ජනාධිපති වැය ශීර්ෂය සම්මතයි.. එජාප පසුපෙල ගාලගෝටියක් වෙයි..

March 13, 2019 at 6:56 pm | lanka C news
ජනාධිපති වැය ශීර්ෂය සම්මතයි.. එජාප පසුපෙල ගාලගෝටියක් වෙයි..

ජනාධිපති වැය ශිර්ෂය අද පාර්ලිමේන්තුවේදී ඡන්දයක් නැතිවම සම්මත විය.

එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි විසින් බෙදීමක් ඉල්ලා සිටියද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල බෙදීමක් අවශ්‍ය නැති බව කීමත් සමග එජාප පසුපෙල මන්ත‍්‍රීන් ඝෝෂාකාරී විය.

එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කියා සිටියේ බෙදීමක් අවශ්‍ය නැති බවයි.

ඒත් සමගින් ජනපති වැය ශීර්ෂය ඡුන්ද විමසීමක් නැතිවම සම්මත විය.

103 views
Main News