ජනාධිපති මෛත‍්‍ර‍්‍රී පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තුවේ අසුනකුත් වෙන් කරගෙන.. වාර්තාවක් තබමින් ශාන්ත බණ්ඩාර අස්වෙයි..

October 27, 2019 at 10:31 pm | lanka C news
ජනාධිපති මෛත‍්‍ර‍්‍රී පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තුවේ අසුනකුත් වෙන් කරගෙන.. වාර්තාවක් තබමින් ශාන්ත බණ්ඩාර අස්වෙයි..

තවත් සති තුනකින් පමණ ‘ධුරය’ අත්හැරීමට සිදුවන වත්මන් ජනාධිපති සිරිසේන, ජනාධිපති ධුරයෙන් සමුගැනීමෙන් පසුව, ‘විශ්‍රාමිකව සිටීමේ අදහස අත්හැර ඇති බව ද පෙනේ. ඒ ජනාධිපතිවරණය අවසන් වූ වහාම ඔහු ‘ජාතික ලැයිස්තුවෙන්’ පාර්ලිමේන්තුවට පත්වීමට සූදානමින් සිටින නිසා ය.

මේ සඳහා මුලින් ම ‘ඩිලාන් පෙරේරා’ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු ආසනයෙන් ඉල්ලා අස්විය යුතු බවට යෝජනා වුවත්, ඒ වෙනුවෙන් ඩිලාන් ඉල්ලූ ‘ඌවේ ආණ්ඩුකාර ධුරය’ අත්හරින්නට, ‘මෛත්‍රී ගුණරත්න’ අකැමැති විය. ඒ අනුව එකී යෝජනාව ශාන්ත බණ්ඩාර වෙත තල්ලු වූ අතර ජනාධිපතිවරයා සමග පවත්වන කිට්ටු සම්බන්ධය මත ඔහුට එය පිළිගන්නට සිදුවිය. ඒ අනුව දැනට යෝජනා වී ඇත්තේ, ජනාධිපතිවරණය අවසන් වූ වහාම ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වී එම අසුන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබාදීමට ය. කෙසේවෙතත් එවැන්නක් සිදුවුවහොත්, එය තවත් වාර්තාවක් වනු ඇත.

මන්ද පාර්ලිමේන්තුවේ එක් ධුර කාලයක් තුළ දෙවරක් ඉල්ලා අස්වූ එකම මන්ත්‍රීවරයා ශාන්ත බණ්ඩාර බවට පත්වන බැවිනි.

මේ ආකාරයෙන්, ජනාධිපතිවරණයෙන් පසුව මාස කිහිපයක් සඳහා පමණක් පවතින්නේ යැයි උපකල්පනය කළ හැකි වත්මන් පාර්ලිමේන්තුවෙන් පවා අසුනක් වෙන් කරගැනීමට තරම් සූක්ෂ්ම වී තිබෙන ජනාධිපති සිරිසේන, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නම් අනුගමනය කරමින් සිටින්නේ ‘නිර්පාක්ෂික ප්‍රතිපත්තිය’ කි. එසේ තිබියදීත් ඔහු තවමත් තමන් යටතේ තිබෙන ජනාධිපති මාධ්‍ය ඒකකයේ අයට ‘‘කැමති කෙනෙකුට වැඩකරන්න…’’ යන පණිවුඩය දී තිබේ.

– aruna.lk

28 views

12 Comments to “ජනාධිපති මෛත‍්‍ර‍්‍රී පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තුවේ අසුනකුත් වෙන් කරගෙන.. වාර්තාවක් තබමින් ශාන්ත බණ්ඩාර අස්වෙයි..”

  1. පද්මේ says:

    ඩෝන්ට් ට්‍රුස්ට් දිස් බගර්. මූ ගිය අවුරුදු පහට හොදට තිබුන රට සම්පූර්ණයෙන්ම විනාශ කරන්ඩ සමනලයන්ට ඉඩ දුන්නා…ත්ර්සතවදීන්ට පෝෂණය වෙන්ට ඉඩ හැරලා බලාගෙන හිටියා, ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් අහිංසක මිනිස්සු මැරෙන්ඩ ඉඩ හැරලා නිකන් හිටලා බොරුත් කියෙව්වා මිනිස්සු රවටන්න…මූ පාර්ලිමේන්තුවට නෙවේ යවන්න ඕනේ….ගෙදර ගිහින් විශ්‍රාමිකව ඉන්න බැරිනම් යැවිය යුත්තේ වැලිකඩ හෝ බූස්සට

    • Rata Wenuwen says:

      ඒවගේම එකකාලපරිච්චේදයක් තුලදී දෙවරක් අගමැති ධූරයකින් පහාවෙන්න සිදුවුනු රනිල් පින්ගිත්තරයා බවත් රෙකෝඩ් පොතට යනවා,
      අප පොඩි පින්ගුත්තරයාට බෞද්දන් සරණේ සරණයි
      අප සට කපිටි රනිලයාට ධම්මන් සරනේ සරණයි,
      සජියාට ලණුව දුන්නු ගූ නායක රනියාට සන්ඟන් සරණේ සරණයි,
      මකබෑවී යනතරමට මුලු රට ටම සුභ සරණයි

    • Victor says:

      He wants to keep the gravy train coming !

  2. Roni says:

    පොර මොන ස ර්ප්‍රිස් එකක් කොරන්ඩ හදනවද දන්නේ නැත. කුට්ටමේ තව කොළ තියනවා කිව්වානෙ.

  3. Nandasoma Suriyaarachchi says:

    කොහොමද පාර්ලිමේන්තු සැප…..?

  4. Nandasoma Suriyaarachchi says:

    නැවතත් පැරණි මජර දේශපාලන ක්‍රමයම ස්ථාපනය වෙමින් පවතින බැව් පෙනේ……!

    අපට අවශ්‍ය එම කමය වෙනස් කිරීමයි…….!!

    ඒ සඳහා මෙවන් සීඝ්‍රගාමී ක්‍රම අනවශ්‍යයි……!!!

    වසර 5ක් තිස්සේ සිදු වූ වෙනස ඉදිරියටම ගෙන යාම සඳහා එතෙක් ජනතාව සමග සිටි අවංක දේශපාලඥයන් ප්‍රමාණවත්ය…….!!!!

    අවස්ථාවාදී අය ලංකර ගැනීමෙන් මෙම ව්‍යායාමය අපතේ යාමෙන් ජනතා බලාපොරොත්තු විනාශවී යනු ඇත……!!!!!

    මහින්ද මහතා මේ ගැන තරයේ සිතිය යුතුය…..!!!!!!

  5. Kannan says:

    Sirisena is having a secret pact with Baby Sajith. this baby assumes that he is going to be the President on 17th so he wants to appoint Sirisena as PM. this will never happen as Baby Sajith will be ended up with 39%. In the event of Gotabhaya’s victory, Sirisena is likely to be appointed as Minister of Mahaweli. however our good friend Ranil W will be the Leader of Opposition from 17th Morning

  6. Sarath Bulathsinghala says:

    Shantha Bandara is an idiot who cannot see that he is being used as a doormat by the SLFP! Sirisena will use him as long as he is useful and after that, he will definitely end up as Karapincha!

  7. සුරා says:

    මෙතුමා ගැන කිසිම විස්වාසයක් තැබ්ය හැකි පුද්ගලයකු නොවෙයි , කුමන වේදිකාවට නැග්ගත් ජනතාවගේ තේරීම ගෝඨාභය මැතිතුමන් ,

  8. හෙලයා says:

    සිරිසේන ඔය හදන්නේ පැන්ෂන් යනකොට අවුරැදු පහක් හිටිය මාලිගාවය් STF ගාඩ් එකය් මැරෙනකන්ම තියා ගන්නය්.

  9. Sarath says:

    Chandrika is using Sira to attack Rajapakses. Chandika wa btw Sirs in parliament.

  10. pin ayithi weyi sirisen ugathkama O.L madi rata keewa hena wadiyyi gedara gihin kumburu kataaaaaaapaaaaaaaaaaaaan

Main News