ජනාධිපති ලවා විජේදාස නෙරපීම සම කල හැක්කේ ඇහැලේපොළ කුමාරිහාමි ලවා තම දරුවන් වංගෙඩියේ කෙටීමට දුන් දඩුවමටයි..

August 25, 2017 at 3:50 pm | lanka C news
ජනාධිපති ලවා විජේදාස නෙරපීම සම කල හැක්කේ ඇහැලේපොළ කුමාරිහාමි ලවා තම දරුවන් වංගෙඩියේ කෙටීමට දුන් දඩුවමටයි..

‘විජයදාස ඉල්ලා අස්විය යුතුය,නැතහොත් අස්කල යුතුය,කැබිනෙට්ටුවෙන් පන්නා දැමිය යුතුය,ලැජ්ජාවක් තියෙනවානම් ඉල්ලා අසවිය යුතුය, පසුගිය ආණ්ඩුවේ නඩු පරක්කු වෙන්නේ ඔහු නිසාය, කෘත්‍යාධිකාර මණ්ඩලයම ඔහුට විරුද්ධ ය, ඔහු දන්නා නීතියක් නැත, නඩු ඉක්මන් කරන්න ඔහු මැදිහත් වෙන්නේ නැහ, යනුවෙන් පසුගිය දිනවල ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තරගයට මෙන් වර නැගු පාඨ කිහිපයකි’ යයි අද ලංකාදීප පුවත්තේ “කිවිදා දැක්ම” වෙත ලිපිය ලියමින් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා කතිකාර්චය ධම්ම දිසානායක පවසයි.

මෙහිදී ඔහු පවසන්නේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා හම්බන්තොට වරාය ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීම සම්බන්ධව එජාපයේ ප්‍රතිපත්තිවලින් බැහැරව ශ්‍රිලනිප නැඹුරු ප්‍රගතිශීලි ප්‍රතිපත්තියක සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිටි මතයේ එක්තරා දුරකට සිටි අමාත්‍යවරයෙකු ලෙසයි. එහෙත් එජාපයේ නායකත්වය උපායශීලීව ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරිමට තීරණය කලහ.

එහිදි ජනාධිපතිවරයාට අවසාන තීන්දුව ගැනිමට සිදුවුනේ “යහපාලනය ඉවරයි, දැන් ඕනී මෛත්‍රී පාලනයක්” යැයි කියු විජේදාස රාජපක්ෂට එරෙහිව ය. ඔර්ජිනල් ශ්‍රීලනිප කාරයෙකුට සමානවන අයුරින් හඬක් නැගු විජයදාසගේ ඉරණම විසදීම පිලිබඳ අවසාන තීරණය ජනාධිපතිවරයා වෙතම පැවරීම එක අතකට ඇහැලේපොළ කුමාරිහාමිට තම දරුවන් වංගෙඩියේ දමා කෙටීමට සැකස්වු දඬුවමක් ද? යන්න එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.

මූලාශ‍්‍ර – ලංකාදීප

64 views

3 Comments to “ජනාධිපති ලවා විජේදාස නෙරපීම සම කල හැක්කේ ඇහැලේපොළ කුමාරිහාමි ලවා තම දරුවන් වංගෙඩියේ කෙටීමට දුන් දඩුවමටයි..”

  1. LION says:

    දුටිගැමුණු රජකාලේ මුන් වගේ අය එළාර සමග එකතු වී රටට විරුද්දව වැඩ කලා මුන් එන්නේ ඒ පරම්පරාවෙන්

  2. අනාථ ජනයා says:

    කරුනාකර ඇහැලේපොළ කුමාරිහාමිට නිගා දෙන්න එපා මොකද මේක බලයෙ ඉන්න තියෙන් කෑදර කමට මුගෙ ලමයි වන්ගෙඩියෙ දාල කොටන එක විතරක් නෙමෙයි ඕන දහ ජරා වැඩක් කරයි.

    • Gamage3 says:

      මට ඔක්කාරයට ආවා මේ සැසදීම දැකලා. ඇහැලේපොල කුමාරිහාමි අප කුඩා කල පටන් ආදරයෙන් ගවුරවයෙන් සිහිකරන චරිතයක්