ජනාධිපති මොනවා කියුවත් මන්ත්‍රීවරු අන්දවා කාන්තා නියොජනය වැඩි කිරීම ගෙනා ලෙස පාර්ලිමේන්තුවේදි ෆෙඩරල් අනුමත කරයි..

October 25, 2017 at 12:00 pm | lanka C news
ජනාධිපති මොනවා කියුවත් මන්ත්‍රීවරු අන්දවා කාන්තා නියොජනය වැඩි කිරීම ගෙනා ලෙස පාර්ලිමේන්තුවේදි ෆෙඩරල් අනුමත කරයි..

“කාන්තා නියෝජනය සීයයට 30% කින් වැඩි කිරිම” කියා ජනතාවට දන්වා ඊට හාත්පසින්ම වෙනස් යෝජනාවලියක් මන්ත්‍රීවරුන්ගේ 2/3 කින් පාර්ලිමේන්තුවේ අනුමත කරගත් ආකාරයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථා අතුරු කොමිටි යෝජනාවලිය අනුමත කර ගනියි යන්න ඊයෙ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නා හිමියන් ප්‍රකාශ කලේ ය.

ෆෙඩරල් ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව නොගෙනන බවට වත්මන් ආණ්ඩුවේ ජනාධිපති අගමැති පොරොන්දු වුනත් වෙනත් උපක්‍රමයක් හරහා එසේ කිරිමට ආණ්ඩුව උත්සහ ගන්නා බවට උන්වහන්සේ චෝදනා කලේ ය.

එමෙන්ම පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් “කාන්තා නියෝජනය 30% දක්වා වැඩි කිරිමට” යයි ගැසට් කොට ජනතාව දැනුවත් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිය.

එහෙත් මේ වන තෙක් එම මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්චිතවම විභාග කරනවා ද නැද්ද යන්න තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට නොමැත.

ඊට ප්‍රධාන හේතුව කෙටුම්පක් ජනතාව නොමග යව දෝෂ සහිතව අවධිවමත් අන්දමින් පාර්ලිමේන්තුවේ දි අනුමත කර ගත්තත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අනුව පැහැදිලි සඳහන් වනුයේ: “කථානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් සහතිකය නිකුත් කල පසුව කෙටුම්පතක් මෙරටේ නීතියක් බවට පත්වන බවයි.

ඒ අනුව ඉහත ආකාරයෙන්ම නව ව්‍යවස්ථාවක් ද ජනතාව නොමග යවා අනුමත කොට ගෙන කථානායකවරයා ගේ සහතිකය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැව් ආරංචි වීමෙන් පසුව මීරිගම පැවති ආගමික උත්සවයකදි කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කොට ඇත්තේ එවෙනි ආකාරයෙන් නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත කලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අනුව ඒ සඳහා අවශ්‍ය කථානායකවරයා විසින් සහතිකය නිකුත් නොකරන බවයි.

26 views

3 Comments to “ජනාධිපති මොනවා කියුවත් මන්ත්‍රීවරු අන්දවා කාන්තා නියොජනය වැඩි කිරීම ගෙනා ලෙස පාර්ලිමේන්තුවේදි ෆෙඩරල් අනුමත කරයි..”

  1. hitan gedara appuhami says:

    මේ කතානායකයා කියන දේවල් විස්වාශ කරන්න බැහැ. මෙයා අම්බලංගොඩ රූකඩයක් වගේ. මැකෝගේ ජාතියේ පොරක්. හැමදාමත් ඔහොම තමයි කිව්වේ. කරන කොට වෙන දෙයක් කරන්නේ. මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත වුනොත් මේ රුකඩේ අනිවාර්යයෙන්ම ඕකට අත්සන් කරනවා. වැඩි චන්දෙන් සම්මත කරලා තියෙන්නේ. මට ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්න බැහැ කියාවි. ඔය දැන්මම හාමුදුරුවරු, සාමාන්‍ය ජනතාව ගොනාට අන්දන්න හදන්නේ. මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක කොහොම හරි නවත්තන්න ඕන. ගරුතර ස්වාමීන් වහන්සේලා පටන් ගත් සටන මොනම අයුරකින්වත් ලිහිල් නොකළ යුතුයි. කව්රු මොන පොරොන්දුව දුන්නත්, මොනවා කිව්වත්, මේ රටට අනවශ්‍ය, ජනතාවට ඕන නැති ව්‍යවස්ථා සංශෝදනය සම්පුර්ණයෙන්ම නවතා දමන්න ඕන. මේක අවශ්‍ය බුද්ධාගමට විරුද්ධ බටහිර රටවල්, ඉන්දියාව වැනි කලාපයේ බලය උදෙසා පොරකන, ලංකාවේ දියුණුවට හරස් කපන රටවල් සහ බටහිරෙන් යැපෙන NGO නඩයට. සාමාන්‍ය ජනතාවට ඕන වගාවට වතුර, ලෙඩට දුකට බෙහෙත්, ළමයින්ට අධ්‍යාපනය, තරුණ තරුණියන්ට රැකියා, අතට මුදල්, සැමට සමාන නීතිය. අපිට නැති උතුරට තියෙන ප්‍රශ්න මොනවද. අපිට ලැබෙන උතුරට නොලැබෙන වරප්‍රසාද මොනවද.
    රටේ ඉන්න මිනිස්සුන්ට සාධාරණ මුදලකට හාල් පොල් එළවලු මාළු ටික වැනි මූලික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්න ක්‍රම වේදය සකස් කර දෙන්න බැරි ආණ්ඩුවකට රටේ ආර්ථිකය ගොඩනැගීම කොහෙත්ම බැරි බව ඕනෑම ගොනෙකුට තේරෙන දෙයක්. මුන් මේ ඒ බැරිකම වහගන්න, ඉතිරි අව්රුදු 2 ඇදගෙන යන්න කරන උප්පරවැට්ටියක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රටක් බෙදුනාම, බේද බින්න වුනහම පාලනයට පහසුයි. යටත් විජිත සමයේ පර සුද්ද කලෙත් ඕකමයි. මේ ඒ පර සුද්දන්ගෙන් පැවතෙන වත්මන් පාලකයින් කරන්නෙත් එකමයි. මුන්ව වහාම පන්න දැමිය යුතුයි.
    ව්‍යවස්ථා යෝජනාව ලත් තැනම ලොප් කර දැමිය යුතුයි. ගරුතර ස්වාමින්වහසේලා පටන් ගත් සටන අවසානය දක්වාම ලිහිල් නොකළ යුතුයි. නැතිනම් අශ්වයා ගියාට පසු ඉස්තාලය වස දැම්ම වැනි දෙයක් වේවි.

  2. sinha le says:

    සිරිසේන රනිල් පාලනය ක‍රන්නේ දෙමළ ඩයස් පෝරාව මුන් දෙන්නම රුකඩයෝ

  3. upasaka says:

    හාමුදුරුවනේ,වැඩේ බරපතලයි.රට පුරා පන්සල් වල ශාන්ති පුජ පැවැත්තුවොත් හොදයි ,

Main News