ජනාධිපති ලේකම්ගේ තීරණයට ඇමති වාසුගේ විරෝධය.. ලිඛිතව දන්වයි.. ජනතා දැඩි විරෝධය එල්ල වෙයිලු..

December 7, 2020 at 10:00 am | lanka C news
ජනාධිපති ලේකම්ගේ තීරණයට ඇමති වාසුගේ විරෝධය.. ලිඛිතව දන්වයි.. ජනතා දැඩි විරෝධය එල්ල වෙයිලු..

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම නොසතුට පළකරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ එම කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවයි.

ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවද එකී ලිපියේ දැක්වේ.

මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි යැයි ද ඇමතිවරයා තම ලිපියේ අනතුරු අඟවා ඇත.

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.

එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙසද එකේ ලිපියෙන් දන්වා තිබේ.

72,652 views

32 Comments to “ජනාධිපති ලේකම්ගේ තීරණයට ඇමති වාසුගේ විරෝධය.. ලිඛිතව දන්වයි.. ජනතා දැඩි විරෝධය එල්ල වෙයිලු..”

  1. Chatura putha says:

    තීන්දුව දීල ඉවරයි.ඈවරයි,දෑවරයි,තුන් ඈවරයි.

  2. Dishum-Dishum says:

    වාසු ඔයා ට නෙමේ මහජනතාව රට භාර දීලා තියෙන්නේ ගෝඨාභයට ඔයා පාඩුවේ ඉන්න .

  3. බලලෝභී වන්වනිකයාට ගැලවිල්ක් නොමැත..! says:

    මව්බ්මේ තීරනාත්මකම වැදගත් සන්ධිස්තාණයකටකට
    අප සැවෙවාම ලගාවෙමින් සීටියි..!
    බලලෝභී වන්වනිකයාට ගැලවිල්ක් නොමැත..!
    අවධානයෙන් බලා සිටිනු..!

  4. saman says:

    මූ ආර්ථික ඝාතකයා කියලා හැමෝම දන්නවා. ඒත් හොරකන් කරන්න ඔනේ නිස අයිත් ගෙනාවා.

    • කසුන් says:

      ඔව් ඔබ කිව්වෙ ඇත්තම කතාව, ඒත් 69ලක්ෂෙ එවුන්ට කොහොමවත් වැටහීමක් තවමත් නෑ.

Main News