ජනාධිපති වතුකරයට පොරොන්දු වූ සියල්ල දෙනවා..- CWC

January 20, 2020 at 12:40 pm | lanka C news
ජනාධිපති වතුකරයට පොරොන්දු වූ සියල්ල දෙනවා..- CWC

ජනාධිපතිවරණ සමයේ වතුකරයේ ජනතාවට ලබාදෙන බවට පොරොන්දු වු සියළුම දේ වතුකරයේ ජනතාවට ලබාදිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකරමින් සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සහ හිටපු මධ්‍යම පලාත් සභා අමාත්‍යය මරදපාණ්ඩි රමේෂවරන් මහතා පැවසිය.

රමේෂ්වරන් මහතා ඒ බව කියා සිටියේ නාවලපිටිය කැටබුලාව දමිල මහා විද්‍යාලයේ පැවති වාර්ෂික තැගි ප්‍රධාන උත්සවය සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට රු දහසක දෛනික වැටුපක් ලබාදෙන බවට වු පොරොන්දුව වතු කම්කරුවන්ට මාර්තු 1 දින සිට ලබා දිමට කටයුතු කර ඇති බවය.

එසේ වැඩි කල දෛනික වැටුප අනිවාර්යයෙන්ම ලැබෙන බවත්, වතුකරයට විශ්ව විද්‍යාලයක් ලබාදෙන බවට වු පොරොන්දුව මේ වන විට ක්‍රියාවට නංවා සිටින බවයි.

අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා නුවරඑලිය සංචාරයක නියැලෙමින් වතුකරයට වෙනම විශ්ව විදයාලයක් ඉදි කිරිම සදහා ඉඩමක් හදුනාගෙන ඇති බවත්, ඉදිරි දිනයකදි තම පක්ෂයේ නායක අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා සමග බන්දුල ගුණවර්ධන මහතා යලිත් වතාවක් එම ඉඩමට ගොස්  ඉඩම නිරික්ෂණය කර අවසන් තිරණයකට එලඹෙන බවයි.

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි ගෝඨාභය  රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් වතුකරයේ ජනතාවගේ ද සහයෝගය මත ශක්තිමත් රජයක් පිහිටුවිමට තම පක්ෂය කටයුතු කරන බවද මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,620 Viewers

One Comment to “ජනාධිපති වතුකරයට පොරොන්දු වූ සියල්ල දෙනවා..- CWC”

  1. 3% idiots says:

    Goto, give all the things to the pathetic Tamils who did not vote you.

Main News