ජනාධිපති විදේශගත වේ….

December 3, 2021 at 9:00 pm | lanka C news
ජනාධිපති විදේශගත වේ….

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සාමාන්‍ය මගී පර්යන්තය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිටි ගුවන් මගීන් සමග කතාබහක ද නිරත විය.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී
“ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ. මෙහි සිව්වන සමුළුව 2019 වසරේ දී මාලදිවයිනේදී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නොවන අභියෝග” පිළිබඳ පුළුල් සංවාදයට ගනු ලැබීය.

“පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වන සමුළුව හෙට (04) සහ අනිද්දා (05) දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්වේ. මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කෙරේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

– ජනාධිපති මාධ්‍ය අංශය

17,329 views

9 Comments to “ජනාධිපති විදේශගත වේ….”

  1. Lapays says:

    Ranil Wickramasinghe is distinguish guest of this conference and he is making a speech on this conference.

  2. wimalasena H.D. says:

    me sinhala suruttu gon buruwata abudhabiwaladee kathaakoranna deyak netha. moota hariyata englishwath
    beriya. moo ehe giye pradhaana vashayen UAE eken keeyakhari kadaagena uge saakkuwata daagannataya.
    keri surutuwanta den muslim ratawal hondada?

  3. lakshitha says:

    ජනාධිපතිතුමනි, ඔබතුමා ජනාධිපති තනතුරේ සිටිමින් :

    1 General ශවේන්ද්‍ර සිල්වාට අවුරුදු 10 කට රට බාර දෙන්න
    .2 දියවාන්නවේ 225 දෙනාම හැඳි ගැවෙන්නට ඉඩ හරින්න .
    3 රට පාලනයට සුදුසු පිරිස හමුදාව තුලින් පමණක් තෝරා ගන්න
    4 පළාත්සභා අහෝසිකරන්න.
    5 සියලුම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකොට අතිරික්ත සේවකයින් විශ්‍රාම ගන්වන්න.
    6 අවම ගාස්තුවක් අයකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වටිනාකමක් දෙන්න.
    7 ප්‍රාථමික පාසල් අධ්‍යාපනය මෙරටට ගැලපෙන විෂයමාලාවක් යටතේ යාවත්කාලින කරන්න
    8 විද්‍යා දදාති විනයං – පාසල් අධ්‍යාපනයේ තේමාව වියයුතුයි.
    9 පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරන්න
    10 සිසුවිනය විනාශකරමින් සිසුන් නොමගට යොමු කරන ටියුෂන් කඩ තහනම් කොට දුර්වල සිසුන් සඳහා අතිරේක පන්ති පවතන්න.
    11 පාසල් සිසුන් නොවන පිරිසට සුදුසු විධිමත් පවුද්ගලික අධ්‍යාපන ආයතන රජයේ නිර්දේශයන්ට යටත්ව ආරම්භ කිරීම සඳහා උපදෙස් දෙන්න.
    12 සියලුම පවුද්ගලික අධ්‍යාපන ආයතනවලින් ආධායම් බදු ඍජුවම අයකර ගැනීම සඳහා Income Tax නියෝජ්තයෙක් බැගින් ඒ ඒ ආයතනවලට අනුයුක්ත කරන්න
    13 පවුද්ගලික අංශය ශක්තිමත් කරන්න
    14 පවුද්ගලික ආනයන බහාලුම් මධ්‍යස්ථාන වල කාලයක් තිස්සේ රේගු නිලධාරින්ද නොමග යවමින් හොර රහසේ කරගෙන යන මත්කුඩු ජාවාරම් නතර කරන්න..
    15 කුහක නෑදෑයින් සහ හිතය්ෂින් ගෙන් නරකක් මිස හොඳක් සිදු වුයේ නැත. කරුණාකර ඇතින් තබා ගන්න.
    16 සමස්ථ රට තුල විනයවත් පරිසරයක් ගොඩ නගන්න

    • iceberg slim says:

      1 වැනි අදහස ..තුල ඔබගේ අදහස සලකාබලිම තුලින් …16 වෙනි අදහස ඉටුවේවි ද ? ,

      මුන් පිස්සු බල්ලෝ මල්ලි ….

      ඉතිං අපි බලං ඉඳිමු ….කරන්න පුළුවන් එකෙක් තාම නැහැ ,

      මොකද්ද උමබගේ යෝජනාව …කෙලින් ම කියාපන්

      • lakshitha says:

        රටට ආදරය කරන දූෂණයෙන් තොර විනයගරුක මිලිටරි පාලනයක්

    • babi says:

      පිස්සුද බං උබට,

  4. Susantha says:

    අනේ බුදු සර් ආපහු නෑවිත් ඉන්න

  5. Samitha himi says:

    Oba mage rata wenasuwa. Minissu badaginne daruwo andanawa.moda lamayek wage rata kewa. Apasu ennA epa ohomama emericawe hitiya petrol shed ekatama yanna

  6. Jagath says:

    මුළු රාජපක්ෂ සනුහරේම රටින් පනින දවස ලගයි.

Main News