ජනාධිපති වන්නැයි මුල්ම ආරාධනාව ආවේ මටයි.. මං බෑ කිවුවා..

October 15, 2016 at 11:20 am | lanka C news
ජනාධිපති වන්නැයි මුල්ම ආරාධනාව ආවේ මටයි.. මං බෑ කිවුවා..

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන්නැයි ලෙස මුල්ම ආරධනාව ආවේ තමනට බව වරාය හා නාවුක ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

නමුත් තමනට ජනාධිපති ධුරය උවමනා නැති බවත් වෙනත් සුදුස්සෙක් තෝරා ගන්නා ලෙසත් එහිදී තමන් කියා සිටි බවද සති අන්ත පුවත් පතක් හා අදහස් පලකරමින් ඔහු සදහන් කර ඇත.

එම ආරධනාව තමනට සිදු කරනු ලැබුවේ අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් බවද ඇමතකිවරයා එහිදී හෙලි කරයි.

169 views
Main News