියාත්මක කළයුතු බව සියළු පරයන් සිහිතබාගත යුතුයි ,.!

  3. Ishan Liyanage says:

    ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරේට ගියා නම් ජෙප්පො කියනවා ජනාධිපති මන්දියේ නඩත්තු කරන්න වියදම මේ තරම් යනවා මේව ජනතාවගේ සල්ලි නේද කියලා. එතුමා ගෙදර ඉන්නකොට කියනවා ඒක අවට මිනිස්සුන්ට කරදරයක් කියලා.

    ජෙප්පො යනු ඕනම දේක කුණු හොයන කිසිම දේක හොඳක් නොදකින ජාතියක්. මිනී මැරීම , රාජ්ය දේපල ගිනි තැබීම,අනුන්ට කුණු කතා කීම, බොරු මවා කීම හැර ඉතිහාසේ මුන් රටට කරපු දෙයක් නෑ.

  4. Kalu Albot says:

    Me yakaa ape rate inna ekath karadarayak noveyi da?

  5. සනත් ගමගේ says:

    ගැටළුවක ඇති බරපතල කමට වඩා දේශපාලන දීනත්වය මතුවන සමාජයක මොන ආශ්චර්යද ?මොන සංවර්ධන ද ? අපේ රට මෙහෙමම තමා තියෙන්න පුලුවන් එකම විදිය. ආණ්ඩුවක් කියන්නෙ එම රටේ ජනතාවගේ පැතිකඩක් .මෙහෙමම තමයි වෙන්න පුලුවන් හොඳම විදිය.

  6. සරා says:

    මේකයි කතන්දරේ. ජෙප්පො දැන් හිතාගෙන ඉන්නෙ 2025 ජනාධිපති අනුරය කියල. අනුරයත් ඉතින් ඇඳල ඉන්නෙ. ඉතින් මු දැන් කල්පනා කරන්නෙ ගෝට මන්දිරේට යන්නෙ නැතුව හිටියොත් ජනාධි පති උනාම ඌ මන්දිරේට යන එක අවුල් නිසා මන්දිරේට යන එක සාධාරණිකරණය කරන්න පොඩි කතන්දරයක් හදල තියන්නෙ.

  7. Ashan perera says:

    Mun nan melo rahak nathi jathiyak. Ekane kochchara upset pasha dekak thibilath eka minihek munta chande denne naththe. Godak.JVP wage enne kapuwath kola set eka. Chande dala un okkoma UNP ekata chande danawa. Ekai penna thibbata JVP ekata chanda naththe.

Leave a Comment

Main News