ජනාධිපති වැඩ කරන්නේ රනිල් කියන විදිහටයි.. විජේදාස එලවීමෙන් ආණ්ඩුවේ අස්ථාවරකම පේනවා..- අස්ගිරි පාර්ශවයේ විරෝධය
August 24, 2017 at 10:00 am | lanka C news
විජේදාස රාජපක්ෂ මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම මගින් මනාව පෙනී යන්නේ වත්මන් ආණ්ඩුවේ ඇති අස්ථාවරකම, නොහැකියාව හා දුර්වලකම බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ සදහන් කරති.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂ නායකයාගේ ඉල්ලීම අනුව කටයුතු කිරීමෙන් අද රටේ දේශපාලන අස්ථාවරභාවය මැනවින් පෙනී යන බවත් පවසන උන් වහන්සේ විජේදාස රාජපක්ෂ මහතා වරදක් කර ඇතැයි පෙනෙන්නට නැතැයිද රටට සිදුවන විපත් පෙන්වාදීම වරදක් නොවන්නේ යයිද උන් වහන්සේ කියා සිටිති.
රාජපක්ෂ මහතා නීතිය ක්රියාත්මක කිරීම ප්රමාද කරන්නේ යයි කියමින් තවත් මන්ත්රීවරුන් පිරිසක් සතුටු කිරීම සදහා නීතියට ඇඟිලි ගැසීම යහපාලනය නොවන බවත් හිමියෝ පෙන්වා දෙති.
මෙම ගැටළුව නිසා ආණ්ඩුවේ පක්ෂ දෙකේම විශාල අර්බුද පවතින බව පෙනෙන බවත් උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.
Janapathita maithri kiyala nama dapu ekata ho ekita maduvalgen Gahanna one.manda me vage ekekgen maithriyak balaporottu venna be.moota danna thibne Vairapala Sirisena kiyala.
Ane hamuduruvane obabshanselata braids me kalakanni amana aanduwata viruddava Santa aaghava nikuth Karanna.
Ane ban mahindata nodi hitapan
Lankave Inna daruvo gana kakkumak thiyenna Ranilata lamai Inna epaya. Lamai nathi evun kohomada lamai gana danne.