ජනාධිපති මෛත්‍රීගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දි අත්සන් කල ශ්‍රීලංකා-ඕස්ට්‍රේලියානු ඉතා වැදගත් ගිවිසුම් ගැන ඕස්ට්‍රේලියානු අගමැති කාර්යාලය නිහඩයි..

May 28, 2017 at 3:25 am | lanka C news
ජනාධිපති මෛත්‍රීගේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දි අත්සන් කල ශ්‍රීලංකා-ඕස්ට්‍රේලියානු ඉතා වැදගත් ගිවිසුම් ගැන ඕස්ට්‍රේලියානු අගමැති කාර්යාලය නිහඩයි..

පසුගියදා එනම් මැයි මාසයේ 24 වෙනිදා සිට 27 වෙනිදා දක්වා ශ්‍රීලංකාවේ රාජ්‍ය නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඕස්ට්‍රේලියාවේ නිල චාරිකාවක යෙදුනු අතර ඒ සඳහා 35 ට අධික කණ්ඩායමක් සහභාගි විය.

මෙහිදී ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා සිටියේ ශ්‍රීලංකාව සහ ඕස්ට්‍රේලියා අතර මෙම සංචාරයේ දි ශ්‍රිලංකාවට වැදගත් ගිවිසුම් රාශියකට එලබෙන බවයි.

එහෙත් මේ සම්බන්ධව ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ නායකයා වන අග්‍රාමාත්‍ය මැල්කම් ට්ර්න්ර්බුල් මහතා ගේ අගමැති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් මගින් එනම් 24 වෙනිදා සිට 27 වෙනිදා දක්වා කාලය තුල එකම එක නිවේදනයක් පමණක් නිකුත් කොට ඇත.

එහි සඳහන් වනුයේ “ශ්‍රීලංකාවේ අතිගරු ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ කරනු ලබන සංචාරයේදි එතුමා පිලිගන්නමම බලාපොරොත්තු වෙනවා” යන්න පමණකි. Link

එහෙත් මේ වසරේ පෙබරවාරි 14-17 වෙනිදා ශ්‍රීලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ කල නිල සංචාරය සම්බන්ධව ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ නායකයා වන අග්‍රාමාත්‍යතුමා විසින් ඔහුගේ කාර්යාලය හරහා නිවේදන 5 නිකුත් කොට ඇත.

14 වෙනිදා පැමිණිම වෙනුවෙන් විශේෂ සුභපැතුම් නිවේදනයක් ද . 15 වෙනිදා නිවේදන 4 ක් රටවල් දෙක අතර අන්නෝන්‍ය අවබෝධතාවය ඇතුළු සහ අගමැතිවරු දෙදෙනා එක්ව එක ප්‍රකාශයක් ද ඇතුළුව ලෙසයි. Link

මේ සංචාර දෙකටම නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගි වි ඇත.

ඕස්ට්‍රේලියාවේ අගමැති ප්‍රමුඛව පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අතර එහි රාජ්‍ය නායක වනුයේ බ්‍රිතාන්‍යයේ දෙවෙනි එලිසබෙත් මහ රැජිනයි. එබැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මුණ ගැසුණේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා යි.

එබැවින් ඔහුගේ කාර්යාලය විසින් පලකළ ඇති නිවේදන අනුව ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයාට එරටේ අගමැතිවරයා සමග එකාබද්ධ නිවේදනයක් හෝ නිකුත් කිරීමට ශ්‍රීලංකාවේ අගමැතිවරයා ලද අවස්ථාව ද ගිලිහි ඇති බැව් පැහැදිලි වන අතර මෙතරම් ශ්‍රීලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාවට වැදගත් ගිවිසුම් රාශියක් අත්සන් කලා නම් ඒ සම්බන්ධව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මුණිවත රැකීම ජුගුප්සාජනකය.

88 views
Main News