තවත් නම් බෑ කියා ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි…
June 30, 2017 at 7:03 pm | lanka C news
2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද පී.බී. අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් ඒ මහතා ලබා දී ඇති බවද වාර්තා වන අතර පුද්ගලික හේතුවක් මත ඔහු එම තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවද දන්වා ඇත.
මේ අතර ජනාධිපති ලේකම්වරයා ලෙස ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කරනු ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.
ඔස්ටින් ප්‍රනාන්දු මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම ආණ්ඩුකාරවරයෙකුද වෙයි. එමෙන්ම කොටි සංවිධානය මෙරට ක්‍රියාත්මක පැවතෙද්දී සාම සාකච්චා සදහා ප්රමුඛ පෙලේ කාර්ය භාරයක්ද ඔහු විසින් ඉටු කරනු ලැබීය.