ජනාධිපති ව්‍යවස්ථාව කඩලා කියා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි…

March 17, 2019 at 2:38 pm | lanka C news
ජනාධිපති ව්‍යවස්ථාව කඩලා කියා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කර ඇති බවත් ඉන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පවසමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් හතර දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ජනාධිපතිට විරුද්දව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස දීපාලි විජේසුන්දර මහත්මිය සති දෙකෙන් දෙකට වැඩ බැලීමට පත් කිරීමෙන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි පෙත්සම්කරුවන් කියති.

ලාල් විජේනායක, ලක්ෂ්මන් ජෝතිකුමාර්, සුනිල් ජයරත්න, නාමල් රාජපක්ෂ යන නීතීඥවරුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් කර ඇත්තේ ජනාධිපතිවරයා, නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයන් හා අභියාචනාධිකරණ විනිසුරු දීපාලි ජයසුන්දර යන පිරිසයි.

20,379 Viewers

4 Comments to “ජනාධිපති ව්‍යවස්ථාව කඩලා කියා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි…”

  1. THILAK says:

    MUN PROVINCIAL COUNCIL ELECTION THIYANNE NATHI EKATA CASE NADDA.

  2. Nadeesha says:

    Somebody has to penalise him if he breaches Constitution. Please understand no one is above the law.

  3. Namal says:

    ව්‍යවස්ථාව කඩා පාර්ලිමේන්තුව විසුරුවාලීම කර ඇතිබව කියූ හත් දෙනා දැන් නීතිය නවයිද?

  4. මාතර සුනිල් says:

    ආඩි හත්දෙනාගේ කැද හැලිය. මුන් රට ගියපුවා, බැංකු ගිණුම් ගැන හොයල බැලුවොත් දැන ගන්න පුළුවන් ගෝලයෝ රොත්තගේ වැඩ ga.

Main News