ජනාධිපති රූකඩයක් කරන්නට රනිල් ඇටවූ උගුල ගෝටා හෙලි කරයි..

December 9, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපති රූකඩයක් කරන්නට රනිල් ඇටවූ උගුල ගෝටා හෙලි කරයි..

මොරටුව ප‍්‍රදේශයේ 08 වැනිදා පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

ශ‍්‍රී ලංකාව ලෝකය දෙස බැලීමේදී පැරණි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන රටක්. අපේ පාලකයන් මහජන ඡුන්දයෙන් පත් කර ගත්තේ අපිට නිදහස ලැබෙන්නත් කලින්. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට පාලකයන් පත් කර ගත්තේ මහජන ඡුන්දයෙන්. අපි කැරළි දෙකකට මුහුණ දුන්නා. වසර 30 කට ආසන්න කාලයක් අපේ රටේ දරුණු ත‍්‍රස්තවාදයක් තිබුණා. නමුත් අපි ස්ථාවර රජයක් යටතේ රට සංවර්ධනය කළා. අවසානයේ දරුණු ත‍්‍රස්තවාදය පරාජය කළා. නිදහස ලැබූ නිසයි අපිට ව්‍යවස්ථාවක් ලැබුණේ. 1972 දී ව්‍යවස්ථාව මගින් ජනරජයක් බවට පත් වුණා. සියලූම ව්‍යවස්ථා යටතේ අපේ රට ස්ථාවරව පැවතුණා. නමුත් අද රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජය එදා කඩිමුඩියේ ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා රට අවුලකට – අස්ථාවර භාවයකට පත්් වෙලා තිබෙනවා. හුදෙක්ම තම දේශපාලන විරුද්ධවාදීන්ව දේශපාලනයෙන් ඉවත් කිරීමටයි ඒ ව්‍යවස්ථාව ගෙනාවේ. එම නිසා අද කැබිනට් මණ්ඩලයක්, අගමැතිවරයෙක් නැති රටක් බවට අස්ථාවර වුණා.

මේ රට අස්ථාවර වුණේ අද ඊයේ නෙමෙයි. අපේ රටට විවිධ ජනපතිවරු – අගමැතිවරු යටතේ ඇදී ගිය ත‍්‍රස්තවාදය වසර තුනකින් නිමා කරන්නට මහින්ද රාජපක්‍ෂ රජයට හැකියාව ලැබුණා. කිසි දිනෙක නොවූ ආකාරයේ රට සංවර්ධනය, ආර්ථිකය දියුණු වුණා. විදේශීය සහ දේශීය ආයෝජකයන් අපේ රටට ගලාගෙන ආ අවදියක බොරු ප‍්‍රචාර ගෙන ගිහින්, ජාතිවාදය අවුස්සමින් ජනතාව මුලා කොට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව පරාජය කරන්නට දෙස් විදෙස් බලවේග කුමන්ත‍්‍රණ ඇති වූණා. එදා සිට තමයි මේ අස්ථාවරභාවය ඇති වුණේ. යහපාලනය කියන රජය පැමිණි දින සිට ඔවුන් ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්නට ක‍්‍රියා කළා මිසක් රට සංවර්ධනය, ආර්ථිකය වර්ධනය කරන්න කටයුතු කළේ නැහැ.

රනිල් වික‍්‍රමසිංහ රජය නව ව්‍යවස්ථාවක් ගෙනෙන්නට සූදානම් වුණා. මේ ව්‍යවස්ථාව හරහා ඒකීයභාවය අහිමි වෙනවා. නව ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පත් කරන්නට යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ ඡුන්දයෙන්. ඒ ජනාධිපතිවරයා බල රහිත ජනාධිපතිවරයෙක්. ඔහු උත්සවවලට පමණක් සීමා වන ජනාධිපතිවරයෙක් පමණයි. උතුරු සහ නැගෙනහිර පළාත්් දෙක එකතු කරලා සියලූ බලතල සහිත එක මහ ඇමැතිවරයෙක් ඉල්ලා සිටියා. මේ ව්‍යුහය තමයි ඒ අය ගෙනෙන්නට උත්සාහ කළේ. ඒ ව්‍යුහය කිසි දිනෙක නැවතත් වෙනස් කරන්නට බැහැ. එහෙම කරන්නට නම් සියලූම පළාත් සභාවල් එකඟ විය යුතුයි. අපි දියුණු වෙමින් තිබූ රටක්. අපිට ක්‍ෂණික තීරණ ගැනීමට හැකියාව තිබිය යුතුයි.

අද ලෝකයේ විවිධ අන්තවාදී ව්‍යාපාර පවතිනවා. ඒවා මේ රටට බලපාන්නට හැකි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. රටකට වැදගත්ම දේ තමයි ආරක්‍ෂාව. යුද්ධයෙන් පසුව දකුණට වගේම උතුරටත් නිදහස ලබා දුන්නා. රටේ මාර්ග බාධක සංස්කෘතිය ඉවත් කළා. යළි ත‍්‍රස්තවාදයක් ඇති නොවෙන්නට ආරක්‍ෂක සැලැස්මක් අපි සකස් කර තිබුණා. බුද්ධි අංශ රටේ ස්ථානගත කර තිබුණා. ත‍්‍රිවිධ හමුදා, පොලිස්්, ජාතික බුද්ධි අංශ සම්බන්ධීකරණයෙන් සැකසහිත සිද්ධීන් වැළැක්වීමට කටයුතු කළා. පෝස්ටරයක්වත් ගහන්නට ඉඩක් දුන්නේ නැහැ. රටක ආරක්‍ෂාව අපි වැදගත් කොට සැලකුවා. හිටපු රජය බුද්ධි අංශ දුර්වල කළා. බොරු චෝදනා එල්ල කොට බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මා. මේවා කළ නිසා තමයි එදා මඩකලපුවේ සිද්ධීන් ඇති වුණේ. මේවා සුළු සිද්ධීන් නෙමෙයි. 80 දශකයේ මුල්භාගයේ සිදුවුණෙත් මෙවැනි දේවල් තමයි.

මෙවැනි තත්ත්වයක් තුළ තමයි දුර්වල ව්‍යවස්ථාවක් ගෙන එන්නට රනිල් වික‍්‍රමසිංහ රජය සූදානම් වුණේ. ඔවුන් තවදුරටත් බලය ඉල්ලන්නේ විදේශීය බලවේගවල අවශ්‍යතා ඉටු කරන්නයි. බෙදුම්වාදී බලවේග ඇතුළු සියලූම බලවේග එකතු වෙලා තමයි නව ව්‍යවස්ථාව ගෙන එන්නට කටයුතු කළේ. 1989 මැතිවරණයක් තිබ්බා. ඒ මැතිවරණය තිබුණේ භීෂණ යුගයේ. ඡුන්දය දෙන්න තහනම්. මාතර ඡුන්ද පොළක ඡුන්ද දෙකයි තිබුණේ. ඉන් එක්කෙනෙකුත් මැරුණා. එදා එජාප රජයක් තිබුණේ. ඒ අයගේ මන්ත‍්‍රීවරු පොලිසියත් එක්ක ගිහින් හොර ඡුන්ද දැම්මා. එහෙම තත්ත්වයක් තිබියදීත් වසර 6 ක්ම ඔවුන් රට පාලනය කළා. නමුත් එදා කවුරුත් රටට සම්බාධක දැම්මෙත් නැහැ. ඒ රජය පිළිගන්න බැහැ කිව්වෙත් නැහැ.

රටේ කරගෙන ගිය විශාල ¥ෂණ වැළැක්වීමට, ආර්ථිකය කඩාවැටීම වැළැක්වීමට ඇතුළු කරුණු ගණනාවක් නිසා ජනාධිපතිවරයාට සිදුවුණා නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. තානාපතිවරුන්ගේ හැසිරීමෙන් අපිට පෙනෙනවා රනිල්ගේ රජය කවුරුන්ද පත් කළේ කියලා. මහින්ද රාජපක්‍ෂ රජය බොරු ප‍්‍රචාර ගෙන යමින් පරාජයට පත් කළා. එහෙම පරාජය වූ එතුමා අවසාන ප‍්‍රතිඵලය එන්නත් කලින් අරලියගහ මන්දිරයෙන් පිටව ගියා. මහින්ද රාජපක්‍ෂ රජය සමයේදී සෑම මැතිවරණයක්ම වෙලාවට පැවැත්වූවා. එහෙම කළ මහින්ද රාජපක්‍ෂට තමයි මේ අය ප‍්‍රජාතන්ද්‍රවාදයක් නැතැයි කියමින් චෝදනා කරන්නේ. 2014 සිටි බලවේග යළිත් අද ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා. එදා බොරු ප‍්‍රචාර ආයෙත් ගෙනඑන්නට සූදානම් වෙනවා. රාජපක්‍ෂ පවුලේ අයට පිටරටවල්වල බැංකු ගිණුම් තිබෙනවා කිව්වා. වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ ඒ මුදල් හෙව්වා. මේවා නිසා ජනතාව මුලා වුණා. අපි කවුරුත් මේ කරුණු ගැන අවබෝධ කරගත යුතුයි.

– චාමින්ද කරැනාරත්න

27,421 Viewers

4 Comments to “ජනාධිපති රූකඩයක් කරන්නට රනිල් ඇටවූ උගුල ගෝටා හෙලි කරයි..”

  1. ජයහඩ says:

    ජයවේවා අපේ අනාගත ජනපතිඳුනි ඉක්මණින් පැමිණි මේ ගිනි ගන්නා අසරණ මවිබිම බේරා ගනු මැනවි.

  2. නැවත පෙර පරිදි රට ගොඩනගන්න එන්න මැතිඳුනි ඉක්මනින් අප වෙත. ඔබට දළදා සමිදු පිහිටයි

  3. sirimal says:

    Fine analysis and a timely reminder to Sinhalayas, who forget the past very soon. We still have half a dozen great leaders, Gota, Mahinda, Basil, Sarath Weerasekera, Channa Jayasumana etc., not like corrupt liars in parliament.

  4. John tha bass says:

    Ara allapu kilo 227n mitak Kate obanna watina kathaaawa

Main News