ජනාධිපති මෛත්‍රීට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්.. අත්සන් ගැනීම ඇරඹේ…
October 28, 2018 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් සදහා එක්සත් ජාතික පක්ෂය විසින් අත්සන් ගැනීම ආරම්භ කර ඇත.
අරලිගහ මන්දිරයේදී පැවැත්වෙන එම පෙරමුණේ මන්ත්‍රි හමුවේදී මෙම කටයුත්ත සිදු කර තිබේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුල ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කිරීමට මන්ත්‍රීවරුන් 151ක සහයෝගයක් අවශ්‍ය අතර දැනට සන්ධානය පාර්ශවයේ මන්ත්‍රීවරුන් 101ක් සිටී.
ඒ අනුව දෝෂාභියෝගයක් සම්මත කිරීම සදහා කිසිදු හැකියාවක් ඇති බවක් නොපෙනේ.
දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ තමනට පාර්ලිමේන්තුවේ කොපමණ මන්ත්‍රි ධුර ප්‍රමාණයක් ඇත්දැයි සොයා බැලීමට මෙය උපක5මයක් ලෙස සිදු කරමින් ඇති බවයි.
Sri lanka sha pohotuve 20kata vadiya ennavalu shayogaya denna.
Ara Premadaasata genaa peechan mosama ?