ජනාධිපති විජේදාස අස් නොකරයි.. දේශපාලනය ගිණියම්..
August 22, 2017 at 10:45 pm | lanka C news
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි විජේදාස රාජපක්ෂ මහතාට දැනුම් දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් වාර්තා කරයි.
විධායක බලතල භාවිතා කර ඔහු ඉවත් කිරීමට වඩා ඉල්ලා අස්වන්නැයි දැනුම් දීම වඩාත් උචිත යයි ජනාධිපතිවරයාගේ අදහස බවද එහි දැක්වෙයි.
කෙසේ වෙතත් ඇමති විජේදාස රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වන්නේ තමන් ඉල්ලා අස්වුවහොත් වරද පිලිගැනීමක් හා සමාන වන නිසා ඉල්ලා අස් නොවීමටත්, ජනාධිපතිවරයා විසින් ඉවත් කලහොත් හෝ විශ්වාස භංගයකින් ඉවත් කරනු ලැබුවහොත් එය පිලිගැනීමට බව පසුගියදා සදහන් කලේය.
ඇමති විජේදාස රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි අගමැතිවරයා විසින් මේ වන විටත් ජනාධිපතිවරයාට දන්වා ඇතත් ජනාධිපතිවරයා විසින් එම තීන්දුව මෙතෙක් ගෙන නැත.