ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පුරසාරම් දොඩවනවා මිස රට පාලනය කරන්න දන්නේ නෑ.. ඔහු ජනාධිපතිකමට නුසුදුසුයි.. ඔහු පත්කල අප ජීවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා…

September 11, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පුරසාරම් දොඩවනවා මිස රට පාලනය කරන්න දන්නේ නෑ.. ඔහු ජනාධිපතිකමට නුසුදුසුයි.. ඔහු පත්කල අප ජීවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කර බලයට පත් කරගත් පුද්ගලයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ අත්සන් කළ ගිවිසුම සටකපට ලියැවිල්ලක් බවට අද පත්වී ඇතැයි ද මහාචාර්යවරයා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කතා කළ යුත්තේ හොඳ අගමැතිවරයකු පත් කිරීම ගැන නොව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන බව ද ඔහු කියා සිටී.

ජනාධීපතිවරයා වේදිකාවන්හි සිට දර්ශනය ගැන පුරසාරම් දෙඩුව ද රට පාලනය කිරීම සඳහා දර්ශනයක් නැති බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇතැයිද විජේසූරිය මහතා පෙන්වා දෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී නැවතත් පත්කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නුසුදුසු බවත් ඒ ආකාරයෙන්ම අගමැතිවරයකු වීමට රනිල් වික්‍රමසිංහ මහතා හා නුසුදුසු බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාට බලයට ඒමට උදව් කර බලවේගයට එන්ජීඔ් කාරයන් යයි ලේබල් ගැසීමෙන් නිර්පාක්ෂික පොදු අපේක්ෂක බලයට පත් කර ගැනීමට ගොස් නීතිගරුක පුරවැසියන් ඉගෙන ගත්තේ පාඩම ජීවිතේට අමතක නොවන පාඩමක් යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

259 views
Main News