ජනාධිපති ලේකම් ඔස්ටින් මානසික රෝගී කැලිගියුලා අධිරාජ්‍යයා සේ සිතයි..

January 31, 2018 at 3:26 am | lanka C news
ජනාධිපති ලේකම් ඔස්ටින් මානසික රෝගී කැලිගියුලා අධිරාජ්‍යයා සේ සිතයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

මීට වසර දෙදහසකට කලින් කැලිගියුලා කියලා රෝම අධිරාජ්‍යයෙකු සිටියා.  මානසික රෝගියෙකු වුණු මේ අධිරාජ්‍යයා නඩුවක් ඇසීමට කම්මැලි හිතුනාම දෙපැත්තෙන් ඉදිරිපත් කරලා තිබෙන ලේඛණ මැනලා වැඩි බරක් තිබෙන ලේඛණ ඉදිරිපත් කළ පාර්ශවයේ වාසියට තීන්දුව දෙනවා.  අපේ ජනාධිපති ලේකම්තුමාත් කටයුතු කරලා තිබෙන්නේ කැලිගියුලා වගේ.

වත්මන් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කෙරෙන බැඳුම්කර කොමිෂන් වාර්තාවේ පිටු ගණන 946යි.  නමුත් රාජපක්ෂ ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරන බරපතල වංචා කොමිෂන් වාර්තාව ඊට පොඩියි.  දැන් මොකද කරන්නේ? ජනාධිපති ලේකම්තුමාත් කැලිගියුලා වගේ හිතුවා. එතුමන් හිතුවා පසුගිය ආණ්ඩුවේ වාර්තාව පොඩි එකක් වෙලා වත්මන් ආණ්ඩුවට එරෙහි  බැඳුම්කර වාර්තාවට  ලොකු එකක් උනොත් වාර්තා දෙක දිහා  බලලා ජනතාව තීරණය  කරාවි  පසුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව දූෂිතයි කියලා.

ඒ නිසා ජනාධිපති ලේකම්තුමා බරපතල වංචා කොමිෂන් වාර්තාවේ අකුරු පොල් ගෙඩි තරමට ලොකු කරලා ඩබ්ල් ස්පේස් ක්‍රමයට පිටු පුරා ඉඩ තියලා පිටු 1135ක් බවට පත් කරගෙන බැඳුම්කර කොමිෂන් වාර්තාවට වඩා කෘතිමව ලොකු කර තිබෙනවා.

ජනාධීපති ලේකම්තුමනි ඔබතුමන් මෙරට හිටපු විශිෂ්ඨතම පරිපාලන නිලධාරියෙක්. මගේ පෞද්ගලික මිත්‍රයෙක්. අතිවිශාල ගෞරවයක් තිබෙන නිලධාරියෙක්.  ඒ නිසා ඩාලි පාරේ මුලස්ථානයේ කෙරෙන්න ඕන දේශපාලන වැඩ ජනාධිපතිලේකම් කාර්යාලය තුල ඔබතුමන් කෙරෙහි අපේ තියෙන ආදරය ගෞරවය අහිමිකර ගන්න එපා කියලා අප ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

11 views

5 Comments to “ජනාධිපති ලේකම් ඔස්ටින් මානසික රෝගී කැලිගියුලා අධිරාජ්‍යයා සේ සිතයි..”

  1. Manel says:

    Thanks Mr Gammanpila. Now I realise why My3 started acting like a lunatic since Austin Fernando became the secretary. Everything he uttered in the recent past resemble a mentally sick person.

  2. bandara says:

    සිංහල බිල්ලන් ජනතාවට හංගන ඉතාම වැදගත් ‍දෙයක් තියෙනවා. යහපාලන ආණ්ඩුව එනම් මෛත්‍රී-රනිල් ආණ්ඩුව විසින් සිදු කළ මහ බැංකු මුදල් වංචාව සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරල තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ බහුතර ඡන්දදායකයන්ට බැදුම්කර වාර්තාව කියවන්න බෑ. එනම් බැදුම්කර වාර්තාව මගින් කියල තියෙන දූෂිතයන් ගැන සිංහලෙන් කියව ගන්න ලංකාවේ බහුතර ජනතාවට හැකියාවක් නෑ. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කළ දූෂණ හොයන්න පත් කළ බරපතල වංචා කොමිෂන් වාර්තාව අගේට සිංහලෙන් තියෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කොමිෂන් වාර්තාව අගේට කියවන්න සිංහල ජනතාවට පුළුවන්. ඒ කියන්නේ සිංහල ජනතාව මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එරෙහිව යොදවන්න ඒ වාර්තාව සිංහලෙන් දුන්න. නමුත් රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව සිදු කළ වැරදි සම්බන්ධව සිංහල ජනතාවට සිංහලෙන් වාර්තාව නෑ. ඒ නිසා මේ කොමිෂන් වාර්තා ඉදිරිපත් කරන්නේ රාජපක්ෂලාට එරෙහිව සිංහල වාර්තා…. රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුවට එරෙහිව ඉංග්‍රීසි වාර්තා. කොහොමද ඉංග්‍රීසි ජාතිවාදීන්ගෙයි…සිංහල බිල්ලන්ගෙයි ටිකිරි මොලේ……

    • ඇත්ත says:

      මෙහෙම කියන්න එපා…බැදුම්කර වාර්තාව ගැන සාකච්ඡාව කල් දාන්න මෝඩ සිංහලයන්ගෙ තර්තයක් කියල හිතයි. සිංහලෙන් දුන්නත් ඉංග්‍රීසියෙන් දුන්නත් නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගේනෙ. උන්ම වාර්තා හදාගෙන උන්ම නඩු අහගන්නව. උන්ම තීන්දු තීරණ දීල මෝඩ සිංහලයන්ව අල්ලේ නටවනවා. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න සිංහලයන්ට ඊට වඩා මොනවද ඕනා…සිරිමා බණ්ඩාරනායකගෙ ප්‍රජා අයිතිය අහෝසි කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හවුල් ආණ්ඩු කරන්න පුලුවන්නම් තම මොනවද උන්ට කරන්න බැරි..සල්ලි..සල්ලි…..

  3. indunil says:

    2001 dee saama givisumath kotinta wadi barak dunnada?

  4. Nevill de Alwis (Attoney at Law) says:

    ලංකාවේ ලොකුම හොරකම බැඳුම්කර වංචාව

Main News