ජනාධිපති රට පාලනය කරන්නේ කටින් විතරයි.. කෝ සිංහ නාද..

September 18, 2019 at 8:02 am | lanka C news
ජනාධිපති රට පාලනය කරන්නේ කටින් විතරයි.. කෝ සිංහ නාද..

දේශය වෙනුවෙන් දිවි නොතකා සටන් වැදුණු ආබාධිත රණවිරුවන් හට දක්වන කුඩම්මාගේ සැලකිලි සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන රජය ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් කෙරෙහි නෑසුකන්ව සිටින බව පැවසූ රණතුංග මහතා ත්‍රස්තවාදී හුරතල් කරමින් රණවිරුවන් දංගෙඩියට දක්කන මෙවැනි ආණ්ඩු‍ ලෝකයේ කොහේවත් නැති බවත් පැවසීය.

රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත පිරිසක් සමඟ උඩුගම්පොළ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ දරු පවුල් එකතුව විරෝධතා ව්‍යාපාරයක් දක්වමින් සිටිනවා. ඔවුන්ගේ ඉල්ලා සිටින්නේ අවුරුදු 55න් පස්සෙත් වැටුප් ගෙවන ලෙසයි. මවුබිම වෙනුවෙන් සටන් වැදිලා ජීවිතය හෝ අත් පා අහිමි කරගත්තු මේ පිරිසගේ ඉල්ලීම් ඉතා සාධාරණයි.

දවස් පහ හයක් තිස්සේ මේ පිරිස අව් වැසි නොතකා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා දක්වනවා. මේ වෙනකම් රජයේ කිසිම වගකිවයුත්තෙක් අඩුගාණේ මෙතැනට ගිහින් නැහැ. පොලීසියේ නිලධාරියෙක් මේ පිරිසට තර්ජනය කරනවා නැගිටලා ගියේ නැත්නම් උස්සලා මුහුදට විසි කරනවා කියලා.

ආණ්ඩුව රණවිරුවන්ට සලකන්නේ මෙහෙමද? ජනාධිපතිවරයා තැන තැන ගිහින් සිංහ නාද දෙනවා තමන් ඉන්නකම් රණවිරුවන්ට අත තියන්න දෙන්නේ නැහැ කියලා. කෝ ඒ සිංහ නාද? අඩුගාණේ මේ මිනිස්සුන්ගේ ඉල්ලීම මොකක්ද කියලවත් අහලා බැලුවද? නැහැ. උන්නැහේ රට පාලනය කරන්නේ කටින් විතරයි.

අගමැතිවරයා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. එතුමා කවදත් සිංහල ජාතිය, රට, ආගම, රණවිරුවන් ගැන හැගීමක් තිබුණු කෙනෙක් නෙමෙයි. එතුමා වටේ ඉන්න මංගලලා, සාගලලා වුණත් එහෙමයි. මේ අය හැමදාම උත්සහ කළේ රණවිරුවන් පාවා දීලා හරි බලය රැකගන්න විතරයි.

කොටි ත්‍රස්තවාදීන්ට වන්දි පිට වන්දි ගෙවන ආණ්ඩුව රණවිරුවන්ගේ ඉල්ලීම් ඉස්සරහා නිහඬව ඉන්නවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ටත් ඇප දීපු ආණ්ඩුව, ත්‍රස්තවාදයට නිල ආරක්ෂාව වගේම ඇමැතිකම් දෙන ආණ්ඩුව රටේ මුරදේවතාවුන් වන රණවිරුවන්ට සලකන විදිය ගැන ලැජ්ජා වෙන්න ඕනේ.

අපේ රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සටනට ගම්පහ දිස්ත්‍රික් ජනතාව එක්ක මගේ සහයෝගය හිමිවෙනවා. ත්‍රස්තවාදීන් ඉස්සරහා දණ නොනැමූ අභීත රණවිරුවන්ට මේ වගේ ‍කොන්ද පණ නැති ආණ්ඩුවක් නිසා අත්වෙලා තියෙන අරමුණ ගැන අපි කණගාටු වෙනවා වගේම අපේ ආණ්ඩුවක් යටතේ ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන බවත් කියන්න කැමැතියි.

රණවිරුවන්ගේ අභිමානය පාවා දුන්, රණවිරුවන් සිරගත කළ මෙවැනි දේශද්‍රෝහී ආණ්ඩුවකින් මෙයට වඩා පිළීතුරක් බලාපොරොත්තු වෙන්න බැහැ. කොටි හිතවාදීන්ගේ මුදල් මත යැපෙන, ත්‍රස්තවාදීන් ඇමැතිකම් දරන ආණ්ඩුවකින් සාධාරණයක් ඉටු වෙයි කියලා හිතන්නත් බැහැ.

මේ ගෙවෙමින් යන්නේ ආණ්ඩුවේ අවසන් දින කිහිපයයි. ජනාධිපතිවරයාගේ අවසන් මාස දෙක තමයි මේ ගෙවෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා තව මාස දෙකකින් රණවිරුවන්ගේ අභිමානය රකින, ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන යුක්තිගරුක ආණ්ඩුවක් අපි පිහිටුවනවා කියලා.

– ප‍්‍රදීප් අනුර කුමාර

22,196 Viewers

5 Comments to “ජනාධිපති රට පාලනය කරන්නේ කටින් විතරයි.. කෝ සිංහ නාද..”

  1. රන්බණ්ඩා says:

    අර කැලෑවෙ හිටිය නරියෙකුට පාර වැරදිලා නගරෙට වැදුනට පස්සෙ තීන්ත බාල්දියක් උගේ ඇඟේ හැලිලා වුණු සංගෙදියමයි මේ මනුස්සයාටත් වුණේ බොලව්.
    ආපහු කැලේ වැදුනට පස්සෙ, අමුතු සතෙක් ඇවිල්ලැයි කියලා සත්තු ඔක්කොම එකතු වෙලා, හිටපු සිංහ රජාව අතහැරලා මූව රජා කොරගත්තලු.
    ඒත්, මූට මොන සිංහ නාදද බොලව්, ඈත නරි කෑගහන කොට කටින් පිට වෙන්නෙ නරි හඬමයි.
    පස්සෙන් පහු තමන්ට වැරදුනා යැයි තේරුම් ගත්තු කැලේ සත්තු මුගේ අධෝවට පයින් ගසා පන්නා දැමුවේලු.
    අද අපේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ටත් වෙලා තියෙන්නෙ ඒ නස්පැත්තියමයි බොලව්.

  2. Wiki says:

    බැඳුම්කර නඩු විභාගයට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අත් අඩංගුවට ගෙන සිරගත කිරීමේ සැලැස්මක් පවති. දැනට පවතින නව ප්‍රවණතා අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙකුටමත් එම ඉරණමම අත්වීමට නියමිත බව වාර්තා වේ.
    ඊට අදාළ සියලුම නීතිමය සාධක, සාක්ෂි සහිතව ලිපිගොනු තමන් සන්තකයේ තබාගෙන, ජනාධිපතිවරයා නිසි මොහොත පැමිණෙන තෙක් කල්මරණ බවත් ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
    පොහොට්ටුවේ මහ මොළකරැවන්ගේ අධිතක්සේරැව හා අධිමාන්නය සිරා මරැසිරා බවට පත් වීමට හේතු වී ඇත.

  3. නිළමේ says:

    රුසියාවේ එක්කෙනා ” පුටින්” – අපේ
    එක්කෙනා ” කටින්” ඒකයි වෙනස.

  4. gamarala says:

    සිරිසේනට කටින් බතල හිටවන්නට පුලූවන. එහෙත් ඒ බතලවල අල බහින්නේ නැත.

Main News